ජීවිතයට ඉඩ දෙන්න
+6
IceCool
ayesh2222
Hitha Honda Kolla
Yohan
omiomira
Mandaram
10 posters
Page 1 of 3 • 1, 2, 3
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8492
Member Since : 2013-08-29
ජීවිතයට ඉඩ දෙන්න
2019-10-30, 10:02 am
"මට හෙට වැඩ" විරේන් ඇගට පතට නොදැනී කියල දැම්මේ මේ මනුස්සයව පිටත් කරන්න හිතාගෙන. කොහොමත් විරේන් තමන් නිදාගන්න මිනිස්සුත් එක්ක මුලු රෑ ම ගෙවන පුරුද්ද නවත්තල ගොඩක් කල්. නිසල් විරේන්ගෙ අතට තට්ටුවක් දාල ඇන්දෙන් නැගිට්ටා. බිම විසිරුණු ඈඳුම් ඇහිඳ ගෙන ම වොශ් රූම් එකට යන ගමන් නිසල් විරේන් දිහා බලල යන්තමින් හිනා වුණා.
විරේන් බැල්කනියට ගියෙ සිගරට් එකක් පත්තු කරන ගමන්. ඉන්දියන් සාගරය හරහා හමන දැඩි සුළං නිසා කීපවතාවක් ම ලයිටර් එකේ ගින්න නිවුනා. මේ වෙලාවට මැරීන් ඩ්‍රයිව් එකේ වාහන අඩු යි. ගමන් කරන වාහන ගියෙත් වේගයෙන්, එක වාහනයක් කොල්ලුපිටිය පැත්තට වේගයෙන් ගමන් කරලා ආයේ එක පාරම යූ ටර්න් එකක් දාල වැල්ලවත්තට ආයේ යන්න ගියෙ පාරේ ඇවිදන් ගිය නිශාචර ගෑනියෙකුත් නග්ගගෙන.
"මටත් ඕන පෆ් එකක්" ටික වෙලාවකින් නිසල් ඔලුව පිහිදන ගමන් බැල්කනියට ආවා. "හවසට මෙතන ලස්සන ඇති."
විරේන් දැවෙන සිගරට් කොටය නිසල්ට දෙන ගමන් ඔලුව වැනුවා.
මුලු අහසම රතුපාට කරගෙන ඉර මුහුදෙ ගිලෙන හැටි විරේන් එක් දහස් එක් වතාවක් දැකල තිබුනා. විරේන් මේ අපාර්ට්මන්ට් එකට කැමති වෙන්නත් එක හේතුවක් ඒක. මුහුද වැලි අතරෙයි ගල් අතරෙයි තෙරපිලා ඉස්සරහට පස්සට යන මුහුදු රළ සද්දෙ තට්ටු ගානක් උඩට උනත් ඇහුනා. සුලු වෙලාවකින් වෙලා ඉවර වෙන ඉර බහින දර්ශනයට වඩා, ඉවර වෙන්නෙ නැති මේ මුහුදු සද්දෙට කල් ගතවෙද්දි විරේන් ආස කලා.
"කෝපි බොනවද?" විරේන් ඇහුවේ අහන්න බලා පොරොත්තු නොවුනු ප්‍රශ්නයක්.
"තැන්ක් යූ, එපා මම යන්නම්." නිසල් සිගරට් එක ඉවර කරල ඇඳුම් අඳින්න පටන් ගත්තා.
විරේන් නිසල් අඳින කල් තවත් සිගරට් එකක් පත්තු කරගත්තා. මේ වගේ එක්වීමකින් පස්සෙ කතා කරන්නේ මොනවද කියල විරේන්ට තේරුමක් තිබුනේ නෑ. අපහසු නිහැඩියාව මකාගන්න සැහැල්ලු කතාබහක් නැතිව විරේන් ගොලුවෙලා හිටියා. මොනවහරි අහන්න විරේන් කීප සැරයක්ම කට ඇරියත් වචන් පිට වුනේ නෑ.
"ඔච්චර සිගරට් බොන්න එපා!" නිසල් විරේන් දිහා නොබලම කිව්වා.
විරේන් කළේ මෝඩ විදිහට හිනා වුණ එක විතරයි. 'ඔච්චර මම ගැන වදවෙන්න ඔයා මගේ කව්ද කියල' අහන එක සැර වැඩියි කියල හිතිල වචන ගිලගත්තා.
"එහෙනම්, සී යූ" නිසල් බැක් පැක් එක කරේ එල්ල ගත්තා.
"මම පහලට එන්නම්." නිසල් තවත් නොකළ යුතු යෝජනාවක් කළා.
ඉක්මනට ඇඳුමක් දාගෙන ගෙදර දොරත් වහලා විරේන් නිසල් එක්ක ලිෆ්ට් එක ලඟට ගියා. ලිෆ්ට් එකේ බට්න්ස් ඔබමින් විනාඩි ගණනක් කාලය නාස්තිකලාට ලිෆ්ට් එක කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. "ශිට්! මේ මගුල අදත් කැඩිලා. දැන් ඉතින් තට්ටු අටක් පහලට බැහැපන් කෝ."
"විරේන් ඉන්න, මම යන්නම්." නිසල් හිනා වුණා.
"ඉට්ස් ඕකේ. අපි යමු."
ළමයින්ට නිදාගන්න වෙලාව හරි කියල තරවටු කරන සද්ද අතරෙන්, නිවෙන්න ඉස්සෙල්ලා කෑම කන්න කියල කැගහන සද්ද අතරෙන්, ටිවී එකේ චැනල් බෙදාගන්න බැරිව බෙරිහන්දෙන සද්ද අතරෙන් විරේන් නිසල් එක්ක පඩිපෙලේ පහලට පඩි ගණන් කළා. තට්ටු ගණනාවකට පස්සේ නිසල් එකපාරටම නැවතිලා බිත්තියට හේත්තු වුණා.
"මහන්සිද? දෙන්න මම බෑග් එක ගන්නම්." විරේන් බලෙන්ම වගේ බෑග් එක ඉල්ල ගත්තා. "අම්මෝ මෙච්චර බර මොකද?"
"ලැප්ටොප් එකයි, ඇඳුම් ටිකකුයි, තව කෑමයි."
"ගෙදර නෙවේද යන්නේ?"
"ගෙදර තමයි. ඊයෙ තිබුන රැලියක් හින්දා කැම්පස් එක වැහුවා." නිසල් හිනාවුණා. "ඉතින් දැන් දවස් ගාණකට ගෙදර."
"අපරාදේ තරුණ කාලෙ." විරේන්ට කියවුණා.
“විරේන්ට වයස කීයද?"
"31යි. ඇයි ඇහුවේ?"
"නිකන්. විරේන් කතාකරන්නේ මට වඩා ගොඩක් වැඩිමල් වගේ."
"මිනිස්සු වයසට යන්න අවුරුදු ගෙවෙන පිලිවෙලට නෙමෙයි." විරේන් එහම හිතුවට කිව්වේ නෑ. තමන්ගෙ ජීවිත කතාවෙන් අංශු මාත්‍රයක්වත් තවත් මනුශ්‍ය ප්‍රාණයක් සමග බෙදාගන්න බැරිව විරේන්ගේ දිව අතුරුදන් වෙලා තිබුණා. ප්‍රශ්නෙට උත්තර දෙන්න වචන ගලපන අතරේ දෙන්නම පහල තට්ටුවට ඇවිත්.
"තැන්ක් යූ, විරේන්." නිසල් බෑග් එක ආපහු ගත්තා. "එහෙනම් මම යන්නම්."
නිසල් යන්න හැරුනා. වීදි ලාම්පු එලි ගේට්ටුව අතරෙන් ආවේ කහ පාටට තීරු තීරු. මූහුදු හුළඟ නිසල්ගෙ කොන්ඩේ අතරින් ගිහින් අතුරුදන් වුණා. ගොඩක් මිනිස්සුන්ගෙ පෙනුම ෆොටොස් වලට වඩා ඇත්තට වෙනස් වුනත් නිසල් සමහර විට ෆොටෝ වලටත් වඩා ලස්සනට හිටියා. ඒත් විරේන් නිසල්ව තමන්ගෙ ගෙදරට ගෙන්න ගත්තේ ලස්සන හින්දම නෙවෙයි. අනිත් මිනිස්සුන් ගෙන් වෙනස් වෙන හරයක්, ගැඹුරක්, ගත යුතු දෙයක් නිසල්ට තිබුනා. දහසක් හිස් මිනිස්සු, හිස් ජීවිත, හිස් සම්බන්දකම් අතරට නිසල් ගැලපුනේ නෑ.
"නිසල්ගෙ ගෙවල් කොහෙද?"
"දඹුල්ලේ. ඇයි මම කලින් කිව්වේ." නිසල් උත්තර දුන්නේ පහත් හඬින්.
සමහරවිට නිසල් කලින් කියන්න ඇති. ඒත් විරේන් අනිත් අයගේ පෞද්ගලික විස්තර මතක තියාගන්න එක අත්හැරල තිබුනා. ආයේ හමු නොවෙන කෙනෙක්ගෙ තොරතුරු දැනගෙන ඇති ඵලේ මොකක්ද. විරේන් හිතුවේ එහෙ ම යි.
"මේ වෙලාවට වාහන තියනවද යන්න?”
"එකට විතර බස් එකක් කොටුවෙන් තියනවා." නිසල් ඔරලෝසුව දිහා බලාගෙන උත්තර දුන්නා. "දහය එකට යන්න වෙන්නෙ නෑ."
දහයට තව විනාඩි විස්සක් තිබුණා. කොටුවට බස් එකක යන්න ගියොත් ඒ වෙලාවට යන්න බැරි වුණත් පෞද්ගලික වාහනයක ගියොත් යන්න පුලුවන්. නිසල් යන හැටි ගැන විරේන් වද වෙන්න ඕන නැති වුණත් නිසල්ට නිකම්ම අත වනලා ආයේ ගෙදරට යන්න බැරි කමක් දැනුණා. නිසල්ගෙ මූණ බලාගෙන "ඕකේ, සී යූ…” කියන්න අමාරු වුණා.
"අර වෙහිකල් එකට නගින්න. මම කොටුවට ගිහින් දාන්නම්." විරේන් තුන්වෙනි වතාවටත් නොකළ යුතු යෝජනාවක් කළා.
"නෑ නෑ පිස්සුද, එහෙම ඕන නෑ. මම ත්‍රීවිල් එකක යන්නම්."
"මේ වෙලාවට කොළඹ වුණත් ටුක් ටුක් හොයාගන්න අමාරුයි."
නිසල් විරේන් දිහා බලාගෙන හිටියා මිසක් මොනවත් කිව්වේ වත් කළේ වත් නෑ.
"නගින්න ළමයෝ, කරදරයක් නෙවෙයි."
නිසල් අදිමදි කරමින් වාහනේට නැග්ගා. විරේන් නිසල් කතා කරන කළ් බලන් හිටියට නිසල් වාහනේට නැගල වීදුරුවේන් එළිය බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ. වීදි ලාම්පු එලි, වේගයෙන් යන වාහන, කෑගහමින් රස්තියාදු වෙන මිනිස්සු පහුකරගෙන වාහනය ඉදිරියට ඇඳුනා. විරේන් රේඩියෝ එක දැම්මේ අපහසු නිහැඬියාව බිඳින්න. ගායිකාවක් අමාරුවෙන් අමාරුවෙන් සින්දුවක් මුමුනන්න පටන් ගත්තා.
කොළඹ අහසේ තරු පෙන්නෙ නෑ. නගරයේ කෘතිම ආලෝකය, දූවිල්ලෙන් දූශනය වුණ අවකාශයට වැටිලා තරු වහගෙන හිටියා. ඉඳල හිටල හඳ විතරක් පෙනුනත් අද හඳ පෙනුනෙත් නෑ. සමහර විට දැනටමත් හඳ බැහැල යන්න ඇති, නැත්තම් හඳ තවමත් පායල නැතිව ඇති.
"විරේන් ඇයි මෙහෙම කරන්නේ?" එකපාරට ම නිසල් ඇහුවා.
"කොහොම කරන්නෙ ද?"
"ඇයි මට උදව් කරන්නේ?" නිසල් විරේන් දිහා බැලුවා. "එහෙම කරන්න ඕන නෑ. මම බලාපොරොත්තු වුණේත් නෑ. අනික මට හිතෙන විදිහට ඔයා එහෙම කරන කෙනෙක් නෙවෙයි."
විරේන්ගෙ හදවත මොහොතකට නැවතුණා. කාලෙකට කලින් සිහිනමය දවසක කැම්පස් එකේ දි රොනාල්ගෙ ඇස් දෙක මුලින්ම ගැටුන හැටි, ඒ දිලිසෙන ඇස්දෙක දැකල විරේන් පිච්චුන හැටි, එයා ඉන්න පන්තිය හොයාගෙන ගිහින් බොරුවට ශිෂ්‍ය සුබ සාධක සංගමයක් ගැන කතාවක් ඇදල ගත්ත හැටි, මහ වැස්සක් මැද රොනාල්ව කිස් කරසු හැටි, මුලු ලෝකෙටම ඇහෙන්න කෑගහන්න හිතුනත් "මම ඔයාට ආදරෙයි" කියල රොනාල්ගෙ කනට කොඳුරපු හැටි, රොනාල්ට බඳින්න කෙල්ලෙක් ඉන්නව කිව්වාම පපුවට කිනිසි දාහක් ඇනුනු හැටි, රොනාල් කෙල්ලෙක් අතින් අල්ලන් පෝරුවට නගිනවා දකිද්දි අඬන්න බැරි කමට හිනා වුන හැටි, චිත්‍රපටියක දර්ශන පෙලක් වගේ විරේන්ගෙ දෑස් ඉදිරියේ පෙනී නොපෙනී ගියා.
"සොරි, මම ඇහුවේ මෝඩ ප්‍රශ්නයක්." නිසල් විරේන්ට තට්ටුවක් දැම්මා. තමන්ට නොදැනීම විරේන්ගෙ ඇස් තෙමිලා තිබුණා. බොඳ වුණු ඇස් වේලුනේ වාහනේ ඒසී එකට.
"ඔයා හිතන තරම් මම හිතක් පපුවක් නැති මනුස්සයෙක් නෙවෙයි." විරේන් කිව්වේ ගොරෝසු කඩහඬකින්.
නිසල් මොනවහරි කියන්න ගිහින් කට වහගත්තා.
වෙලාවට එන්න කොච්චර උත්සහ ගත්තත් දහය පහුවෙලා විනාඩි දහයකුත් ගෙවිල ගිහින් තිබුනා. ඉක්මන් කරල, බෑග් එකත් උස්සගෙන බස් එක නවත්තන තැනට දිව්වට බස් එක ගිහින් ඉවරයි. වෙලාවට කිසිදෙයක් නොවෙන රටේ බස් එක වෙලාවට ගිහින් තිබුනා.
"බස් එක දැන්ද ගියේ?" ලඟ හිටපු වයසක මනුස්සයෙක්ගෙන් විරේන් ඇහුවා.
ඒ මනුස්සයා ඔලුව වැනුවා.
"එහෙනම්?"
"අද දහයේ එක නෑ ලු."
"එතකොට එකට යන එක?"
"කව්ද දන්නේ..." වයසක මිනිහා උවමනාවට එපාවට කියල දැම්ම ම නිසල්ගෙ මූන අඳුරු වුණා.
"අන්කල් කුරුණෑගලට හරි අනුරාධපුරේට හරි එකක් තියනවද?" නිසල් ඇහුවා.
"කුරුණෑගල එකොලහට."
නිසල් සුසුමක් හෙලුවා.
"මමත් යන්න ආවේ ළමයො. දැන් කියනවා බස් නෑ ලු. ආපහු යනවා ඉතින්." වයසක මනුස්සයා තමන්ටම කියමින් යන්න හැරුණා.
"කුරුණෑගලට ගිහින් මොකද කරන්නේ? ඒ බාගයක් දුර විතරයි නේ." විරේන් ඇහුවා.
"බස් එක කුරුණෑගට යද්දි උදේ වෙයි. උදේ වෙද්දි බස් එකක් හොයාගන්න පුලුවන්." නිසල් එහෙම කිව්වේ කිසිම විශ්වාසයකින් නෙවෙයි.
කොටුවේ බස් ස්ටෑන්ඩ් එක කවදාවත් නැතිව නිසන්සලයි. වැඩිය මිනිස්සුත් නැතිව වාහනත් නැතිව බස් නැවතුම්පල පාලුවට ගිහින් තිබුනා. රෑට බඩු අදින මිනිස්සුත්, තොග වෙලෙඳොත් වැඩ කළේ මන්දගාමිව. නිසල් වටපිට බලල ගිහින් පුටුවක වාඩිවුණා. විරේන් කළෙත් ඒ දේ ම යි.
"තැන්ක් යූ, විරේන්" නිසල් විරේන් දිහා බලල හිනා වුණා. "තැන්ක් යූ, මාව ගෙනල්ලා දැම්මට. මම එකොලහ බස් එකේ යන්නම්."
"මම දන්නේ නෑ." විරේන් කිව්වා.
නිසල් ඇස් පුංචි කළා.
"කලින් ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ, මම ම දන්නේ නෑ ඇයි ඔයාට උදව් කරන්නේ කියලා."
"කමක් නෑ. ඔයා හොඳ කෙනෙක් විරේන්, ඔයා ඔයා ගැන හිතනවට වඩා ඔයා හොඳයි."
විරේන් නිසල්ගෙ උරහිස වටේ අත දැම්මේ ඉබේම යි. නිසල් විරේන් දිහා බැලුවේ දිලිසෙන ඇස් එක්ක. විරේන් වටපිට බලල පොඩි හාදුවක් නිසල්ගේ කම්මුලේ තිබ්බා. නිසල්ගෙ මූන රතු වුණේ ඒ එක්ක ම.
"අපි මොනවහරි බොමු?"
"නෑ නෑ, ඕන නෑ, විරේන්ට හෙට වැඩනේ." නිසල් උත්තර දුන්නා. "ගෙදර ගිහින් නිදාගන්න."
"යමු." විරේන් නිසල්වත් ඇදගෙන යන්න නැගිට්ටා.
නවත්තපු බස්, බිම දාපු එළවලු ගෝනි, තැන තැන දාපු කුණු ගොඩවල් සහ වතුර වලවල් අතරින් ගිහින් නයිට් කඩයක් හොයාගන්න පුලුවන් වුණා.
"ඔයා මේ වගේ තැන්වලිනුත් කනවා බොනවා කියල හිතන්න අමාරුයි." නිසල් කට කොනකින් හිනා වුණා.
"එහෙම අවුලක් නෑ." විරේන් රැව්වා. "මට ඕන තැනකින් කන්න පුලුවන්."
"අම්මෝ ඔච්චර තරහා ගන්න එපා." නිසල් විරේන්ගෙ අතින් අල්ල ගත්තා. "හරි හරි මෙතනට යමු."
හොඳට වෙලාව අරන් කොච්චි දාපු වඩේ කාලා රස්නෙන් තේ බිව්වත් එකොලහට තව වෙලාව ඉතිරි වෙලා තිබුනා. නැවතතත් හිමින් හිමින් බස් නැවතුමට ගිහින් ටික වෙලාවක් මදුරුවෝ තල තල කැඩිච්ච් පුටුවල වල වාඩිවෙලා හිටියත් බස් එක ඇවිල්ලවත්, එන සළකුණක්වත් තිබුනේ නෑ. විරේන්ගෙ පෙරැත්ත මත ආයෙත් දෙන්නම විරේන්ගෙ වාහනේට ඇවිත් වාඩි වුණා.
"හෙට යන්න." විරේන් නිසල් දිහා බලලා කිව්වා. "අද ඉඳල හෙට යන්න." ඒ නොකළ යුතුව තිබුන හතරවෙනි යෝජනාව.
නිසල් පුදුම වෙලා විරේන් දිහා බලලා ටිකකින් හිනා වුණා. නිසල් හිනා වෙද්දි කම්මුල වල ගැහිලා, ඇස් පුංචි වෙනවා. විරේන්ගෙ හදවත මොහොතකට පිච්චුනා.
"වෙන වෙලාවක නම් මම හා කියනවා. ඒත් මම අම්මට එන්නම් කියල පොරොන්දු වුණා."
විරේන් ඔලුව වැනුවා.
"ඔයා මට ආදරෙයි නම්, මගේ ජීවිතේ ඉදිරියට යනවට ඔයා කැමති වෙන්න ඕන." රොනාල් බඳින්න කලින් දවසේ කිව්වේ එහෙම.
"ඒ කියන්නේ මම ඔයාට බධාවක් ද?" විරේන් එහෙම ඇහුවේ නැතත්, ඒ ප්‍රශ්නෙට උත්තරය දැනුනා.
රොනාල් විරේන්ගෙ අතින් අල්ල ගත්තා. "ඔයාට ලේසියෙන්ම වෙන කෙනෙක් හම්බ වෙයි."
"මට ඕන වෙන කෙනෙක් නෙවෙයි, රොනාල්." විරේන්ට එකපාරට ම කියවුණා.
"ඒත් මම දැන් වෙන කෙනෙක්ගෙ."
"වෙන කෙනෙක්ගෙ වෙන්න ඔයා මගෙ නොවුනේ කොහොමද?" විරේන් එහෙම අහන එකේ තේරුමක් නැතිව ගිහින් තිබුණා.
"ගුඩ් ලක්, රොනාල්." විරේන් කිව්වා.
"කවුද රොනාල්?" නිසල් ඇහුවා. විරේන් නොදැනම නැවතත් වර්තමානයට ඇවිත් හිටියා.
"කවුරුවත් නෙවෙ යි." විරේන්ට ඕනවට වඩා සද්දෙන් කියවුණා. නිසල් බිම බලාගත්තා.
විරේන් මොහොතක් ගත කලේ උනේ මොකද්ද කියල හිතාගන්න. තවත් මොහොතක් ඇතුලත නිසල්ට කෑගැහුව එකේ වැරැදි බව තේරෙන්න වුණා. ඊලඟ මොහොත සමාව ගන්න වචන එකතු කරගන්න ගත වුණා.
"අයිම් සොරි," විරේන් කිව්වා ම නිසල් ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. "නිසල්..."
විරේන් නිසල් දිහා බැලුවම නිසල්ට නින්ද ගිහින් තිබුනා.
* *. *
එකපාරට ම විරේන්ට ඇහැරුනේ ඇතින් අහුනු වාහන නලා හඬකට. ඉන්නෙ කොහෙද, මොකද කරන්නේ, වාහනේ එහා පැත්තේ නිදාගෙන ඉන්නෙ කවුද කියල මතකයට එන්න විනාඩි කිහිපයක් ගත වුණා. සියල්ල නැවත මතක් වෙලා වෙලාව බලද්දි මැදියම් දොලහට ආසන්න වෙලා තිබුනා. බස් නැවතුම් පලේ ඉතිරි වෙලා හිටියේ සීතලට කොම්බු ගැහුන බල්ලොත්, පුටුවල දිග ඇදුනු යාචකයොත් විතරයි. විරේන් නිදාගෙන ඉන්න නිසල් දිහා ආයෙත් බලල වාහනය පණ ගන්ව ගත්තා.
කොහෙද යන්නේ, ඇයි යන්නේ කියල හිතන්නේ නැතිවම වාහනය ඉදිරියට ඇදුනා. කඩවත, පස්යාල, වරකපොල පහුකරගෙන යද්දි විරේන්ට තේරුනා, තමන් නොදැනම ගමන් කරමින් ඉන්නේ දඹුල්ලට බව. කොළම අහස මග ඇරල කුරුණෑගලට ලංවෙද්දි ඇතුගල ලඟින් නැගෙන රිදී පාට හඳ හොඳින් නැතත් පෙනුනා. තරු නැතත් අහසෙ හඳ හිටියා.
"අපි මේ කොහෙද?" ඈනුමක් අරින ගමන් නිසල් ඇහුවා.
"අපි කුරුණෑගල පාස් කාළා."
"මොකක්?" නිසල්ගෙ ඇස් පිම්බුනා. "ඔයාට පිස්සුද? ඇයි ඔයා මෙහේ?"
"මට නින්ද ගියා, ඔයාටත්. ඇහැරිලා බලද්දි බස් එක ගිහින්, ඉතින් මම ඩ්‍රයිව් කලා."
"ඒත් ඇයි?"
"ඔයා එනවා කියලා අම්මට පොරොන්දු උනා කිව්වනේ."
"ඔව් ඒත් ඇයි?" නිසල් ඔලුව වැනුවා. "ප්ලීස් කා එක නවත්තන්න."
"ඇයි?" විරේන් නිසල් දිහා බැලුවා.
"ඇයි! ඔයාට පිස්සුද විරේන්. ඔයාට මේවට ගෙවන්න මට බැහැ."
"දැන් ඔයාගෙන් මම සල්ලි ඉල්ලුවේ නෑනෙ. මට සල්ලි ඕන නෑ."
"දන්නවා," නිසල් විරේන් දිහා බැලුවා. "ඔයාවගේ හැන්ඩ්සම් සල්ලිකාර කොල්ලෙක්ට මට දෙන්න දෙයක් නෑ කියල. දෙන්න තිබුන එකම දේත් ඔයාට දීලා ඉවරයි."
"මොනවද නිසල් මේ කියවන්නේ?" විරේන් වාහනය පාරේ පැත්තකින් නැවත්තුවා. "මෝඩ කතා කියන්න එපා!"
"ඔව් මම මොඩයි තමයි, මේ මොඩයට මෙහෙම කරන්න එපා විරේන්, පව්."
"කොහොම කරන එකද?" විරේන් රැව්වා. "මම උදව් කරන එක?"
"මට බලාපොරොත්තු දෙන එක."
විරේන් ඒකට උත්තරයක් දෙනන්න කට ඇරියත් වචන පිට වුණේ නෑ. වහනයත් පරිසරයත් අපහසු නිශ්ශබ්දතාවයකින් පිරිල ඉතිරිලා ගියා. නිසල් ජනේලයෙන් අහස මුදුනේ ඉන්න හඳ දිහා බලන් හිටියා. කන්ටේනර් එකක් සද්දෙන් වාහනය පහුකරන් ගියේ අහසත් වහගෙන.
විරේන් නැවතත් වාහනය පණ ගැන්නුවා.
"මට ගෙදරට පාර කියන්න." විරේන් කිව්වා. "ආයේ යන්නත් ඕනනේ."
නිසල් මොහොතක් විරේන් දිහා බලන් ඉඳල ඔලුව වැනුවා.
නිසල්ගෙ ගෙදර ලඟට එද්දි ඉර නගින්න ඔන්න මෙන්න. ලා සීතලකුත්, ඊට වඩා ලොකු මහන්සියකුත්, නිදිමතකුත් විරේන්ට දැනුනා. නොදැනීම ඈනුමක් යද්දි නිසල් යන්තමින් හිනා වුණා. නිසල්ගෙ ගෙදර චාම් නමුත් ලස්සන පොඩි ගෙයක්. මිදුලේ තිබුනේ වැලි, තැනින් තැන මල් ගසුත්, ගේ පැත්තෙන් ලොකු මල් වැලක් එල්ලිලා හිටියේ මලුත් එක්ක ම යි. ගෙදර පිලේ පැදුරක් එලලා තිබුනා. නිසල් දොරට තට්ටු කලහම නිසල්ගේ අම්ම ඇවිත් දොර ඇරියා.
"ආ පුතේ පරක්කු උනා නේද එන්න?"
"ඔව් අම්මා." නිසල් හිනා වුනා. "මේ විරේන්, මගෙ යාලුවෙක්."
"නිසල්ගෙ ගම බලන්න ආවේ." විරේන්ට ඉබේම කියවුණා.
"ආනේ," නිසල්ගෙ අම්ම විරේන් දිහා බලල හිනා වුනා. "එන්න ළමයි ගෙට, මහන්සිත් ඇතිනේ. මම තේ හදන්නම්."
නිසල් විරේන් එක්කගෙන කාමරයට ගියා. විරේන් මුලින්ම දැක්කේ ඇඳ. තමන් හිතුවට වඩා මහන්සිවෙලා තිබුනා. විරේන් සපත්තුයි, ශර්ට් එකයි ගලවල ඇඳේ ඇල වුනා. කොට්ටෙන් ආවේ නිසල්ගෙ සුවඳ. විරේන්ට හිනා ගියා. රාත්‍රිය පටන් ගත්ත විදිහයි, අවසන් වෙන විදිහයි ගැන පුදුම වුණා. නිසල් ජනේලේ ඇරියම පෙනුනේ බැහැගෙන යන හඳේ චායාව.
"විරේන් දැන් නිසල්ගෙ ගම බලන්න ද ආවේ?" කියල නිසල් හිනා වෙනවා ඇහුනේ නින්දෙන් වගේ.
"ඔව්." කියල උත්තර දුන්නේ ඇත්තටමද හීනෙන්ද කියල විරේන්ට පැහැදිලි නෑ. ඒ වුනත්, නිසල් දිගටම හිනා වෙනවත්. එක වෙලාවක විරේන්ව පෙරවනවා වත්, ඔලුව අතගානවා කියලත් විරේන්ට යන්තමින් තේරුනා. තේරිලා යන්තම් හිනාගියා. ඒ හිනාව දැකල නිසල්ට සැනසුම් සුසුමක් පිටවුණා.

Tylor and Wenuka like this post
- omiomiraRegular Member
- Country : Sri Lanka
Posts : 62
GetReal Gold : 4143
Member Since : 2018-10-03
Re: ජීවිතයට ඉඩ දෙන්න
2019-10-30, 12:30 pm
hambo kathawa nam patta pata pata
niyamai
supiri
digatama liyamu bro all da best
niyamai
supiri
digatama liyamu bro all da best
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31
Re: ජීවිතයට ඉඩ දෙන්න
2019-10-31, 4:47 am
ජිවිතයට ඉඩ දෙන්න අපිට ඉඩක් නැති හැටි....
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03
Re: ජීවිතයට ඉඩ දෙන්න
2019-10-31, 6:25 am
ඇත්තටම පට්ට කතාවක්.
- ayesh2222memebrs with 1 post
- Mood :
Country : Australia
Posts : 1
GetReal Gold : 3306
Member Since : 2019-10-24
Re: ජීවිතයට ඉඩ දෙන්න
2019-11-03, 10:03 pm
ane meka novel ekak wage liyannao.mama asama widihata liyala thiyenne.harima emotional.harima kalathurakin me wage deep feelings walin katha kiyawanna hambenne.pls thawa liyanna
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31
Re: ජීවිතයට ඉඩ දෙන්න
2019-11-04, 8:04 am
මන්දාරාම් මේ උබ කරලා තියෙන්නෙ නොකලා යුතු වැඩක් ... මෙහෙම කල් අද්න්න එපා අයිසෙ මෙක ලියනවා ඉක්මනට ..
- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6473
Member Since : 2016-07-07
Re: ජීවිතයට ඉඩ දෙන්න
2019-11-06, 12:00 pm
කාලෙකට පස්සෙ හිතට දැනෙන මොකද්ද මංදා මහ අමුතු එකක්.. !!!
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03
Re: ජීවිතයට ඉඩ දෙන්න
2019-11-07, 5:59 am
මොකක් වගේ එකක්ද මල්ලියා?IceCool wrote:කාලෙකට පස්සෙ හිතට දැනෙන මොකද්ද මංදා මහ අමුතු එකක්.. !!!
- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6473
Member Since : 2016-07-07
Re: ජීවිතයට ඉඩ දෙන්න
2019-12-03, 12:41 pm
අර..අර වගේ එකක් අයියා...Hitha Honda Kolla wrote:මොකක් වගේ එකක්ද මල්ලියා?IceCool wrote:කාලෙකට පස්සෙ හිතට දැනෙන මොකද්ද මංදා මහ අමුතු එකක්.. !!!
- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6473
Member Since : 2016-07-07
Re: ජීවිතයට ඉඩ දෙන්න
2019-12-03, 12:47 pm
මේකෙ ඉතුරු ටිකත් ලියන්නකො.මෙතනින් ඉවර නෑ නේද
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31
Re: ජීවිතයට ඉඩ දෙන්න
2019-12-03, 6:14 pm
මේක කෙටිම කතාවක් කියලා පස්සේ තෙරුනේ ... හම්
වටේ ගිහින් බලනවා අපේ ටවුන් එකත් බලල යන්න කවුරු හරි අවොත්
වටේ ගිහින් බලනවා අපේ ටවුන් එකත් බලල යන්න කවුරු හරි අවොත්
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5127
Member Since : 2018-01-24
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-01-14, 9:03 pm
Meka liyanne nadda heeeeee goda kalekata passe awe exam karaneee 2nd shy 1st ekata wada pass eth campus yanna madi mata wish karapu ayage wishes me parath labei kiyala hithanawa... ow mama 3rs ekak karanawa old syllabus ai enne nane. Thank u all. Aiye ikmanata kathawa liyanna
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-01-18, 5:54 am
අනිවා මල්ලියා. ආයේ පාරක් කරන්න. දිනුම් කනුව ලඟට යනකන් ගේම අතහරින්න එපා. වැටි වැටි නැගිටින්න. මේ පාරවත් කැම්පස් යන්න පුලුවන් විදිහට පාස් වෙන්න කියලා පතනවා. ඒත් මේ පාරවත් උනන්දුවෙන් ඉගෙන ගන්න උත්සහ කරන්න.Tylor wrote:Meka liyanne nadda heeeeee goda kalekata passe awe exam karaneee 2nd shy 1st ekata wada pass eth campus yanna madi mata wish karapu ayage wishes me parath labei kiyala hithanawa... ow mama 3rs ekak karanawa old syllabus ai enne nane. Thank u all. Aiye ikmanata kathawa liyanna
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-04-16, 3:00 am
කෙටි කතාවක් බව දැන දැනත්.......
තව දිගට කියවන්න හිත බල කරනවා............
තව දිගට කියවන්න හිත බල කරනවා............
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8492
Member Since : 2013-08-29
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-07-19, 12:37 pm
~ දෙවන කොටස ~
විරේන් ආයේ නැගිටිද්දි දවල් වෙලා තිබුනා. නිසල් ගේ ඇතුලෙන් කතා කරන සද්දයක් ඇහුනා. අම්මත් එක්ක වෙන්න ඇති. විරේන් නැගිටල කාමරේ පුරා ඇවිද්දා. කාමරේ පොඩි යි, හැබැයි පිලිවෙල යි. බිත්තියේ නිසල්ගෙ පොඩි කාලේ ඉඳල ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කල් සිදුවීම් වල ෆොටො එල්ලලා තිබුනා. හැම එකකම නිසල් දත් පේන්න හිනා වෙලා හිටියේ. ඒක නිසල්ගෙ පුරුද්දක් වෙන්න ඇති. කොච්චර තරහ වුනත්, දුක් වුනත් නිසල් හිනා නොවී හිටියේ නෑ.
විරේන් ශර්ට් එක ඇඟට දාගෙන ගෙදර වත්තට ගියා. පේන තෙක් මානෙක තිබුනේ ගස්, ඈතින් විතරක් තවත් ගෙදරක චායාවක් තිබුනා. ඉර මුදුන් වෙලා තිබුනත් වත්ත පුරා ගස් තිබුන නිසා වැඩිය රස්නයක් දැනුනේ නෑ. විරේන් සිනිදු වැලි පොළවේ ඇවිද්දේ සෙරෙප්පුත් නැතිව. විරේන් ඇවිදින වාරයක් පාසා වැලි ඇඟිලි අතරින් රූටල ගියා, ඒක ළදරු වැඩක් වුනත්, ඒකෙන් විරේන් සරල සතුටක් වින්දා.
"ආ නැගිටලා...” නිසල් මිදුලට එන ගමන් ඇහුවා. "බඩගිනිද? අපි කමුද?"
"වොශ් එකක් දාගන්න ඕන." විරේන් හොඳට අත් දෙක දිග ඇරලා ඈනුමක් ඇරියා.
"වොශ් රූම් නම් නෑ, අපි ලිඳට යමු." නිසල් ලැජ්ජාවෙන් හිනා වුණා.
ළිඳ තියෙන්නේ ගෙට ටිකක් ඈතින්, ළිඳ වටේ ගල් බැම්මකුත්, වතුර එකතු කරන්න ලොකු සිමෙන්ති බේසමකුත් තිබුනා. විරේන් වතුර අදින්න දරපු අසාර්තක උත්සහයන් කිහිපයකට පස්සේ නිසල් වතුර ඇදල දෙන්න ඉදිරිපත් වුණා. වතුර බාල්දි දෙසීයකට විතර පස්සේ විරේන් නාල ඉවර වුණා. නිසල් නාල ඉවර වෙන්න වැඩි වෙලා ගියේ නෑ.
"තැන්ක් යූ" විරේන් කිව්වා.
"තැන්ක් යූ කියන්න ඕන මම." නිසල් හිනා වුණා. "මට තවම හිතා ගන්න බැහැ ඇයි විරේන් එහෙම කලේ කියල."
"මොනවද?"
"හැම දේම..." නිසල් බිම බලාගත්තා.
"මම ආවේ ඔයාගෙ ගම බලන්න. වෙන මොකටවත් නෙවෙයි."
නිසල් උත්තර නොදුන්නට නිසල්ගෙ ඇස් දිලිසුනා.
"අද මොකද කරන්නේ?" රොනාල් බැඳල මාස තුනහ මාරකට පස්සේ විරේන්ට කතා කලා.
"මම... වැඩ...” විරේන් ආමරුවෙන් වචන ගැට ගහගත්තා.
වෙඩින් එකෙන් පස්සේ විරේන් රොනාල් එක්ක වචනයක් වත් කතා කලේ නෑ. කතා කරන්න උත්සහ කරත්, කතා කරන්නේ මොනවද කියල හිතාගන්න අමාරු වුණා. තමන්ට කවදාවත් රොනාල් ට වෛරකරන්න බැරි බව විරේන් දැන ගත්තත් කලින් වගේ ආදරේ කරන්නත් බැරි බව විරේන්ට ආයෙ අමුතුවෙන් කියන්න වුනේ නෑ. කොහොම වුනත් රොනාල් ගෙ වැඩ නිසා එක විදිහකින් විරේන්ගෙ හිත ගල් වුණා. ඒ ගලේ ලොකු අකුරෙන් කොටල තිබුනේ රොනාල් බැඳපු මනුස්සයෙක් කියන එක.
"රෑට මොකද කරන්නේ?" රොනාල් තෙපර බෑවා.
"ඇයි අහන්නේ?"
"මම දන්නේ නෑ විරේන්, මට පිස්සු වගේ, මේ ගෑනිත් එක්ක ඉඳලා මට එපා වෙලා තියෙන්නේ." රොනාල් වචන අහුලන්න ගත්තා. "මම මහ මෝඩයෙක් විරේන්. මට සමාව දෙන්න පුලුවන්ද?"
අවුරුදු ගණනාවක් වගෙ දැණුනු තප්පර කිහිපයක් ගත වුණා. විරේන් රොනාල් ගෙ හුස්ම හඬ අහන් හිටියා මිසක් උත්තර දුන්නේ නෑ. පපුවේ කිනිසි දාහක් ඇනිල ඇති වුණු තුවාල පැසවලා වේදනාව වැඩි කමට හිරි වැටිල තිබුනා. අමතක කරන්න අසාර්තක උත්සහ දරමින් තිබුනු පරණ මතක නැවතත් උඩ විසි වුනේ විරේන්ගෙ හිතේ රතු එලි දලවමින්.
"මම ඔයාට ආද-"
"මට මීට පස්සේ කතාකරන්න එපා රොනාල්!” විරේන් කෝල් එක කට් කළා.
"මේ අයියා නලුවෙක් නේද?" විරේන් කන අතරේ කෙල්ලෙක් ඇහුවා.
නිසල් ගේ අම්මා හදල තිබුන ගමේ කෑම වල රසට විරේන් දෙසැරයක් කෑම බෙදාගත්තා. පොඩි කෑම මේසයක් තිබුනත් කවුරුවත් එතන වාඩි වුණේ නෑ. හැමෝම කුස්සියට වෙලා හිටියා. නිසල් කාලා පොඩි බංකුවක වාඩි වෙලා විරේන් කන දිහා බලන් හිටියා. සැරින් සැරේ නිසල්ගෙ අම්මා කෑම බෙදලා ගියේ එපා කියද්දි යි. එතකොට ම යි, නිසල්ගෙ පෙනුමට සමාන පෙනුමක් තියන කෙල්ලෙක් කුස්සියට ඔලුව දැම්මේ.
"මේ මගෙ නංගි, එයාගෙ කටට බ්‍රේක් නැහැ.” නිසල් පැහැදිලි කළා. “වැඩිය කියන දේවල් ගනන් ගන්න එපා."
විරේන් හිනා වුනා. "කලින් කමර්ශල් ටිකකයි මියුසික් විඩියෝස් දෙක තුනකයි හිටියා."
"ඒක තමා මේ ළමයව දැකල පුරුදු." නිසල්ගෙ අම්ම කිව්වා.
"නිසල්ට නිදිමත නැද්ද?" කාල ඉවර වෙලා ආයෙත් දෙන්නම නිසල්ගෙ කාමරේට ආවා. විරේන් දවල් වෙනකල් නිදාගත්ත නිසා නිදිමතක් තිබුනේ නෑ. විරේන් ඈඳේ හාන්සි වෙලා ෆෝන් එක ඔහේ ඔබ ඔබ හිටියා.ඇඳේ අනිත් පැත්තේ ඉන්න නිසල් දිහා බලල විරේන් ඇහුවා.
"විරේන් හරි ප්‍රසිද්ධයි වගේ. නොදන්න කෙනෙක් නෑ." නිසල් හිනා වුණා. "ඒත් ඇයි ඔයා ඒ වැඩ නැවැත්තුවේ?"
විරේන් ඒකට උත්තර දුන්නේ නෑ. ඇත්තටම දෙන්න උත්තරයක් විරේන්ට තිබුනෙත් නෑ. රොනාල් ගියාට පස්සේ ඒ අඩුව පුරව ගන්න්න කරපු බොරු දේවල් වලින් තවත් එකක් ඒ කියල කියන්න විරේන්ගෙ කට ඇරුනේ නෑ.
"හරි හරි, ඕකට මූන එල්ල ගන්න එපා." නිසල් විරේන්ගෙ අතින් ඇල්ලුවා. "අපි යමු තව ටිකකින් නාන්න."
"අපි දැන් නෑවනේ...”
“ඔව් ඒත් ඔයේ නෙවෙයි නේ."
ඔයට යන්න නිශ්චිත පාරක් නෑ. බොරලු පාරවල් කිහිපයක් පහු කරන් ගෙවල් කීපයක මිදුල් හරහා ගිහින් තමයි ඔයට යන්න තියෙන්නේ. මිනිස් පරිබෝජනයෙන් දූශනය නොවුනු ගල් තලා සහ ගස් වලින් වටවුනු මේ වගේ ලස්සන නිසංසල තැනක් තිබීම ගැන විරේන් පුදුම වුනා. ඈතින් පොඩි ළමයි ටිකක් සෙල්ලම් කරමින් හිටියා ඇරෙන්න මුලු පරිසරයම නිදහස්.
විරේන් ගලක වාඩි වෙලා කකුල වතුරේ ඔබා ගත්තා. ටික වෙලාවකින් නිසල් කරෙත් ඒක ම යි.
"අද ඉඳල යන්න." නිසල් බිම බලාගෙන කිව්වා. "මම දන්නවා අපේ ගෙදර පහසුකම් නෑ තමයි, ඒත් අදම ඔයා ගියොත් අම්මගෙ හිත රිදෙයි."
විරේන් ඔලුව වැනුවා. "හිටියොත් මොනවද දෙන්නේ?"
"මට දෙන්න තියෙන්නේ මොනවද කියලා විරේන් දන්නවනේ." නිසල් විරේන් දිහා බැලුවා.
"විහිලුවක් කරේ." විරේන් හිනා වුනා. "මම ඉඳල යන්නම්, මට මොනවත් එපා."
"මොනවත් ම එපා!?” ඒ පාර හිනා වුනේ නිසල්.
විරේන්ට උත්තර දෙන්න ලැබුනේ නෑ, නිසල් ඔයට පැනල පීනන්න ගත්තා. විරේන් මොහොතක් බලන් ඉඳල නිසල්ව අනුකරනය කලා. ඔය දෙපස වැඩුනු විශාල මාර ගස් වල අතු අතරින් බැහැගෙන යන ඉර එලිය වැටුනේ තීරු තීරු රටාවකට. විරේන් වතුරේ පාවෙන ගමන් අතු අතරින් අහස දිහා බලන් හිටියා. ගොඩ කාලෙකට පස්සේ විරේන්ට දැනුනා තමන් මේ ලෝකයේම කොටසක් බව.
ටික වෙලාවකින් තරමක් ඈතින් ඔයට පවුලක් ඇවිත් නාන්න ගත්තා. අම්මයි තාත්තයි චූටි ළමය යි. ඒ මනුස්සයා නිසල්ව දැකල අත වැනුවා. නිසල් ගොඩට ගිහින් කතා කලාට විරේන්ට මුකුත් ඇහුනේ නෑ. පොඩි ළමයා අම්මත් එක්ක වතුරේ දඟලමින් කෑගැහුවා. නිසල් අතරින් පතර හිනා වුනා. නිසල් කතාව ඉවර කරේ ඒ මනුස්සගෙ පිටට තට්ටුවක් දාලා.
"යාලුවෙක් ද?" නිසල් ආවහම විරේන් ඇහුවා.
"ඔය කොල්ලට ඉස්සර මම මාර කැමතියි." නිසල් උත්තර දුන්නා. "ඒත් ඌට මම යාලුවෙක් විතර යි."
"මොකද වුනේ ඉතින්?"
"මුකුත් ම නෑ. මගෙ ඒක පාර්ශවික ආදරේ මම ප්‍රකාශ කළේ නෑ, එයා එයාගෙ ආදරෙ කෙල්ලෙක්ට ප්‍රකාශ කලා." නිසල් සුසුමක් පිටකළා. “දැන් බැඳලා ළමයෙකුත් ඉන්නවා.”
"සමහර වෙලාවට, අපි ආදරේ කරන අයව එයාලට හොඳක් වෙන්න නිසා අත් අරින්න වෙනවා." විරේන්ට කිය වුණේ ඉබේ ට ම යි.
නිසල් මොනවහරි කියන්න ගිහින් කට වහගත්තා. විරේන් හිතුවේ තමන් කට වහගෙන හිටිය නම් හොඳයි කියලා. විරේන් ආයෙත් අහස දිහා බැලුවා. ඉර එලිය ක්‍රමයෙන් අඩුවෙලා ගිහින් අහස කලු පාට වෙමින් තිබුනා. වවුලෝ කිහිප දෙනෙක් අතු අරින් පියාඹගෙන ගියේ අතු හොල්ලමින්, ශබ්ද කරමින්..
"යමුද?" නිසල් ඇහුවා. "රෑ වේගෙන එනවා."
විරේන් ඇඳුම් ගෙනාවේ නැති නිසා අඳින්න වුනේ නිසල්ගෙ ඇඳුම්. ඇඳුම් වල කපුරු සුවඳට යටින් යන්තමින් නිසල්ගෙ සුවදක් දැනුනා. එක විදිහකින් ඒ නිසල් තමන්ව බදාගෙන ඉන්නවා වගේ. විරේන්ට මොහොතකට ඇස් පියවුණා.
"අම්මට පන්සල් යන්න ඕන කිව්වා." ආයෙත් ගෙදරට ඇවිදින ගමන් නිසල් ඇහුවා. "අපිත් යමු ද?"
විරේන් ඔලුව වැනුවේ බැහැ කියන්න. විරේන් කොහොමත් ආගමික මනුස්සයෙක් නෙවෙ යි. බොරුවට ලෝකෙට පේන්න පන්සල් පල්ලි යන මිනිස්සු ගැන පැහැදීමක් විරේන් ට තිබුනේ නෑ. නිසල්ගෙ අම්මා එහෙම නෙවෙයි වෙන්න කොච්චර ඉඩ තිබුනත් විරේන්ට තමන්ගෙ මතය අමතක කරන්න අමාරු වුණා.
"නිසල්ට යන්න ඕන නම් යන්න, මම ගෙදරට වෙලා ඉන්නම්, අවුලක් නෑ."
නිසල් ටික වෙලාවක් විරේන් දිහා බලන් ඉඳල ඔලුව වැනුවා.
"නෑ නෑ, කමක් නෑ..."
මොහොතකට කවුරුවත්ම කතා කළේ නෑ. නිසල් කිහිප වතාවක්ම විරේන් දිහා බලනවා විරේන් දැක්කත් නොදැක්කා වගේ හිටියා. ඉබාගාතෙ යන බල්ලෙක් දෙන්නෙක් ඇරුනම පාර පාලුවට ගිහින් තිබුණා.
බාගෙට පිරුනු හඳෙන් පාලු බොරලු පාරට වැටුනේ රිදී පාට එලියක්. කොළඹ අහසට වඩා මෙහෙ අහස පැහැදිලි යි, හඳ තරු තද නිල් පාට අවකාශයේ දීප්තිමත් ව දිස්නෙ දුන්නා. හිරිගඩු නන්වමින් සිසිල් සුලඟක් හමාගෙන ගියේ ඒ එක්ක ම යි. විරේන් නැවතිලා නිසල්ගෙ උරහිස වටේ අත දැම්මා.
නිසල් විරේන් දිහා බලල හිනා වුනේ ඇස් වලින්. බාගෙට පිහිදැමුනු කොන්ඩෙ හඳ එළියෙන් දිලිසුනා. විරේන් නිසල්ගෙ කොන්ඩෙ අතරින් ඇඟිලි යැව්වේ, ලොකේ පළවනි වතාවට සිනිඳු දෙයක් අල්ලපු මනුස්සයා වගේ. ඒ පාර නිසල් හිනා වුනේ ඇත්තට ම යි. ඒත් නිසල්ට වැඩි වෙලා හිනා වෙන්න බැරි වුණා, ඒ විරේන් නිසල්ව සිප ගත්ත හින්දා. නිසල් විරේන්ව තදින් බදාගත්තා.
විරේන් නිසල්ගෙ තොල් අතර අතරමන් වුනා. ඒ මොහොතේ වෙන කිසිම දෙයක් මතක් නොවී මේ විශ්වයේම ඉන්න එකම කෙනා, නිසල් විතරක් ම වුනා. සෑහෙන කාලෙකට පස්සේ විරේන්ට තේරුනා තමන් තවමත් ජීවතුන් අතර කියන එක. ඒ එක්කම විරේන්ගෙ ඇස් කැවිලා දන්න ගත්තා. නිසල් සිපගන්න එක නවත්තල විරේන්ගෙ කම්මුල පිහිදන්න ගත්ත ම යි විරේන්ට තමන් නොදැනි ම කඳුලු ඇවිත් කියල තේරුනේ.
"මේ ඇහැට රොඩ්ඩක් ගියා." විරේන් අහක බලා ගත්තා.
"ඔහොම කරන්න එපා, විරේන්. " නිසල් විරේන්ගෙ අතින් අල්ල ගත්තා. "ඔයාට දැනෙන දේ දැනෙන්න ඉඩ දෙන්න."
රොනාල් සියදිවි හානි කරගත්තා කියල දැනගෙන සතියකට පස්සේ, ඇස් රතු කරගත්ත රොනාල්ගෙ වයිෆ් විරේන් ව හම්බ වෙන්න ආවා. කොච්චර අඩන්න උත්සහ කලත්, ඒ ආරච්චිය ලැබුන වෙලාව ඉඳලා විරේන් ගොලු වෙලා හිටියා. අඬන්නත් බැරිව, කන්නත් බැරිව, නිදාගන්නත් බැරිව, විරේන් අවකාශයේ හිර වුන අමුතු සත්වයෙක් බවට පත් වුණා. ඒත් ශෙහාරගෙ ඇස් රතු වෙලා තිබුනේ දුකෙන් නෙවෙ යි, තරහවෙන්.
"මමත් ඉඳල ඉඳල බැඳ ගත්තේ පොන්නයෙක්." ශෙහාරා මිමිණුවා. "ඒ රොනාල් ගේ හින්දා නෙවෙ යි, තමන් වෙනුන් තමන්ට තීරනයක් ගන්න කොන්දක් නැති වුන හින්දා."
විරේන් ඔහේ බලන් හිටියා මිසක් උත්තර දුන්නේ නෑ.
"ඔයාට එහෙම කියද්දි තරහ යනවද විරේන්?" ශෙහාරා රැව්වා. "බලන් ගියහම, ඔයාටනේ එයා ආදරේ කරල තියෙන්නේ."
"මට එයා ඇත්තටම ආදරේ කලා නම් මේ කිසි දෙයක් මේ විදිහට වෙන්නේ නෑ." විරේන් එහෙම කිව්වේ නෑ.
"මේ හැම දෙයක්ම තමුසේ හින්දා!" එකපාරම ශෙහාරා කෑගැහුවා. "තමුසෙට කවදහරි වෙන්නෙත් ඔය දේ ම තමයි."
"ශෙහාරා හිතන්නේ මට දුකක් නෑ කියල ද? තරහ නෑ කියල ද?" විරේන් වචන ඇහිලුවා.
"දන්නවා, සමහර විට මට වඩා තමුසෙට දුක ඇති කියල දන්නවා." ශෙහාරා කේන්තියෙන් පිපිරුවා. "ඒක හින්දම තමා මට කේන්ති."
ශෙහාරා එදා ගියේ විරේන්ගෙ කම්මුලට වැරෙන් ගහලා. කම්මුල රතුවෙලා, තොල පැලිලා ලේ ගැලුවත්, කන් ඇහෙන්නෙ නැති තරමට පහර වැදුනා වුනත් විරේන්ට කිසිම දෙයක් දැනුනේ නෑ. විරේන් නම් පිටසක්වල ජීවියා. කිසිම දෙයක් නොදැනී, නොතේරි ශෙහාරා යන හැටි බලන් හිටියේ, ප්‍රේක්ශකාගාරය චිත්‍රපට දර්ශන පෙලක් බලනවා වගේ.
"මට මේක කරන්න බැහැ නිසල්..." විරේන් කිව්වා. "මට සමා වෙන්න. මම යනවා."
විරේන් දුවන්න ගත්තා. නිසල් විරේන්ගෙ පස්සෙන් දුවන ගමන් විරේන්ට නවතින්න කියලා කෑගැහුවත් විරේන්ට නවතින්න බැරි වුණා. රොනාල් මැරිලා කියල ආරංචි වුනහම මහ පාර මැද්දේ කලන්තෙ දාල වැටුන හැටි, හොස්පිටල් එකට ගිහින් මීනි ගොඩක් අස්සේ ඒ විකල් වූ සිරුර රොනල් ම යි කියල තහවුරු කරපු හැටි, රොනාල්ගෙ අප්‍රාණික කය දෙන මත තියෙන හැටි, විරේන්ගෙ හිතේ හොල්මන් කළා. හොල්මන් එන්න එන්න විශාල වෙලා, තමන්ගෙ අත්වලින් කකුල් වලින් ඇදල වද දුන්නා.
විරේන්ට නොතේරීම නිසල්ගෙ ගෙදරට ඇවිත් තිබුනා. ඉක්මනට කාමරේට ගිය විරේන් තමන්ගෙ බඩු එක් රැස් කරගන්න ගත්තා. ආයෙත් එලියට එද්දිම නිසල් විරේන්ව නැවැත්තුවා.
"ඇයි මේ?" නිසල්ගෙ ඇස් රතු වුනා.
"මම යනවා නිසල්." විරේන් බිම බැලුවා. "අයිම් සොරි..."
"ඒත් ඇයි?"
"මම මහ පවුකාරයෙක් නිසල්." විරේන් නිසල්ගෙ අතින් අල්ල ගත්තා. "ඔයා අහිංසක යි, අවංක යි, පුදුම විදිහට කරුණාවන්ත යි. ඔයාට මාව ගැලපෙන්න නෑ නිසල්."
විරේන් එලියට ගියේ නිසල්ගෙ අත ඇරලා. නිසල් කිහිප සැරයක්ම විරේන්ට නවතින්න කිව්වත්, විරේන් නවතින්නේ නැතිව ගිහින් වාහනේට නැගලා වාහනය පණ ගැන්වුවා. රාත්‍රී කලුවර අතරින් වාහනය ඉදිරියට ඇදෙද්දි කණ්ණාඩියට පෙනුනේ මිදුලට වෙලා විරේන් යන දිහා බලන් ඉන්න නිසල්.
මොහොතකට විරේන්ගේ ඇස් බොඳ වුනා. විරේන් ඉක්මනට ඇස් පිහිදගෙන වාහනේ ඒසි එක උපරිමට වැඩි කරගත්තා. කඳුලු එලියට එන්නත් කලින් ම වේලුනත් ඇස් කෙවෙන එක නතර වුනේ නෑ. කිලෝමීටර කිහිපයකට පස්සෙ සීතල වැඩි වෙලා ඉන්න බැරි තැන ආයෙත් ඒසි එක නවත්තල වාහනේ ජනෙල් ඇරියම යි විරේන්ට තේරුනේ තවමත් ඇඳගෙන ඉන්නේ නිසල්ගෙ ශර්ට් එක බව.
~ අවසන් කොටස බලාපොරොත්තු වන්න. ~
Page 1 of 3 • 1, 2, 3
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|