ජීවිතයට ඉඩ දෙන්න
+6
IceCool
ayesh2222
Hitha Honda Kolla
Yohan
omiomira
Mandaram
10 posters
Page 2 of 3 • 1, 2, 3
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8492
Member Since : 2013-08-29
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-07-19, 12:50 pm
ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි. මේ කතාව එක කොටසක් විතරක් ලියල ඉවර කරන්න හිතපු එකක්. ඒත් තව ලියන්න කියල ඉල්ලීම් තියනව දැක්කම නොලිය ඉන්න බැරි වුණා. මාව ඒහෙම තල්ලු කලාට ස්තුතියි.
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5127
Member Since : 2018-01-24
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-07-20, 6:17 pm
Lassanai aiye anith kotasath ikmanatama danna... budusaranai
- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6473
Member Since : 2016-07-07
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-07-21, 9:39 pm
ලස්සනයි bro. විරේන්ට නිසල්ව නැති වෙන එකක් නෑ.
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-07-22, 10:05 pm
මන්දාරම් උබ නොකළ යුතු තවත් වැඩක් කරලා .. කොහොම හරි .. අවසානය සුන්දර වෙන තරමට කැමති...
Its your emoji
Its your emoji
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-08-02, 6:10 pm
මේ පුතත් කොමෙන්ට් අඩු නිසාද නොලියා ඉන්නෙ...
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8492
Member Since : 2013-08-29
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-08-04, 5:42 pm
~ අවසාන කොටස (නිසල්ගෙ කතාව) ~
ලෙක්චර්ස් ඉවර වෙද්දි හවස් වුණා. කැම්පස් එක මාසයක් විතර වහල තිබුන නිසා ලෙක්චර්ස් වල වෙලාව ඕනවට වඩා ඇදුනා. දවස පුරා පාඩම් වල ඇහුම්කන් දීලා එපා වුණත් ලෙක්චර්ස් කට් කරන්න බැරි පැමිණීම බලන හින්දා. බිල්ඩින් එකෙන් එලියට එන්න යද්දි තමයි දැන ගත්තේ හොඳටම වහිනවා කියලා. අහසම පොළවට කඩන් වැටෙන්න තරම් තදින් වැස්සත්, කුඩයක් ගෙනියන පුරුද්දක් නොතිබුන නිසා යන්න බැරිව හිටගෙන බලන් ඉන්න වුණා.
"නිසලයා! යමු." මගෙ අතිජාත මිත්‍රයා, හශේන් කතා කළා. "මම බස් හෝල්ට් එකට ගිහින් දාන්නම්."
මම ඔලුව වැනුවා. හශේන් ගෙ අබලන් වුණු කුඩෙන් යනවට වඩා හොඳයි කුඩයක් නැතුව යනවා. "උඹ පලයන්, ටිකකින් අඩු වෙයි."
හශේන් උරහිස් අකුලල යන්න ගියා. අනිත් ළමයනුත් එකින් එක අඩු වුණත් වැස්ස අඩු වෙන පාටක් වත් නෑ. වැස්ස යි හවස යි එකතු වෙලා පරිසරය ඉක්මනින්ම අඳුරු කරලා තිබුණා. වැස්ස අඩුවෙන කල් ඉන්න බැරි තැන මම ගස් අතරින් ගොඩනැගිලි අස්සෙන් වැස්සෙන් බේරිලා යන්න අසාර්ථක උත්සහයක් දැරුවා. අන්තිමට බස් හෝල්ට් එකට එද්දි ශර්ට් එක තෙත් වෙලා.
හෝල්ට් එකේ එක හිඟන මනුස්සයෙක් බිම වැටිලා හිටියා ඇරෙන්න වෙන කවුරු වත් හිටියේ නෑ. වහලේ තැන් තැන් වල ඇති හිල් වලින් වතුර බින්දු රූටා වැටුනා. වාහන බස් හෝල්ට් එක ලඟින් ඉගිල්ලිලා ගියේ වට පිටාව වතුරෙන් නාවගෙන. විනාඩි ගණනාවකට පස්සේ බස් එකක් ගාට ගාට ඇවිත් නැවැත්තුවා. බස් එකට ඉක්මනින් ගොඩ වුනත් බස් එක නවත්තන් හිටියේ තවත් මගීන් එකතු කර ගන්න.
බස් එකේ ජනේලයේ වීදුරුවට පාරේ ලයිට් කණුවෙන් ආව මලානික එළිය නිවි නිවි වැටුනේ රටාවකට. පහන් කණුවේ එළිය වැටුන මොහොතකට ජනේලයෙන් බස් හෝල්ට් එක පැහැදිලිව පෙනුණා. හෝල්ට් හිටපු මනුස්සයා ඔලුව උස්සලා මම දිහා තප්පරයකට බලල ආයේ නින්දට වැටුනා. මට මොහොතක් ගත වුණා ඒ මම දැකල පුරුදු කෙනෙක් කියල තේරෙන්න.
විරේන් අඳුන ගන්න බැරි තරමට වෙනස් වෙලා. මූන පුරා රැවුල වැවිලා ඒ ලස්සන මූන වැහිලා තිබුණා. අපිලිවෙල කොන්ඩේ, මඩ ගෑවුනු අඳුම් අතරේ විරේන් හැංගිලා මතුපිටට පෙනුනේ හිඟන්නෙක්ගෙ පෙනුමක්. නැවතත් පහන් කනුවේ ආලෝකය නිවිලා ගියේ පරිසරය අඳුරේ දමමින්. ඒ එක්කම බස් එක පණ ගන්වලා ඉදිරියට ඇදෙන්න ගත්තා. මම බස් එකෙන් එළියට පැන්නේ හිතන්න කාලය පරක්කු කරන්නේ නැතිව ම යි.
ඊට පස්සේ දේවල් සිද්ද වුණේ බොහොම ඉක්මනට. මම විරේන් ගාවට දුවනවත්, එයාව උස්සගෙන වැස්සේ තෙමීගෙන ත්‍රීවිල් එකකට ගොඩ වෙනවත්, මතකය අවුස්සලා විරෙන්ගෙ ගෙදර හොයා ගන්නවත්, අමාරුවෙන් අමාරුවෙන් විරේන්ව ගෙදරට අරන් එනවත් මම කොහොම කළාද කියල හිතාගන්න අමාරු යි. මම කලින් කාටවත් මෙච්චර දෙයක් කරල නැති වුණත් ඒවා ස්වයංක්‍රීයව මගේ අනිත් සිද්ද වුණා. විරේන් බැටරි බැහැපු රොබෝ කෙනෙක් වගේ ඔහේ හිටියා.
විරේන් තෙමුනු ඇඳුම් අයින් කරලා, වොශ් රූම් එකට ගිහින් නාවන්න වුණා. මඩ හේදිලා ගියත් විරේන්ගෙ බීමත්කම අඩුවෙලා ගියේ නෑ. මේ සියලු දේ කරද්දි විරේන් මොනවද මිමිනුවත් කියන්නේ මොනවද කියල එයාටවත් තේරෙන්න නැතුව ඇති. වොශ් රූම් එකෙන් එලියට යද්දි ම විරේන් වමනේ කලා. මම විරේන්ව නැවත වත්තම් කරගෙන කොමඩ් එක ලඟට ආවා. වමනෙ යාම විනාඩි පිහිපයක් පමණක් වෙන්න ඇති වුණත් ඒක දැනුනේ පැය ගානක් වගේ.
"නිසල්..." කට හෝදගත්තට පස්සේ විරේන් ඇහුවා. "ඔයා ම ද මේ?"
විරේන්ගෙ කටහඬ බැරැන්ඩි වෙලා, අහන් ඉන්න අමාරු වුණා, මම විරේන් දිහා බැලුවා. බාගෙට පිහිදැමුනු කොන්ඩෙ අතරින් විරේන්ගෙ ඇස් හොඳමට රතු වෙලා බව පෙනුනා. විරේන්ට තවමත් තනිවම හිටගන්න බැරිව සින්ක් එකට හේත්තු වුණා. මම විරේන්ගෙ අතින් අල්ල ගත්තා.
"යමු නිදාගන්න" මම විරේන්ව නැවත්තත් ඇඳට එක්කන් ගියා.
ඇඳට දැම්ම ම විරේන් නිදා ගනි යි කියල හිතුවත් එහෙම වුනේ නෑ. කාලයක් යනකල් මට මොනවහරි කියන්න උත්සහ ගත්තා. මුමුනන ගමන් එයාට නොදැනිම නින්ද ගියා, ඒත් ආයෙ නැගිටලා කතාකලා. ආයේ නින්ද ගියා, ආයෙත් ඇහැරුනා. මේ චක්‍රය කොච්චර කල් නැවත නැවතත් වුණා ද කියල මතක නැති වුණත්, මට මම නොදැනිම මොහොතක් නින්ද ගිහින් ආයේ ඇහැරෙද්දි විරේන් නිදාගෙන හිටියා.
මට එතකොට යි මතක් වුනේ මම තවමත් ඇඳන් ඉන්නේ තෙමුනු ඇඳුම් කියලා. මම ඇඳුම් මාරු කරගන්න විරේන්ගෙ කබඩ් එක ඇරියම දැක්කා මගේ පරන ටී ශර්ට් එකත් තියනවා. එදා ගෙදරින් එද්දි ඇඳගෙන ආපු එක. මගෙ පරණ, එයා කිසිම විදිහකටත් අදින්නේ නැති විදිහේ එකක් එයා තවම තියාගෙන ඉන්න එක ගැන මම වැඩිය හිතන්න ගියේ නෑ. විරේන්ගෙ මට හරියන ඇඳුමක් ඇඳගෙන, වමනෙ නිසා ජරා වුනු වොශ් රූම් එක අස් කරන්න ගියා. ඒත් එතනින් අස් කිරීම අවසන් වුනේ නෑ.
කාමරෙන් එලියට ආයෙ ඇවිත් බලද්දි විරේන්ගේ අපාර්ට්මන්ට් එක කලින් වතාවට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙන බව පෙනුනා. තැන තැන බාගෙට කාපු කෑම පිගන්, බීපු බීපු තැන බියර් කෑන්, ගලවපු ගලවපු තැන අඳුම් හැම තැනම විසිරිලා තිබුනා. පිලුනු කෑම, හැලුනු මත්පැන් එක්ක එක්ක එකතුවෙලා ගෙදර අප්‍රසන්න වෙලා.
මට නිදාගන්න කොහොමවත් පුලුවන් කමක් තිබුනේ නෑ. ආයේ ලැහැස්ති වෙලා ගෙදර යන්න කිහිප වතාවක් හිතුනත් ඒක කරන්න බැරි කමක් දැනුනා. නොසන්සුන් කමක් එක්ක මතුවුන කාළකන්නි හැඟීමක් නිසා මම, පටන් ගන්න තැනකුත් ඉවර කරන්න තැනකුත් නොදැන ම ගෙදර අස් කරන්න ගත්තා.
ගෙදර අස් කරල, හෝදල, මොප් කරල, අතුගාල ඉවර වෙද්දි සෑහෙන වෙලාවක් ගිහින් තිබුණා. උදේ වෙන්න ලංවෙලා තිබුනා. ආයේ වොශ් එකක් දාගෙන මම විරේන්ගෙ එහා පැත්තෙන් ඇඳේ ඇල වුණා. විරේන් තවමත් නිදාගෙන හිටියේ කිසිම වගක් නැතිව, නිසොල්මනේ. මම විරේන් බොහොම සෙමින් හුස්ම ගන්න දිහා බලන් හිටියා.
එදා දඹුල්ලේ මාව දාල ගියාට පස්සේ අපි කතා කළේ නෑ. මම කිහිප වතාවක් ම විරේන්ට කෝල් කලත් ඒ කෝල් ආන්සර් කළේ නෑ, ආයේ මට කෝල් කළෙත් නෑ. අසාර්තක උත්සහයන් ගණනාවකට පස්සේ මම කෝල් කරන එක අත් ඇරියත්, විරේන්ව හිතින් අතාරින්න අමාරු වුණා. අපි මුන ගැහිලා තිබුනේ එක වතාවක් විතරක් වුණත් කාලයක් ඉඳල දන්න කෙනෙක් වගේ මට විරේන්ව දැනෙන්න ගත්ත හේතුව මම දන්නේ නෑ. ඒකට උත්තර හෙව්වට හම්බ වුනේත් නෑ.
විරේන්ව අමතක කරන්න කියල මොළය කිව්වත් හිත ඊට හරස් වෙලා ආයෙත් විරේන්ව මට මුන ගැහුනොත් මොනවද කියන්නේ කියලා එක් දහස් එක් වතාවක් හිතින් අවස්තා හැදුවා. ඒ හැම අවස්තාවක්ම අවසාන වුණේ එක එක විදිහට වුණත්, ඒ හැම හීනෙකම විරේන් හිටියේ සැබෑවට මුන ගැහුනු මේ විදිහට නෙවෙ යි. විරේන් බේබද්දෙක් වගේ බීලා පාරේ වැටිලා ඉඳි යි කියලා මට හීනෙන්වත් මට හිතන්න අමාරු වුණා.
* * * * *
මම ආයේ ඇහැරෙද්දි දවල් වෙලා තිබුණා. මට එහා පැත්තෙන් නිදාගෙන හිටපු විරේන් ඇඳේ හිටියේ නෑ. මම හිමින් නැගිටල ගිහින් බලද්දි විරේන් කොන්ඩේ කොටටම කපල රැවුල කපමින් හිටියා. ලස්සන මූන දැන් පෙනුනත් කෙට්ටු වෙලා, මලානික වෙලා, ඇස් බොඳ වෙලා තිබුනා. විරේන් මාව දැක්කත් මොනවත් කිව්වේ නෑ, එයා දිගටම එයාගෙ වැඩේ කරගෙන ගියා. මම විරේන් ළඟට ගිහින් පිටිපස්සෙන් එයාව බදාගත්තා. එයාගෙ දරදඬු පපුව මොහොතකින් සංසුන් වුණා, සුසුමක් පිට වුණා.
විරේන් රැවුල කපල ඉවර වෙලා මගේ පැත්ත හැරිලා, මාව තදින් බදා ගත්තා. විරේන් මගේ උරහිසට ඔලුව තියාගෙන වැඩි වෙලා ඉන්න නැති වුණත් මට ඒ කාලය දැනුනේ කල්පයක් වගේ. ටිකකින් මගෙ උරහිස තෙත් වුණා. මම විරේන්ගෙ ඇස් වලින් ගලන කඳුලු පිහිදැම්මට ඒවා නැවතුනේ නෑ, මම නවත්තන්න කිව්වේත් නෑ. මගේ කකුල් රිදිලා වෙව්ලන කල් මම විරේන්ව වත්තම් කරගෙන හිටියා.
"ඔයාට තාමත් මාව එපා වෙලා නැද්ද නිසල්?" සෑහෙන කාලෙකට පස්සේ විරේන් ඇහුවා.
"ඔයාව මට කවදාකවත් එපා වෙන්නේ නැති වෙයි විරේන්." මම විරේන් දිහා බැලුවා.
"ඒ වුණාට ඔයාට එහෙම වෙයි." විරේන් ගිහින් ඇඳේ වාඩි වුණා.
මම විරේන්ගේ එහා පැත්තෙන් වාඩි වුණා. "මෙහෙම කියනවට සමා වෙන්න, මම දන්නේ නෑ ඔයයි රොනාල් කියන කෙනයි අතරේ මොනවද වුණේ කියලා, ඒත් මම දන්නවා ඔයා එයා නිසා ගොඩක් දුක් වුණා කියලා. මම රොනාල් නෙවෙයි, එයා වගේ වෙන්න ඕනත් නෑ. ඒත් ඔයාට ඕන මම ඔයා ගාව ඉන්න නම්, ඔයා කැමති තාක් කල් මම ඉන්නම්. මම ඔයාව දාල යන්නේ නෑ, සත්තයි."
විරේන් මගේ දිහා බලන් හිටියේ රතු වුණු ඇස් වලින්. විරේන් මොහොතකින් ඔලුව වැනුවේ එයාට මාව විශ්වාස කරන්න අමාරුයි කියන්න වගේ.
"ඊයේ විරේන් ආවේ මාව හම්බ වෙන්නද?" මම ඇහුවා.
"ඊයේ? හෙහ්" විරේන් හිනා වුණේ එයාට ම යි. "මම දවස් කීයක් ආවද කියල මට ම අමතක යි."
මගෙ පපුව පිච්චුනා. "ඒත් ඇයි? මට කෝල් කරන්න තිබුනනේ."
"මමත් දන්නෙ නෑ..." විරේන් අතමිටි මෙලවුණා.
මම විරේන්ගේ අතින් අල්ලගෙන එයාගෙ ඇඟිලි අතරින් මගේ ඇඟිලි යැව්වා. "මම දන්නවා ඔයාට මාව විශ්වාස කරන්න අමාරු යි. සමහර විට ඔයාට දුන්න පොරොන්දු ඔයා විශ්වාස කරපු අය කඩල ඇති. ඒත් ප්ලීස් මම බොරු නෙවෙයි කියන්නේ කියලා ඔප්පු කරන්න මට අවස්තාවක් දෙන්න."
විරේන් එක පාරටම නැගිටල කබඩ් එක ඇරල මොනවද හොයන්න ගත්තා. ආයේ විරේන් ආවේ පුංචි පෙට්ටියක් අතේ තියාගෙන. විරේන් පෙට්ටිය ඇරලා මුද්දක් අතට ගත්තා.
"මේක මම රොනාල්ට දෙන්න ගත්ත එකක්." විරේන් වචන ඇහිලුවා. "මේක මම එයාට දුන්නම මේක එයාට පොඩි වැඩි වුණා. ඒත් මට ආයේ වෙන එකක් එයාට දෙන්න වුනේ නෑ, එයා ඊට කලින් මට කිව්වා එයා බඳින්න යනවා කියලා. මේ මුද්ද එයාට අයිති වුණේ නෑ. මේක රොනාල්ගෙ මුද්ද කියල හිතන්න එපා. මේක දැන් අයිති ඔයාට."
විරේන් මගේ අත අරගෙන මුද්ද දැම්මා. පුදුමෙකින් වගේ ඒක ගැලපුනා. ඒ අවස්තාවේ ඇඬුනේ මට යි. ඒකට ප්‍රතිචාරයක් විදිහට විරේන් මාව සිප ගත්තා.
* * * * *
විරේන්ට එයාගෙ අම්මා කතා කරල කිව්වා ඩිනර් වලට එන්න කියලා. මම ආපහු යන්නම් කියල කිව්වත් විරේන් ‘බැහැ’ කියන උත්තරය මගෙන් බාරගන්න කැමති වුණේ නෑ. විරේන් එයාගෙ අම්මව මාසයක් විතර මග ඇරපු එකට එයාට අහන්න ලැබෙන බැනුම් වල සැර මම ඉන්න නිසා අඩු වෙයි කියල යි විරේන් හිතුවේ. ඒත් එකපාරට ම මමත් එක්ක ගිය නිසා තරහ වැඩි වෙයි කියලා මම හිතුවා. මට වඩා එයාගෙ අම්මා ගැන දන්නේ විරේන් නෙ කියල මම කට වහ ගත්තා.
හවස් වෙනකල් අපි කාලය ගතකළේ එකට. අපි කෑම ගෙදරම ඉව්වා කෑවා, ටිවී බැලුවා, එයත් එක්ක විඩියෝ ගේම් එකක් ගහන්න කිව්වම ඒකත් කළා. මේ හැම අවස්තාවක ම විරේන් හිටියේ සතුටින් කියලා එයා නොකිව්වත් පෙනුනා, එයා සතුටින් නිසා මමත් සතුටු වුණා. මොහොතකට අපි දෙන්නට ම බාහිර ලෝකයත්, බාහිර ලෝකයේ ඇති ප්‍රශ්නත් අමතක වුණා. මොහොතකට අපි දෙන්නට හිටියේ අපි දෙන්නා විතර ම යි. ඒ මොහොත, ඒ වගේ ම අවස්තා දහස් ගාණනක් බලාපොරොත්තු කරවන්න තරම් ශක්තිමත් වුණා.
එයාගෙ ගෙදර යන්න මට ඇඳුමක් තොරලා දුන්නේ විරේන් ම යි. මම කැමති විදිහේ එකක් නොවුනත් එයා තෝරල දීපු නිසා ප්‍රතික්ශේප කරන්න මට අමාරු වුණා. අඳුර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපි වාහනේට ගොඩ වුණා. විරේන් මැරීන් ඩ්‍රයිව් එකේ දෙහිවල පැත්තට වාහනය පදවගෙන ගියා. ඒත් එකපාරම විරේන් වාහනය පාරෙ අයින් කරල නැවැත්තුවා.
"රොනාල් බොඩි එක තිබුනේ මේ හරියේ..." විරේන් මුහුද දිහා බලාගෙන කිව්වා.
මම විරේන් දිහා බැලුව ම විරේන්ගේ මූණේ තිබුනේ දුකක් ම නෙවෙ යි. කලකිරීමක්, අසරණ බවක් සහ වෙහෙසක් ඇස් වල තිබුනා. රොනාල්ට මොකද වුණේ කියල දැනගන්න උවමනාවක් තිබුනත් හාරලා අවුස්සලා ප්‍රශ්න කරලා විරේන්ගෙ හිත තවත් රිද්දවන්න බැරිකමක් දැනුනා. එයාට හිතුන වෙලාවක පුලුවන් වෙලාවක කියපු දෙන්. මම විරේන්ගෙ අතින් අල්ලා ගත්තා.
ඉර අහස රතු කරගෙන මූදේ ඈතම කොණක ගිලෙමින් හිටියා. සුපුරුදු විදිහට මුහුද ඉදිරියටත් පසුපසට ඇඳුනේ කිසිම වගක් නැතිව. මුහුද රළ සද්දේ යන්තමින් නමුත් වාහනය තුලට කාන්දු වුණා. විරේන්ගේ මුහුනට බැහැගෙන යන ඉරෙන් තද තැඹිලි පාට එලියක් වැටුණා..
"රොනාල් මැරුණට ඔයා මැරුණේ නෑ විරේන්." මම කිව්වා. "ඔයාගේ ජීවිතේට ඉඩ දෙන්න."
මම කිව්ව දේ ටිකක් සැර වැඩි යි කියල හිතුනත් මම පරක්කු වැඩි යි. විරේන්ගෙ අත මිට මෙල විලා, ඇස් හීනි වුණා. ඒත් ඒ තරහව වැඩි වෙලා තිබුනේ නෑ.
"මට ඔය දේ ම ගොඩක් අය එක එක විදිහට කියල තියනවා." විරේන් මම දිහා බලලා කිව්වා. "ඔයා කියපු විදිහට වෙන කෙනෙක් කිව්වනම් මගෙන් ගුටි කන්න තිබුනා. ඒත් මොකක් හරි හේතුවකට මට ඔයත් එක්ක තරහ වෙන්න පුලුවන් කමක් නෑ."
විරේන් මම දිහා බලන් ඉඳල හිනා වුණා. ඒ මෙතෙක් වෙලා විරේන් සැබෑව ට ම හිනා වුණු පළමු වතාව. මොහොතකට විරේන්ගෙ ඇස් දිලිසුනේ එයාගෙ ඇස් වල තිබුන දුක මගහරිමින්.
"ඔයාගෙ අම්මට මම කවුරු කියලද කියන්නේ?" මම කතාව මාරු කළා.
"මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා." විරේන් නැවතත් වාහනය පණගන්ව ගත්තා.
මගෙ මූනේ තිබුන පුදුම වීම දැකල විරේන් හිනා වුණා. "බය වෙන්න එපා, අම්මලා දන්නවා මම ගේ කියලා."
මම ඔලුව වැනුවා. ඒ එක්කම විරේන්ගෙන් අහන්න ප්‍රශ්න වැලක් ඔලුවට ආවත් මේ ඒවා අහන්න අවස්තාව නොවන නිසා මම කට වහගත්තා.
"එතකොට මම ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ද?" මම හිනා වුණා.
"ඔව් හස්බන්ඩ් වෙනකල්, බෝයි ෆ්‍රෙන්ඩ් තම යි." විරේන්ගෙ උත්තර දෙනකොට එයාගේ ඇස් දිලිසුනා.
අවසාන යි.
Sajith and Tylor like this post
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8492
Member Since : 2013-08-29
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-08-04, 5:52 pm
ඔන්න දැම්මා, බොහොම ස්තුතියි.Tylor wrote:Lassanai aiye anith kotasath ikmanatama danna... budusaranai
බොහොම ස්තුතියි. නෑ එහෙම වෙන එකක් නෑ.IceCool wrote:ලස්සනයි bro. විරේන්ට නිසල්ව නැති වෙන එකක් නෑ.
හෙහ් හැමදාම ඇදගෙන නානවනේYohan wrote:මන්දාරම් උබ නොකළ යුතු තවත් වැඩක් කරලා .. කොහොම හරි .. අවසානය සුන්දර වෙන තරමට කැමති...
Its your emoji
අපෝ නෑ, කමෙන්ට් තිබුනත් නැතත් ලියනවා කියලා කිව්වා නම් ලියනවා.Yohan wrote:මේ පුතත් කොමෙන්ට් අඩු නිසාද නොලියා ඉන්නෙ...
Yohan likes this post
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-08-05, 7:16 am
ඔෆිස් එකට ගිහින් කොමෙන්ට් එකක් දාන්නම්
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29
Re: ජීවිතයට ඉඩ දෙන්න
2020-08-06, 10:50 am
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5127
Member Since : 2018-01-24
Re: ජීවිතයට ඉඩ දෙන්න
2021-01-09, 12:33 pm
Ada aith mula indan mama kiyauwa harima lassanai aiye........ hithe thiyana paluwa nathi wenna mehema site ekak hadapu ayatai me wage hithata danena katha liyana oyalatai sahenna thank u pin...... palu kammali welawata kathwak kiyauwam dawasam e kathawa gana hithala hina wela inna puluwan
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8492
Member Since : 2013-08-29
Re: ජීවිතයට ඉඩ දෙන්න
2021-01-12, 6:47 pm
තවම ඔෆිස් ගිහින් නැතුව ඇති මම හිතන්නේYohan wrote:ඔෆිස් එකට ගිහින් කොමෙන්ට් එකක් දාන්නම්
සහන් wrote:
කතාව කියෙව්වට, කැමැත්ත ප්‍රකාශ කළාට බොහොම තුතිTylor wrote:Ada aith mula indan mama kiyauwa harima lassanai aiye........ hithe thiyana paluwa nathi wenna mehema site ekak hadapu ayatai me wage hithata danena katha liyana oyalatai sahenna thank u pin...... palu kammali welawata kathwak kiyauwam dawasam e kathawa gana hithala hina wela inna puluwan
- Yohan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 146
GetReal Gold : 5815
Member Since : 2016-10-31
Re: ජීවිතයට ඉඩ දෙන්න
2021-01-13, 6:26 am
කොරොනා නිසා යන්න වුනේ නැහැ මේ .. එ දවස් වල හිදලා උබේ කතා වල අමුතුම මේව්වා එකක් තියෙනවා නේ..
පුලුවන්ද තව එක කතාවක් ලියන්න
මට මෙහෙමත් හිතෙනවා .. අපිට උබේ අදර කතා මෙච්චර දැනෙනවා නම් උබ වැල කතාවක් ලිව්වොත් එහෙම කොහොම දැනෙයි ද කියලා..
පුලුවන්ද තව එක කතාවක් ලියන්න
මට මෙහෙමත් හිතෙනවා .. අපිට උබේ අදර කතා මෙච්චර දැනෙනවා නම් උබ වැල කතාවක් ලිව්වොත් එහෙම කොහොම දැනෙයි ද කියලා..
- Tylor+ 100 Posts
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5127
Member Since : 2018-01-24
Re: ජීවිතයට ඉඩ දෙන්න
2021-06-06, 10:21 pm
Man hithanne me 4 weni paara man meka aith kiyauwa eth epa wennenun na e tharamata asai e kathawata moko danne na habei 🤪
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9824
Member Since : 2015-05-03
Re: ජීවිතයට ඉඩ දෙන්න
2021-06-17, 5:17 am
ඔන්න මාත් මේක කියෙව්වා. හරිම ලස්සනයි.
Sheron likes this post
- Wenukamemebrs with 1 post
- Mood :
City : Nugegoda
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 1905
Member Since : 2021-09-23
Re: ජීවිතයට ඉඩ දෙන්න
2021-09-23, 4:50 pm
ඇත්‍තටම ලස්සන කතාවක්
Page 2 of 3 • 1, 2, 3
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|