Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4114 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගෙම වෙන්න මතු දවසක

+16
azores
මල් මල් රුවන්
Isura
Shan Sahan
Esala
chathura1122
Sithija
Hasun
sandaru799
Mandaram
Jith
සහන්
thavisha
kasunx
Siyapath
shevan
20 posters
Go down
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9236
Member Since : 2013-08-09

මගෙම වෙන්න මතු දවසක Empty මගෙම වෙන්න මතු දවසක

2014-02-08, 3:41 am
Message reputation : 100% (6 votes)
මගෙම වෙන්න මතු දවසක Beauti10
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13720
Member Since : 2013-01-26

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-08, 9:04 am
Message reputation : 100% (1 vote)
wow thawath aluth ekak
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12477
Member Since : 2013-05-31

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-08, 10:28 am
Message reputation : 100% (1 vote)
එල එල ! පටන් ගමු ඉක්මනටම !
Anonymous
Guest
Guest

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-08, 1:09 pm
ඔයා නම් දෙයියෙක් නෙවෙයි දේවලයක්   banana  banana 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12144
Member Since : 2013-07-29

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-08, 4:36 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13740
Member Since : 2013-01-29

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-08, 5:58 pm
Message reputation : 100% (1 vote)
තවත් එකක්. එල  banana
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8869
Member Since : 2013-10-18

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-08, 7:26 pm
Message reputation : 100% (1 vote)
මෙන්න මේකට තමයි හැකියාව වගේම දක්ෂතාවය කියන්නෙ......................    pride   pride   pride   pride 
සාලිය කිව්වා වගේම දේවාලයක්........................  kiss   
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9236
Member Since : 2013-08-09

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-11, 2:57 am
Message reputation : 100% (8 votes)

පළවෙනි කොටස

මට හිතුනෙම
එදා හැන්දෑවත් වෙනද වගේම තමයි කියලයි. හැමදාමත් වගේ මිදුලට වැටුණු අන්තිම අවුව බින්දුවත් අරගෙනම ඉර අවරට ගියා. ඒත් ලාවට ඉතුරු වුණු එළිය නිසා ආලෝක මාත්‍රයක්වත් මං වෙනුවෙන් ඉතුරු කරල ගිහින් කියලත් හිතුණා. හිතා බලන්න කියල නම නාමෙකටවත් මනසක් නැති ඉරටත් එහෙම හිතෙනව වුනත් දිවෙන් දිව ගාගෙන හිටපු මහා මනසක් තියෙන මිනිස්සු හිතක් පපුවක් නැතිව ගන්න සමහර තීරණ නිසා ලැබුණු අප්‍රියජනක අත්දැකීම් නිසා මම, පායගෙන එන ඉර දිහා නොබලා බැස යන ඉර දිහා විතරක් බලාගෙන හූල්ලන්න පුරුදු වෙච්ච මිනිහෙක් බවට පත්වෙලා. ඒත් අන්තිම එළිය බින්දුව දකින හැම නිමේෂයකම අඩුම තරමෙ මේ ඉතුරුකරල ගියපු එළිය වගේ ජීවිතේ අංශුමාත්‍ර දෙයක් මං වෙනුවෙන් ඉතුරු කරන කෙනෙක් ගැන මං බලාපොරොත්තු තියාගෙන හිටියා.

*****    *****     *****     *****     *****     *****     *****

“මං උන්නෙ පුතා සඳලංකාවෙ ඉස්කෝලෙට දාන්න. බලං ගියාම මේකා මං හිතුවට වැඩිය මහ හපනෙක් නොවැ“

“කවුද ඉතිං හිතුවෙ අපේ පරම්පරාවෙ එකෙක්ට කොලොම්පුරේ ඉස්කෝලෙකට යන්න ඇහැක් වේය කියල?“

“ඕං පුතේ දැන් අපි කවුරුවත් ළග නැති එකේ පරිස්සමට ඉන්නොනා.“

“ඔව්
ඔව් මේ ලංකාවෙ හතරදිග්බාගෙන්ම එන ළමයි ඉන්නෙ. කාගෙ කවුද කියල දන්නෙත් නෑ. මොන මොන කල් කිරියා තියෙනවද දන්නෙත් නෑ“

ටික ටික කල් යද්දි ආනන්දෙ හොස්ටල් එක එහෙට ආපු දවස්වල වගේ කම්මැලි තැනක් වුනේ නැ. මං තනියෙන් ජීවිතේට පුරුදු වුණා. වෙනද වගේ උදේට බත් කටක් කවන්න මගෙ අම්ම මගෙ ළග උන්නෙ නෑ. රෙදි ටික හෝදල දෙන්න වෙනද වගේ
ලොකු අක්ක එහේ හිටියෙත් නෑ. උණක් හෙම්බරිස්සාවක් හැදුනත් සද්ද නැතිවම ඉන්න මං හුරු වුණා. ඒත් එදා බැරිවුණු ගොඩක් දේවල් තනියම කරගන්නත් ඉගෙන ගන්නවගේම මං හපනෙක් වෙලා කියලයි නිවාඩුවට ගෙදර ගියපු වෙලාවලදි අම්ම නං කිව්වෙ.


“කවුද පුතේ අර යාළුවා.“

“එයා රත්නපුරා දිහෑවෙ.“

“නම ගම එහෙම කොහොමෙයි.“

“නම නං නිමල්සිරි. ගම කියල අම්ම ඇහුවෙ වාසගම වෙන්නැති?“

“නෑ ඉතිං යාළුවො වුණත් ගැළපෙන කෙනෙක් වෙන්න එපාය“

“අම්ලගෙත් විකාර. නිමල්සිරිගෙ තාත්ත කරුනාරත්නල.
රක්වානෙ පත්තෙ තේ වත්තක අධිකාරි කෙනෙක්. අම්ම ගෙදරමයි ඉන්නෙ.අකුරුස්සෙයි දෙනියායෙයි ගෙවල් දෙකක්ම තියෙනවා. දැන් හරිනෙව. කෑම කන වෙලාවට දෙන්නටම මේසෙට අරින්න. නිවාඩු මාසෙම මෙහේ ඉදීවි. පහුගිය පෝය නිවාඩුවට මං නිමල්ලගෙ ගෙදර තමයි හිටියෙ.“

අපේ අම්මල හිතන විදිහට සාම්ප්‍රදායිකව හිතන්න මං පුරුදු වුනේම නෑ. කැමති වුනෙත් නෑ. මිනිස්සු නම් කවුරුත් මිනිස්සු. කවුරුත් මැරෙනවා. කාටත් බඩගිනි වෙනවා. කාටත් තිබහ හැදෙනවා. කැමති අකමැතිකං කොහොම වුණත් කාටත් හැගීම් දැනීම් තියෙනවා. ඉතින් අපි කවුරුත් එකයි කියලමයි මට හිතෙන්නෙම.

නිමල්සිරි, ඒ මගේ කාමරේ එකට ඉන්න යාළුව. නෑ ඒහෙම කිව්වොත් ඒක ගොඩක් පටුයි. මගේ වටේම ඉන්න කෙනා. ගමෙන් ඈත අගනගරෙ තනිවුණ මගේ තනි නොතනිය මකන කෙනා. දැලි රැවුල වැවෙද්දි හීන් සෝමිය ගස් පිරුණූ කම්මුල් අතගාල ‘උඹේ මූණ සිනිදු වෙලා‘ය කියල කියපු කෙනා. මගේ කැස්සට
උණට තනියම කඩේ ගිහින් පැනඩෝල් අරගෙන ආපු කෙනා. අනේ මන්දා කොහොම හිතුවත් පටුයි වගේ දැනෙන්නෙ. කොහොමින් කොහොම හරි යුනිවසිටි යනකල්ම පණ වාගෙ හිටපු කෙනා.

“උඹලැයි කුඹුර හරිම ලස්සනයි.“

“උඹට පිස්සු. මේ කාෂ්ඨක තැන්නෙ මොන ලස්සනක්ද බං.“

“එහෙම කියන්නෙපා ජගත්. කොළටයි රත්නපුරේටයි වැඩිය වෙනස් නිසා මෙතන මට ලස්සනයි.“

“මට නම් හැමදාම දකින කුඹුරනෙ, එපා වෙලා. මෙලෝ ලස්සනක් පේන්නෑ.“

“ඒ කියන්නෙ මේ නිමල්සිරිවත් හැමදාම දැකල එපාවෙලා ඇති?“

“ඔල්මාදෙද? මං එහෙම කතාවක් කිවුවද?“

“ඉතින් ඔය කිව්වෙ හැමදාම දකින ඒව එපාවෙනව කියල“
නිමල්ගෙ අස් දෙක මොකද්දදෝ අනියත ශෝකයකින් වැහිල ගිහින් වගේ ඒ වෙලාවෙ පෙනුන.

“මං කිව්වෙ ඔයා ගැන නෙමෙයි දෙයියනේ. කුඹුර ගැන“
මට ඕන වුනේ නිමල්ගෙ මූනෙ හිනාවක් දකින්න. ඒ හිනාව ගොඩක් ලස්සන නිසා

“අනේ ජගත්, මාව එහෙම වෙන්නෙ නෑ නේද?“
නිමල්ගෙ හිතේ මාව අහිමි වෙයි කියන සහේතුක දෙගිඩියාවක් හැම තිස්සෙම හොල්මන් කලා. ඒ හැම වෙලාවකම මං ඒක නැති කරල දාන්න ගොඩක් උත්සාහ කලා.

“මං කොහොම හරි බ්‍රිටිස් එක්සෑම් කරල ජොබ් එකක් අරගෙන එහේ පදිංචිවෙනවා. ඊට පස්සෙ ඔයාවත් කොහොම හරි එහෙට ගන්නව. එහේ මෙහේ වගේ නෙවෙයි. අපිට නිදහසේ ඉන්න පුළුවන්. මං මැගසින් කීපෙකම දැක්ක ඒ ගැන ලියපු ලිපි ගොඩක් තියෙනවා. තාත්ත වැඩ බලන වතු අයිතිකාරයො ඔක්කොම එහේ ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. උඹ එක හිතින්ම මාත් එක්ක ඉන්නව නේද ජගත්?“

නිමල් එහෙම අහපු හැම වෙලාවකම මං ඉතසිත්න්ම ඔව් කිව්ව. අවුරුදු දහයෙ ඉඳලම ගෙදරින් ඈත ඉස්කෝලෙක තට්ට තනියම ජීවත් වෙච්චි මට ගෙදර ගැන තිබුණ මහ ලොකු හැගීම් ඔක්කොම වගේ ඒ වෙද්දි දිය කදුරක් පාමුල හෑරිච්ච වලක් වගේ පෑරිලා ගිහින් තිබුනෙ. අනෙක් අතට පවුලෙ අනිත් අයට වැඩියෙන් ඉගෙන ගත්තු කෙනෙක් නිසා ගෙදර අයට මාත් එක්ක හරි හරියට පෑහෙන්න බැරිවුණා. ඒ මින්සසුන්ටත් මාව දැනුනෙ ඈත කන්දක් උඩ ඉන්න ඉරිසින්නාන්සෙ කෙනෙක් වගේ කියලයි මටත් හිතුනෙ. ඒක නිසා ගෙදරින් ඈත් වෙලා දේස දීපංකරේ කොහේවුනත් යන්න මට අමුතුවෙන් හිත හිත ඉන්න ඕන වුනේ නෑ. නමක් ගමක් උප්පැන්නයක් නැති කල්ලතොනියෙක් වගේ පාවෙවි හිටියට ඉගෙන ගන්න වැඩේ විතරක් මගේ අතින් මගහැරුනෙ නෑ. ගෙදර ඉඳගෙනම පාඩම් වැඩ කරන්න පුළුවන් කම තිබුණත් නිමලුත් තැපෑලෙන් ඉගෙන ගත්ත බ්‍රිටිස්ට් කොස් එක කරන්න මාත් එක්ක කිරළපනේ බෝඩිමක නැවතුනා. ඇත්තටම ඒ නිසා අපි අපේම ලෝකෙක තනිවුණා. ඒ තනිවුණ හැම මොහොතකම
නිමල් කැමති විදිහටම සියල්ල සිදුවෙන බවට මං පොරොන්දු වුණා. නිමල්සිරි ...නිමල්සිරි ...නිමල්සිරි.....................................නිමල්සිරි..........එතනින් එහාට මගේ ඇස්දෙක වෙන දෙයක් බලන්න කැමති වුනේ නෑ. එතනින් එහාට මගේ කැන්දෙකින් වෙන මොනවත්ම අහන්න ඕන වුනේ නෑ. එතනින එහාට මට වෙන වචනයක්වත් කතා කරන්න ඕන වුනේ නෑ. නිමල්සිරි ...නිමල්සිරි ...නිමල්සිරි.............


කවුරු හරි කෙනෙක් දොරට තට්ටු කරනවා. මං ගිහින් දොර අරල බැලුව.

“උඹ මාස හතරකින් ගෙදර ආවෙ නෑ. අම්මගෙ කියවිල්ල අහං ඉන්න බැරිම තැන මං තකහනියක්ම බලල යන්නයි ආවෙ.“
මල්ලි මාව හොයගෙන කිරුලපනටම ඇවිත්. දොර ඇරියත් එක්කම කාමරේ ඇතුළටම ඇවිත් ඉඳගත්ත.

“මං ආවෙ කරදරයක්වත්ද කියල බලන්න. මං කොටුවෙ රස්සාවක් හොයාගත්ත. දංකොටුවෙ මුදලාලි කෙනෙක්ගෙ කඩයක්. බිල් ලියන්නයි පොත බැලන්ස් කරන්නයි තියෙන්නෙ. මාසෙට හැටපහක්ම ගෙවනවා.“
මල්ලි කියාගෙන ගියා.
ඒත් එක්කමයි ඔලුව පිසදාන ගමන්ම
නානකාමරේ ඉඳල නිමල් එළියට ආවෙ. තුවායෙන් මුලු මූනම වැහිල තිබිච්ච නිසා තත්පර ගානක් යන තුරුම නිමල්ගෙ ඇස්දෙකට මල්ලිගෙ පැමිනීම හසුවුනේ නෑ. ඒත් තත්පරයක් ඉක්මවන්නත් කලින් නිරුවත් නිමල්ගෙ සර්වාංගෙම ඇස්දෙකට හසු කරගත්තු මල්ලි ඒ ගැම්මටම නැගිටල දොර ලගටම ගියා.

“එක ඇඳක් විතරක් තියෙන නිසා මං හිතුවෙ අය්ය තනියම කියල. හොඳින් ඉන්නව කියල විතරක් මං අම්මට කියන්නං. මං යනවා.“


shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9236
Member Since : 2013-08-09

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-11, 3:09 am
pride කතාව ලියන්නත් කලින් ප්‍රතිචාර දක්වපු කාටත් ස්තුතියි  pride
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12144
Member Since : 2013-07-29

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-11, 9:57 am
Message reputation : 100% (1 vote)
ela ela kolla lassana start ekak
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8869
Member Since : 2013-10-18

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-11, 11:01 am
Message reputation : 100% (1 vote)
සමහර වචන නම් මට ඇත්තටම තේරුනේ නැහැ.......... ඒත් කතාව ඇත්තෙන්ම ලස්සනයි.... වෙනස්ම විදිහෙ කතාවක් වෙයි... නියමයි අයියේ......................  kiss 
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12477
Member Since : 2013-05-31

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-11, 8:05 pm
Message reputation : 100% (1 vote)
එල එල නියමයි ! pride  pride  pride
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8490
Member Since : 2013-08-29

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-11, 8:33 pm
Message reputation : 100% (1 vote)
ලස්සනයි බං  :)
sandaru799
sandaru799
+ 100 Posts
Mood : Childish

City : piliyandala
Country : Sri Lanka
Posts : 108
GetReal Gold : 7930
Member Since : 2013-10-25

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-12, 6:49 am
Message reputation : 100% (1 vote)
meka aththa kathawada?
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13740
Member Since : 2013-01-29

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-12, 6:59 pm
Message reputation : 100% (1 vote)
නියමයි. තව ලස්සන කතාවක්. වෙනසක් තියනව එල.
Sponsored content

මගෙම වෙන්න මතු දවසක Empty Re: මගෙම වෙන්න මතු දවසක

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum