Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගෙම වෙන්න මතු දවසක

+16
azores
මල් මල් රුවන්
Isura
Shan Sahan
Esala
chathura1122
Sithija
Hasun
sandaru799
Mandaram
Jith
සහන්
thavisha
kasunx
Siyapath
shevan
20 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-26, 2:53 pm
Message reputation : 100% (1 vote)
එල එල
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-26, 9:17 pm
Message reputation : 100% (1 vote)
OMG  :shock:  :shock:  :shock:  :shock:
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-26, 10:10 pm
Message reputation : 100% (1 vote)
noidea
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-02-27, 9:25 am
Message reputation : 100% (1 vote)
මගේම වෙන්න මතු දවසක කිව්වෙ, කමල්ද? නැත්නම් දුකද?? ආ............................................  noidea 
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8858
Member Since : 2013-02-03

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-03-01, 2:34 am
Message reputation : 100% (1 vote)
'' banda...''  :shock:  :shock:
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-03-13, 7:14 am
Message reputation : 100% (1 vote)
ලස්සනයි අයියේ කතාව...... pride  pride  pride  pride  pride
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7575
Member Since : 2014-03-19

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-03-21, 2:17 pm
Message reputation : 100% (2 votes)
Ithiriya?? wrote:හැංගීම් බර ලස්සන කතාවක්. ඔය වගේ දේවල් වෙනකොට තමා දුක. ඉතින් ඇත්තට ඊළඟට වුණු දේ  දැන ගන්න ලොකු කුතුහලයක් ඇති වුණා, අනේ මචෝ ඉතිරි කොටස පුලුවන් ඉක්මනට ඕනි!!!!  noidea 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-04-05, 2:02 am
Message reputation : 100% (8 votes)
ගොඩාක් වැඩ තිබුණා. හරි හැටි තේරුම් ගන්න බැරි වෙච්ච මොනවදෝ සිතුවිලි වගෙයක් එක්ක තනියම පොරකෑව. ඒ නිසා කල් ගියා. බලාපොරොත්තුව ඉක්මනින් ලං නොකලට සමාවෙන්න,,,,,,,
දැන් කතාව......................

අවසන් කොටස...

“මහත්තය, අලුත් එක්කෙනෙක් එක්කගෙන ඇවිත්.“


වැඩිහිටි නිවාසෙට තවත් අලුත් වැඩිහිටි චරිතයක් එකතුවෙන්න ඇවිත් . ඒ වචන ඇතුළෙ තිබ්බෙ ඒ ආරංචිය. ඒක නුපුරැදු ආරංචික් නෙවෙයි. ජීවිතේට අසරණකම් එන්නෙ කලින් කියල නෙවෙයිනේ. හතලිස් අවුරැද්දක් පුරාම මං ඒ වගේ අනපේක්ෂිතව අසරණ වුණු කී දෙනෙක් මේ විදිහට බාරගත්තද? ඒත් මගේ අසරණ හිත බාරගන්න ඉන්න කෙනා තවම ආවෙ නෑ. එන එකකුත් නෑ. අඩුම තරමේ මාව මේ වෙද්දි මතකද දන්නෙවත් නෑ. ......
“සර්. අලුත් එක්කෙනෙක් ඇවිල්ල.“


“ආ...ආ...ඉන්න ඉන්න මං එනවා. විනාඩියක් දෙන්න.“

ඇස්කෙවෙනි තෙත් කරපු කඳුලු බින්දු දෙක කමීසෙන් උස්සල පිහිද ගත්තත් කවදාවත් ඒ ඇස්දෙක තෙත් වෙන එක නවතින එකක් නෑ.... මං ඔෆිස් එක පැත්තට ගියා.


“දැන් කෝ වැඩිහිටි කෙනා.“

“කාර් එකේ ඉන්නවා“

“එක්ක ආවෙ නැත්තෙ ඇයි ඇතුළට“


“හිතට ගොඩක් අමාරුයි. හො‍ඳටම අඬනවා. ටිකකින් හරි යයි. ඊට පස්සෙ එක්කන් එන්නම්.“

“කොහොමද මේ ආයතනෙ ගැන දැනගත්තෙ?

“ගොඩක් ප්‍රසිද්ධයි හොඳටම සලකනව කියල. මං හිතන්නෙ මිස්ටර් නිසා වෙන්න ඕන මිනිස්සු මෙච්චර මෙතන ගැන කතාකරන්නෙත්“

“දැන් ඔයාලගෙ කවුද මේ නවත්තන්න යන්නෙ?“

“අපේ කවුරුවත් නෙවෙයි මිස්ටර්.“

“මොකක්? නියම භාරකාරයෙක් නැද්ද? ඉතින් කොහොමද වැඩිහිටි කෙනා බාර ගන්නෙ?“

“ඇත්තම කිව්වොත් අපි තමයි එයාගෙ විකුණපු ඉඩම් ගත්තෙ. මේ ආවෙ එයාගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්න“

“වැඩිහිටි කෙනා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද?“


“පිරිමි කෙනෙක් මිස්ටර්. එයාගෙ වත්තක් තිබිල විකුණුවා පහුගිය සතියෙ. අපි තමයි ඒක අරගත්තෙ. එයා ඒ වෙලාවෙ ඉල්ලීමක් කලා “අපිට භාර කාරයො විදිහට වැඩිහිටි නිවාසෙකට බාර දෙන්න කියල. ඒකයි ඇත්තටම අපි මේකට මැදිහත් වුනේ.“

“හොදයි. නම මොකද්ද එයාගෙ?“


“එන්. කරුණාරත්න“


“එන්. කරුණාරත්න........පදිංචිය කොහෙද?“

“ලංකාවෙ ස්ථිර පදිංචියක් නෑ. ඒත් වත්ත....“


“වත්ත කොහෙද?“

“රක්වානෙ““රක්වානෙ?“

“ඔවු“

“මොකද්ද නම කිව්වෙ?“

“එන්. කරුණාරත්න“



“එන්. කරුණාරත්න....එන්. කරුණාරත්න....      දෙවියනේ..................නිමල්සිරි................නිමල්සිරි........“
මගෙ නිමල් අන්තිමට මගේ ලගටම ඇවිත්. හීනයක්ද මේ.....නිමල් ...නිමල්....මගෙ නිමල්.....ඇයි දෙයියනේ මෙහෙම වුනේ...........මාව බලන්න එන්න ඇයි මෙච්චර කල් ගියේ.........


 Like a Star @ heaven       Like a Star @ heaven     Like a Star @ heaven    Like a Star @ heaven      Like a Star @ heaven    Like a Star @ heaven      Like a Star @ heaven    Like a Star @ heaven    Like a Star @ heaven


“මට සමාවෙන්න ජගත්“


අන්තිමේදි නිමල්ම පැය ගාණක් එතන තිබ්බ නිහඬබව බින්දා.

“සමාව ඉල්ලන්න එපා. අහම්බෙන් හරි ඔයා මුණගැහුණ එක ගැන මට සතටුයි.“



“නෑ...මං ජගත්ගෙ ජීවිතේ කාලකණ්නි කෙරුවා. මට කවදාවත් ඒ වරදට සමාව ලැබෙන එකක් නෑ“

“නෑ...අද අපි ආපහු මුණගැහුණනේ...“

“දෙතුන් මාසෙකින් මුණ ගැහෙනව කියල හතළිස් අවුරැද්දකට කලින් වෙච්චි පොරොන්දුවක් ඉෂ්ට නොකරපු කාලකන්නි මිනිහෙක් මං....අනේ මං කියන්න යනදේ පොඩ්ඩක් අහන්න ජගත්“

හො‍ඳයි... කමක් නෑ. නිමල්ගෙ හිතේ තියෙනව නම් කියන්න දෙයක් ඒක කියන්න. ආදරේ නාමෙන් ඒ ටික මං අහගෙන ඉන්නම්.“


 Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven


“මං ජගත්ට ලියපු අන්තිම ලියුම අපි හිටපු බෝඩිමේ ගෑනි කියවල තියෙනවා. මං රට ගිහින් ඔයාව එහෙට ගන්නව කියපු කතාව ඒ ගෑනි අප්පච්චිට කියල තිබුණා. මං බෝඩිම අස්කරගෙන ගෙදර ගියපු ගමන් අප්පච්චි මට තර්ජනය කලා. එයා කියන විදිහට වැඩ නොවුනොත් ජගත්ව මරනව කිව්ව. මං ඇත්තටම බය වුණා. මගේ ආදරේ වෙනුවෙන් ඔයාගෙ මරණය තරම් භයානක දඬුවමක් අත්වෙනවට මං කැමති වුනේ නෑ. අන්තිමේදි බලහත්කාරෙන් මාව බැන්දුවා. බන්දල රට යැව්වා. මේ ඔක්කොම දේවල් වෙන්න සති තුනක්වත් ගියෙ නෑ. .......රට ගිහින් අවුරුද්දක්වත් යන්න කලින් ජගත් නැති හිතේ වේදනාවටම මං බීමට වැටුණ. අන්තිමේදි බැදපු ගෑනි හොර මිනිහෙක් එක්ක එකතුවෙලා මං බෙලහීනයෙක් කියල නඩු දාල වන්දි විදිහට වත්කම ලියාගත්ත. ඉතුරු වුනේ ඔය රක්වානෙ වතු කෑල්ල විතරයි. ලංකාවට ඇවිත් ඒක විකුණල දැම්මෙ නිදහස් වෙන්න....අන්තිමේදි..... “

“හා හා  අන්තිමේදි නිදහස් වෙන්න තකියල ආපු තැනම තමයි හිරවුනේ නේද?“


“ඉතින් නරකද අප්පේ එහෙමත් කෙනෙකුට හිරවෙන්න තිබුණනම්“ 


හතළිස් අවරුද්දකට පස්සෙ අපි ආයෙත් ලෙන්ගතුකමින් වැළදගෙන. අපිරිමිත සෙනෙහස උතුරන හැබෑම ආදරේ දොරෙ ගලන හදවත් දෙකක් එකතු වෙද්දි එතන තියෙන්නෙ ආදරේ විතරමද කියන්නත් අමාරුයි. ඒක ඒ තරම්ම අපිරිමිත හැගීමක්. 

“අතීතෙ ගැන දැන් හිතන්න එපා නිමල්. වයසින් හැට පැන්නත් මගේ ආදරේ අද මගේ ලගටම ඇවිත්. ජීවත් වෙන ඉතිරි කාලෙ අපිට එකටම ජීවත් වෙන්නත් පුලුවන්. හැමදාම ඉර සම්පූර්ණයෙන්ම බැස්සට පස්සෙ තමයි මේ බංකුවෙන් නැගිටල මං ඇතුළට යන්නෙ. ඒත් ඒ හැම වෙලාවකම තුනී ඉර එලියක් මං වෙනුවෙන් ඉතුරු කරල යනව වගේ හැගීමක් මට හැමදාම දැණුනා. අද ඒක ඇත්තක් වෙලා. අර ඉතුරැ වෙච්ච ඉර එලිය ඇබින්දක් වගේ ජීවිතේ අන්තිම කාලෙදිවත්මට මගේ නමින් මගේ ආදරේ ලැබෙන්න කියල හැමදාම මං ප්‍රාර්ථනා කලා. ඉතින් අද ඒ පැතුම හැබෑවෙලා. අතර මගකදි නෙවෙයි. මගෙම තැනටම නිමල් ඇවිත්....ඉතින් නිමල්..........මං ඉන්නෙ ඒ සතුටින් හිත පුරෝගෙන...ඒ නිසා මගෙන් සමාව ඉල්ලන්න එපා.................හැබෑව බැලුවම නිමල් කලේ මං වෙනුවෙන්, තමන්ගෙ ආදරේ වෙනුවෙන් ආදරේ පරිත්‍යාග කරපු එක. මං මෙච්චර කාලයක් පුරාම කමල් වෙනුවෙන් කරල තියෙන්නෙත් ආදරේ නාමයෙන් ජීවිතේ පරිත්‍යාග කරපු එක. ඉත්න් හතළිස් අවුරුද්දක් අපි මුණ නොගැහුණත් නිමල් අපේ ආදරේ තමයි හැබෑම ආදරේ. අපේ ආදර කතව දැන ගන්න හැමෝමත් ඒ ආදරේට ආදරේ නාමයෙන්ම ආදරේ කරාවි.“


පසුව ලියමි.
ආදරේ කියන්නෙ පරිත්‍යාගයන්ගේ කූටප්‍රාප්තිය යැයි මා අසා තිබුණා මතකය. මේ කෙටි කතාව වෙන් කලේ ඒ බැව් කුළුගන්වන අපේක්ෂාවෙනි.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-04-05, 8:22 am
Message reputation : 100% (2 votes)
superb bro
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8575
Member Since : 2014-02-16

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-04-05, 12:00 pm
Message reputation : 100% (2 votes)
pride  pride  pride
මල් මල් රුවන්
මල් මල් රුවන්
Account Suspended
Account Suspended
Country : Sri Lanka
Posts : 15
GetReal Gold : 7480
Member Since : 2014-02-19

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-04-05, 12:10 pm
Message reputation : 100% (1 vote)
ආදරේ නාමෙන් ආදරේ කරන්න, ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන්න, ඉවසන්න, බලාපොරොත්තු සහගතව ජීවත් වෙන්න මේ හැම දෙයක්ම මේ කතාව ඇතුළෙ තියෙනව කියලයි මට හිතෙන්නෙ.
 pride  pride  pride  pride  pride
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8871
Member Since : 2013-10-18

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-04-05, 2:53 pm
Message reputation : 100% (2 votes)
අම්මෝ ශෙවාන්......... කතාවයි ඔයාවයි දෙන්නම දැක්කම පුදුම ආසාවක් ආවේ................  kiss 



අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ ඉතින් ..... ඔයාගෙ කතා කොහොමත් ලස්සනයි...  rocksss 

 

අළුතෙන් ලියන හැම කතාවම කලින් එකට වඩා වෙනස්.. ඒ වගේම ඊටත් වඩා ලස්සනයි....  pride   pride 



නියමයි ශෙවාන්............  bow   bow 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-04-05, 3:36 pm
Message reputation : 100% (2 votes)
Jith wrote:අම්මෝ ශෙවාන්......... කතාවයි ඔයාවයි දෙන්නම දැක්කම පුදුම ආසාවක් ආවේ................  kiss 



අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ ඉතින් ..... ඔයාගෙ කතා කොහොමත් ලස්සනයි...  rocksss 

 

අළුතෙන් ලියන හැම කතාවම කලින් එකට වඩා වෙනස්.. ඒ වගේම ඊටත් වඩා ලස්සනයි....  pride   pride 



නියමයි ශෙවාන්............  bow   bow 
මෙහෙම කමෙන්ට් දැක්කම කොහොමද කොල්ලෝ අලුත් අලුත් ඒව නොලිය ඉන්නේ.....
මගේ හැම කතාවක්ම කියවල මෙහෙම අදහස් දක්වපු එක ගැන ස්තුතියි. ඒක ලොකු ධෛර්යයක්.  bow
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-04-05, 6:39 pm
Message reputation : 100% (2 votes)
නියමයි නියමයි !  pride  pride  pride
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

2014-04-05, 7:17 pm
Message reputation : 100% (2 votes)
ela ela nice work and good message
Sponsored content

මගෙම වෙන්න මතු දවසක - Page 3 Empty Re: මගෙම වෙන්න මතු දවසක

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum