Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4128 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගේ ආදර කතාව

+31
prasanna
Senura
Ashan
Isura
Shan Sahan
nuwan9
nisala
nuran
Tharaka
සහන්
Mandaram
Sanketh
rajapaksharaju
azores
Harsha
Sithija
chathura1122
beaguycool1
Esala
kasunx
suranga
kalana vihanga
Malintha
shevan
Vikasitha
nisha88
thavisha
eboys
Siyapath
Hasun
භානුක
35 posters
Go down
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9097
Member Since : 2013-05-05

මගේ ආදර කතාව Empty මගේ ආදර කතාව

2013-12-22, 2:17 pm
Message reputation : 92% (13 votes)
මගේ ආදර කතාව 1499603_1404167453166374_245526669_n


මඟට බසිද්දී වැටුණු හිරිපොද වැස්ස මොහොතකින් දෙකකින් මහා වැස්සක් බවට පත්විය. ඉහලාගෙන උන් කුඩයට දරාගන්නට බැරි තරම් ලොකු වැහි බිංදු වැටේ. මම මුවාවෙන්නට තැනක් සොයා පාර දෙපසටම නෙතු වෙහෙසීමි. සෑම පියස්සක් යටම, සෑම කඩපිලකම වැස්සට ගොඩ වූ සෙනඟය. පුංචි ඉඩක් සොයා මමත් ඒ අතරටම එක්වීමි. හැඳ උන් ඇඳුම හොඳටම තෙමී සිරුරට ඇලී ගොස්ය.


වැස්ස..... නවතින පාටක් නැතිවම මහා හයියෙන් ඇද හැලේ. කඩපිල ඉදිරිපිට වැසි ජලය එකතු වී ලොකු මඩවලක් සෑදී ඇත. කඩදාසි බෝට්ටුවක් සාදා පා කර යවන්නට ඇත්නම්... මගේ බොළඳ සිතුවිලි ගැන මටම සිනහවක් නැගුණි.


වැස්සේ තෙමීගෙන හදිසියේම දිව ආ කිසිවෙකු මඩවතුර ගොඩට පය ගසා කඩපිලට ගොඩ විය. මා උන්නේ ඒ අසලමය. කහ පැහැති මඩවතුර මාගේ කමිසයත් කලිසමත් පුරාම විසිරුණි. ඔහුගේ නොසැලකිල්ල පිළිබඳ මට ඇතිවූයේ ඉවසුම් නොදෙන කෝපයකි.


"අනේ සොරි මල්ලි..."


එක වදනකින් හෝ තරහ පිටකරන්නට සිතා මා හිස එසෙව්වේත් ඔහු සමාව අයැදුවේත් එකටමය. මා තිගැස්සී ගිය තරම්... මේ ඒ ඇස් දෙකමය. ඒ මුහුණමය. ඒ හඬමය. මට මගේම නෙතු අදහාගන්නට බැරි තරම් විය. මොරසූරන වැස්සේ පාරක් අයිනේ කඩපිලකට වී හිඳගෙන මා හීන බලනවාද... මම ඇසිපිය නොහෙලා බලා උන්නෙමි. ඔහු නළල රැළි ගන්වාගෙන දෙනෙත් පුංචි කරගෙන මදෙස බැලීය. අනේ ඔහු මා ගැන දැන උන්නා නම්.. මේ අහඹු හමුවීම කොයිතරම් සුන්දර වන්නට තිබුණාද...


"අපරාදෙ ඇඳුම.. හදිසියට දුවගෙන ආවා වැස්සෙන් බේරෙන්න. මෙතන මඩවලක් තියෙනවා කියල දැක්කෙ නෑ. සොරි හොඳේ..."


ඔහු දොඩමළුය. ඒ හඬ ගීතයක් වාගේය. මම අසා උන්නෙමි.


"ඔය මඩපාරවල් හේදුවහම යයි නේද මල්ලි...?"


මේ මඩපැල්ලම් යන්නට ඇඳුම නොසෝදා ඉන්නට මා තීරණය කර හමාරය. දැන් ඉතිං මේ ඇඳුම මට සුන්දර සිහිවටනයකි. ඔහු ලේන්සුවක් ගෙන හිස පිසදමනා අයුරු මම හොරැහින් බලා උන්නෙමි.


"තරහටද කතා නොකර ඉන්නේ...?"


මේවනතුරුම එකම වදනක්වත් මා නොදෙඩු බව මට සිහිවූයේ දැන්ය. අසන්නට තව බොහෝ දේ තිබේ. කියන්නට තව ඊටත් වැඩ දේ තිබේ. ඒත් පටන්ගන්නේ කොතනින්ද..? මා ඔහු මුලින්ම දුටු තැනින්ද..? සියල්ල ඇරඹුණු ඒ සුන්දර දවසින්ද...??


Last edited by භානුක on 2014-01-31, 10:46 pm; edited 7 times in total
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8560
Member Since : 2013-07-22

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 2:23 pm
Message reputation : 100% (1 vote)
භානුක මල්ලි... 

එල එල​... pride  pride  pride 

අපිට ලස්සන කතාවක් කියවන්න හම්බවෙයි වගේ...
මගෙ සුබ පැතුම්...

හසුන්... lol!  lol!  lol!
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13748
Member Since : 2013-01-26

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 2:29 pm
Message reputation : 100% (1 vote)
ela ela boss. digatama liyamu
Anonymous
Guest
Guest

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 2:53 pm
"කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ"


ඒළ භානු ලියමු ලියමු ඉක්මනටම
eboys
eboys
+ 250 Posts
Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8710
Member Since : 2013-08-13

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 4:12 pm
Message reputation : 100% (1 vote)
Wooow lassana Àrambhayak
Kiyala wedak ne
Hihata waduna
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12172
Member Since : 2013-07-29

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 5:08 pm
Message reputation : 100% (1 vote)
pride  pride
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9097
Member Since : 2013-05-05

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 5:32 pm
Message reputation : 100% (1 vote)
- බොහොම ස්තූතියි හසුන් අයියේ.. 
- බොහොම ස්තූතියි සියපත් අයියණ්ඩි..
- ඔය කියපු ටික මදෑ නිලෝ.. බොහොම ස්තූතියි..
- බොහොම ස්තූතියි eboys මලයා..
- බොහොම ස්තූතියි තවිශ අයියේ..


ඔන්න ඊළඟ කොටස...
nisha88
nisha88
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 4
GetReal Gold : 7684
Member Since : 2013-11-13

මගේ ආදර කතාව Empty hii

2013-12-22, 5:36 pm
Message reputation : 100% (1 vote)
ela elaa
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13748
Member Since : 2013-01-26

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 5:40 pm
Message reputation : 100% (1 vote)
ko ban?
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9097
Member Since : 2013-05-05

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 5:43 pm
Message reputation : 100% (8 votes)
මගේ ආදර කතාව Images?q=tbn:ANd9GcRp-KKPXVFnPpKtJca3yGroG8TIrW8skxLlKWh9vvwA33WwO10mEw

මා එදා සිතුම්ගේ උපන්දින සාදයට සහභාගී වූයේ නොගිහින්ම බැරි නිසාය. සාද ආදිය පිළිබඳ මාගේ කැමැත්ත ඉතා අල්පය. නමුදු සිතුම්ගේ උපන්දින සාදයේ මා සිතුවාට වඩා අපූරු වෙනසක් තිබුණි. ඝෝෂාකාරී සංගීතය වෙනුවට සාදය පුරා ගලා ගියේ සිහින් සංගීත රාවයකි. ඒ නිසංසල බව ගීතවත් වූයේ ඔහුගේ හඩිනි. සමුද්‍ර තේනුවර ගේ ගී හඩිනි.


මට ඔහුගේ ගී හඬ ඇසුනේ සිහින ලොවකින් පාවී ආ හඬක් සේය. මම දුරකට වී හිඳ ඔහුගේ නෙතු දෙස ඔහුට නොපෙනෙන්නට බලා උන්නෙමි. කවදාවත් නොවූ ලෙසට හදවත හැඟුමින් බර විය. පිරිමියෙක් දිහා ඒ තරම් විමසිල්ලෙන් ඒ තරම් උනන්දුවෙන් බැලූ ප්‍රථම අවස්ථාව එය විය. මට මාවම අහිමි වෙමින් තිබුණි. ඒ දැනුනේ ප්‍රේමය විය නොහැකිද..?

"ලෝචන... උඹ බය වෙලාද..?"

සිතුම් පැමිණ මගේ දැහැන බිඳ දැමුවේය.

"කවුද සිතූ අර ගායකයා..?"


"ඌ අපේ අයියගෙ යාලුවෙක්.."


"හරි ලස්සනට සිංග් කරනවා.."


"මොකද... හිත ගියාද...? හැබැයි වැඩක් නෑ. ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවලු..."

ඇතුළතින් දැවී යද්දී මම මහ හඬින් හිනැහුනෙමි.

"මම කිව්වෙ ලස්සනට සිංදු කියනවා කියල විතරනෙ බං.. කෙල්ලො එකෙක් නෙමෙයි කීයක් හිටියත් මට මොකද..?"

සිතට නැගුණු දහසක් සිතුවිලි සඟවාගෙන මම මගේ මිතුරා ඉදිරියේ රඟපෑවෙමි. මෙතෙක් මගේ ජිවිතයේ කිසිඳු රහසක් සිතුම්ට රහසක් නොවීය. නමුදු සමුද්‍ර කෙරෙහි මගේ සිතෙහි ඇති වූ හැඟීම වෙනත් කෙනෙකු සමඟ බෙදා ගැනීමට ලෝභකමක් මා නොදැනුවත්වම ඇති වී තිබුණි.


හා හා පුරා කියා කුළුඳුලේම පෙම් සිතුවිලි පහළ වූයේ අන්සතු පිරිමියෙකු ගැන නොවේද..? ඔහු නොනවත්වාම ගයයි. මා බෙහෙවින් ප්‍රියකළ ගීත ඔහුගේ හඬින් ඇසෙද්දී තවදුරටත් එතැන රැඳී සිටීමට නොහැකි තරමට ම'සිත දුර්වල විය. ලොකු බොරුවක් කියා සිතුම්ගෙන් අවසර ගෙන ඉතා ඉක්මනින් එතැනින් පිටව ගියෙමි. ඈතට යනතුරුම මට සමුද්‍රගේ ගී හඬ ඇසුනි.

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුනේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ


Last edited by භානුක on 2013-12-22, 6:04 pm; edited 1 time in total
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13748
Member Since : 2013-01-26

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 5:59 pm
Message reputation : 100% (1 vote)
wow. fatta
Anonymous
Guest
Guest

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 6:10 pm
ඉතා හොදින් ලියා ඇති බවා වැටහෙ එනමුදු මෙතරම් පොඩි කොටසක් දැමිම මාගෙ සිත තරමක් නොසන්සුන් කිරිමට සමත් විය....
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8742
Member Since : 2013-09-01

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 6:16 pm
Message reputation : 100% (1 vote)
කියලා වැඩක් නැහැ සහෝ දිගටම ලියමු.  නියමයි ආ. pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9264
Member Since : 2013-08-09

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 7:25 pm
Message reputation : 100% (1 vote)
ලස්සව කතාවක් වෙයි වගේ. කොහොම වුණත් හොඳම ආරම්භයක්. ඒ කියන්නෙ හොඳ ගමනකුත් තියෙනවයි කියව එකනේ. දිගටම ලියන්න. ආසාවෙන් කියවන්න බලන් ඉන්නවා.
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9298
Member Since : 2013-08-02

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 8:19 pm
Message reputation : 100% (1 vote)
හිතට දැනෙන ලස්සන කතාවක ආරම්බය කියා හිතෙනවා. දිගටම ලියන්න මල්ලී...
Sponsored content

මගේ ආදර කතාව Empty Re: මගේ ආදර කතාව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum