Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


තල්වැට අද්දර....

+17
weera1
Max Tylar
Thisara
tharindu_d
sudumadu
Sithija
eboys
Jith
shevan
theejan
Esala
kasunx
chathura1122
thavisha
Siyapath
සහන්
Hasun
21 posters
Go down
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8522
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-03, 8:35 pm
Message reputation : 100% (4 votes)
මේ සිද්ධිය වුණු දවස මට තාමත් අද වගේ මතකයි....


මම මගේ වැඩ අවසන් කරලා මගේ කාමරේට එන ගමනුයි හිටියේ. මගේ ආරක්ෂාවට හිටපු හමුදා සෙබලා මම ඉන්න පැත්තට ආවාඑයාගේ නම දසුන්.


"හර්ෂණ සර්…"



"ඇයි දසුන්..."


" dr.විජේවර්ධන, සර්ට එන්න කියලා පණිවිඩයක් එවලා"


"හරි... මම ගිහින් බලන්නම්..."


මමත්  Dr.විජේවර්ධනත් අතර මේ වගේ සාකච්චා නිතරම සිදුවුණා. ඉතින් මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. මම හෙමින් Dr.විජේවර්ධනගේ කාමරය පැත්තට ඇවිදගෙන ගියාවෙහෙසකාරී දවසක නිමාවත් එක්ක කදවුර රාත්‍රි අදුරෙන් වෙලිළා ගිහින් තිබුණු වෙලාවක්.



මම යද්දිත් සර්ගේ කාමරේ එලියක් මම දැක්කා... කියන්නේ සර් තාම නිදි නැහැ. මම දොර ලගටම යද්දි සර් ඇවිත් දොර ඇරලා මාව ඇතුලට ගත්තා.


"හර්ෂණ එන්න​... ටිකක් වාඩි වෙන්න​..." 



සර්ගේ මූණේ තිබ්බේ ටිකක් වෙනස් පෙනුමක් කිව්වොත් වැරදි නැහැ. මගේ හිතෙත් කුතුහලයක් ආවේ ඉබේම වගෙයි.


"සර්..."



"හර්ෂණ​...”


සර් කල්පනාත්මක මූනකින් මගේ දිහා බැලුවා.


මට මහා අමුතු පොඩි එකෙක් හම්බුනා... මොකුත්ම කියන්නේ නැහැ... ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා... මම හිතන් හිටියේ හෙට මිනිහාව ටිකක් study කරලා බලන්නයි... ඒත් මට පොඩි වැඩක් නිසා හෙට දවසේ හවස් වෙනකම්ම මෙහෙන් පිටට යන්න වෙනවා...."


"ඉතින් සර්... මොකක්ද මගෙන් කෙරෙන්න ඕන​?"


"මට සැකයි මිනිහා suicidal thoughts තියෙන පොරක්ද කියලා.... මට මිනිහාගේ පෙනුම එච්චර ඇල්ලුවේ නැහැ... looks like depression. ඉතින් හර්ෂණ හෙට උදෙන්ම එතැනට ගිහින් පොඩ්ඩක් කොල්ලව බලනවද​?"


"හරි සර්... මම ඒක කරන්නම්..."


"කොල්ලට වයස 15ක් විතර ඇති... නම සෙල්වම්..."සර් මට කොල්ල ගැන විස්තර ටිකක් දුන්නා.


"හරි සර්..." මම file කවරය අතට ගත්තේ එක හෙමින් පෙරලලා බලන අතරෙමයි.




*****




මම මුලින්ම සෙල්වම්ව දැකපු හැටි මාව පුදුමයට පත් කලා. කදවුරේ එක විශේෂ කොටසක සෙල්වම්ව රදවාගන්න සේවකයින් වගබලාගෙන තිබුණා... 




කාමරේ එක කෙලවරක ඔහේ වාඩිවෙලා, කවුලුවෙන් එහා පේන ඈතින් පේන තල් වැට දිහා සෙල්වම් නිසසලවම බලන් හිටියා.


depression එහෙම නැත්තම් විශාදය රෝග ලක්ශණ මට බලපු ගමන්ම පෙනුනා.


මම කාමරයට ආවා කියලාවත් සෙල්වම්ට තේරුනේ නැහැ.



"සර්.... මුව නිකම් තියන්නම බැරි වුනා.... කදවුරේ හැමතැනම ඔහේ පිස්සෙක් වගේ ඇවිදින්න ගත්තා... සමහර වෙලාවට කාගෙදෝ නම කිය කිය එක එක්කෙනාගේ මූනු හරව හරවා බලනවාලු..." මම ඇතුලට එද්දිම එතන හිතපු සේවකයෙක් මට රහසින් වගේ කිව්වා.


සෙල්වම්.... තාම පොඩි කොල්ලෙක්... වයස 15ක් විතර ඇති. තරමක් තදපාට හමක් තිබ්බට ප්‍රසන්න පෙනුමක් එයාට තිබ්බා. ඇග තනිකරම ඇදිලා ගිහින් වගේ. ගතවුණු අවසාන කාලය නිසා වෙන්නැති. කොන්ඩේ අපිලිවෙළ වෙලා... ඇදුම් පවා අපිරිසිදුයි... එවා ඇටසැකිල්ලක් වුණු ඇගේ ඔහේ එල්ලිලා ගිහින් තිබුණේ මහා වේදනාකාරී පෙනුමක් සෙල්වම්ට එකතුකරමිනුයි.

කවුද මේ සෙල්වම්....
මුලු කදවුරේම ඇවිද ඇවිද සෙල්වම් හොයන්නේ කාවද​...?
කාටවත් හොයාගන්න බැරිවුණ​, සෙල්වම්ගේ සැගවුණ කතාව මොකක්ද​?


"සෙලවම්...." මම සෙල්වම් ලගට ගිහින් කතා කරත් එයා හෙලවුනේවත් නැහැ.


"සෙල්වම්.... මගේ දිහා බලන්න​..." ඒත් එයා එහෙම්මමයි.


මම හෙමින් මගේ අත එයාගේ උරහිසට තිබ්බා. ඒත් එක්කම උන දේ මට අදහාගන්න වෙලාවක් ලැබෙද්දී මම හිටියේ පැත්තක පොළව බදාගෙනයි. මේ වැහැරිලා ගිය කොලුගැටයා මෙච්චර ශක්තිමත් කියලා මම කොහෙත්ම හිතුවේ නැහැ.


ඒත් එක්කම මගෙ ආරක්ෂකයා දසුන් පැත්තට ආවත් මම දසුන්ව වැළැක්කුවා.


"ආහ්..." බියෙන් සලිතවුණූ සෙල්වම් පලමුවතාවට මගේ දිහා කෙලින් බැලුවේ වෙලාවෙයි.


"මම හිතලා කරේ නැහැ... අනේ....මම හිතලා කරේ නැහැ..." සෙල්වම් හොදටම කලබළ වෙලා.


"මම  දන්නවා... බයවෙන්න එපා..." මම එහෙම කිවුවත් කොල්ල තාම බයෙන් වගෙයි. විටින් විට දසුන් දිහා බලනවා මම දැක්කා.


"බය වෙන්න එපා... අපි ඔයාට කරදරයක් කරන්නේ නැහැ..."


"එහෙනම්... මට එලියට යන්න දෙන්න​..."


"ඒත් ඇයි?"


"අනේ සර්... මට යන්න දෙන්න​..."


"අපි පස්සේ එලියට යමු... මට දැන් කියන්නකෝ ඇයි එලියට යන්නේ කියලා"


"අනේ සර්"


ඒත් සෙල්වම් මොකුත් කිවුවේ නැහැ. මුලු දවසම අසාර්ථක උත්සාහයක් විතරක් වුණා. මම රෑවෙලා කාමරයට ආවේ මේ කොල්ල ගැන මහා ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙනයි.


ඒත් මට නිදාගන්න හම්බුනේ නැහැ. හමුදා නිළධාරියෙක් ඇවිත් මට කතා කළා.


"ඇයි?"


"සර්... ඉක්මනට යමු..."


" මොකද​?"


"අර සර් අද බලපු කොල්ලා... සියදිවි නසාගන්න ගිහින් යන්තමින් බේරුනේ..."



"මොකක්?"


Last edited by Hasun on 2014-02-16, 10:27 am; edited 1 time in total
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9548
Member Since : 2013-03-28

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-03, 9:16 pm
එල...................... pride  pride  pride  pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-03, 9:41 pm
pride  pride  pride
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-04, 12:17 am
pride  pride  pride  pride  pride
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8846
Member Since : 2013-02-03

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-04, 2:58 am
Lassanai saho pride
Anonymous
Guest
Guest

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-04, 6:12 am
 pride   එළ මචන් 
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8522
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-04, 7:08 pm

බොහොම ස්තූතියි ඇසළ​...
බොහොම ස්තූතියි සහන්...
බොහොම ස්තූතියි තවීෂ​...
බොහොම ස්තූතියි චතුර​...
බොහොම ස්තූතියි සාලිය​....

අද කොටසත් කියවන්නකෝ....
(කෙටිකතාව මෙහෙම කොටස් ගාණකට දික්කරන්න හිතුවේ නැහැ... ඒත් ලියන වේගයෙන් මම දාන්නම්... ඔන්න අද ටිකක් වැඩිපුර ලිව්වා...)



hasun001
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8522
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-04, 7:16 pm
Message reputation : 100% (3 votes)

"අර සර් අද බලපු කොල්ලා... සියදිවි නසාගන්න ගිහින් යන්තමින් බේරුනේ..."



"මොකක්?"




***** 




මම එතනට යනකොට සෙල්වම් මගේ දිහා බැලුවේ හොරැහින් වගෙයි. ඒ ඇස් වල තිබ්බෙ තරහක්ද නත්තම් වෙන මොකක් හරිද කියලා කියන්න මම දන්නෙ නැහැ.



"සෙල්වම්.... ඇයි මේ..." මම බොහොම ඉවසීමෙන් ඇහුවා.


"මට එලියට යන්න ඔන සර්..." එයා කිව්වේ පරණ ස්වරයෙන්මයි. ඒක ආයාචනයක් වගෙයි මට දැනුනේ.


"හ්ම්ම්.... එන්න යමු මාත් එක්ක..." මම සෙල්වම්ගේ අතින් අල්ලගෙන එලියට අරන් ගියා.


මගෙත් එක්ක දසුනුත් ආවා. 


රැයේ අන්ධකාරය මකන්න වැටිලා තිබ්බේ යන්තමින් වැටුනු සද එලිය විතරයි. දහස් ගාණක් ඉන්න කදවුරේ පවා පුංචි හරි  නිස්කලංක බවක් දැනුනේ මේ වගේ වෙලාවට විතරයි. අපි කදවුරෙන් ටිකක් දුරකට ඇවිදගෙන ගියා.


"සෙල්වම්... අතන ගල උඩින් වාඩිවෙන්න... දැන් ඔයා මට හැමදේම කියන්න ඕන... හැම දේම... අපි ඉන්නෙ ඔයාට උදවු කරන්න... හැම දේම අපිට කියන්න..." මම කිව්වෙ ටිකක් දැඩි ස්වරයකින්.


"ඒත් සර්..." එහෙම කියපු සෙලවම් දසුන් දිහා බැලුවා.


“ඒ දසුන්… එයා ඔයාට කරදරයක් කරන්නේ නැහැ…” මට තේරුනා සෙල්වම් ඉන්නෙ දසුන්ට බයේ කියලා.


“මල්ලි… අපි ඔයාගේ යාලුවෝ… ඔයාට උදව් කරන්නයි අපිට ඕන​… අපිට බයවෙන්න එපා…”දසුන් ගේ ඒ වචන සෙල්වම්ට යම් සැහැල්ලුවක් ගෙනවා වගෙයි.


“මට සමාවෙන්න​… මම අහලා තියෙන්නේ සිංහල හමුදාව යක්කු වගේ ජාතියක් කියලා… මට සමාවෙන්න​…”


“ඒ LTTE එකෙන් ඔයාලව රවට්ටන්න කියපු බොරුවක්… “ දසුන් සෙල්වම්ගේ කරට අතක් දාගෙන හිනාවුණා.
ඇත්තට මේ වෙලාවේ දසුන්ගේ උදව්ව මට ලොකු ශක්තියක් වුණා.


"ඇත්ත කියන්න සෙල්වම්... මම පොරොන්දු වෙනවා මම මට කරන්න පුලුවන් හැමදේම ඔයාට උදවු කරන්න කරනවා කියලා..."



සෙල්වම් අවසානයේ එයාගෙ කතාව අපිට කිව්වා... ඒ මැදියමේ ඈත අහසෙ පායලා තිබ්බ තරු දිහා බලාගෙන එයා එයාගෙ කතාව අපිට කිව්වා.... 






(cntd....)


Last edited by Hasun on 2014-02-04, 7:23 pm; edited 1 time in total
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8522
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-04, 7:22 pm
Message reputation : 100% (4 votes)



(අදින් වසර ගණනකට පෙර​….)


මේ කතාව ඇරඹෙන්නේ අදින් අවුරුදු ගාණකට කලින්.


සෙල්වම් ජීවත්වුනේ LTTE එකෙ පාලනයේ තිබුණු එක පුංචි ගම්මානයක​...සෙල්වම්ගේ තාත්තා  LTTE එකේ ගොඩක් ලොකු චරිතයක්. ඒත් සිංහල හමුදාවත් එක්ක සටනකින් සෙල්වම්ගේ තාත්තා මැරුණා. දැනට අවුරුදු කීපයකට කලිනුයි. සෙල්වම්ගේ අයියා මැරෙද්දි අයියාගේ වයස අවුරුදු 17යි. සෙල්වම්ගේ අම්මා කලින් LTTE එකේ කාන්තා බළකායේ හිටියත් පස්සේ තුවාල ලබලා ඒකෙන් අයින් වුනා. සෙල්වම්ගේ පවුල මහවිරු පවුලක් විදිහට  LTTEඑක නම් කලෙ එයාගේ පවුලෙන් LTTE එකට වුණු සේවය නිසයි.


ඒත් මේකේ ඇත්ත කතාව එහෙමම නෙවෙයි. සෙල්වම්ගේ පවුලේ අයව LTTE එකට බදව ගත්තේ බලෙන්මයි. ඒයාගෙ තාත්තා විතරයි කැමැත්තෙන් එකට ගියේ. තාතාගේ මරණෙන් පස්සේ LTTE එක බලෙන්ම අම්මව අරන් ගියා. අම්මා තුවාල වුණාට පස්සේ  අම්මව ගෙනල්ලා දාලා ගියා. ආයෙත් ටික දවසකින් ඇවිත් සෙල්වම්ගේ අයියාව ඇදගෙන ගියේ ගෙදර හැමෝම මහ හඩින් හඩා වැළපෙද්දීයි. ඒත් අයියා මැරුණා කියන පණිවිඩය විතරයි ගෙදරට ආවෙ.


මේ හැම දෙයක්ම අවසානයේ සෙල්වම්ගේ පවුල මහවිරු පවුලක් වුණා.


LTTE එකේ පැත්තේ නායාකයා වෙද්දී සෙල්වම්ගේ ආබාධිත වෙල හිටපු අම්මා එක්ක සම්බන්ධයක් ඇතිකර ගත්තා. තමන්ගේ එකම දරුවාව බේරගන්න තියෙන එකම විදිහ ඒක නිසා සෙල්වම්ගේ අම්මත් තිරිසන් ආසාවන් පිරිමහ ගන්න මිනිහට ඉඩ දුන්නා.


පැත්තේ නයකයාගේ හොරගෑණිගේ පුතා නිසා කවුරුත් සෙල්වම්ව පැහැරගන්න ආවේ නැහැ.



***** 


සෙල්වම්ගේ හොදම යාලුවා වුනේ සදීස්. ඇත්තටම සෙල්වම් එහෙම කිව්වට සදීස් කියන්නෙ සෙල්වම්ගේ හොදම යාලුවාට වඩා ගොඩක් එහා ගිය චරිතයක්.


සදිස් සෙල්වම්ට වඩා අවුරුද්දක් වැඩිමල්. LTTE එකෙන් සදීස්ව පැහැරගෙන ගිය දවස සෙල්වම්ට තාමත් අද වගේ මතකයි. සෙල්වම්ට සදිස්ගේ ගෙදර පැත්තෙන් සද්දේ ඇහුනා. ඒත් සෙල්වම්ට මොකුත් කරන්න දෙයක් තිබ්බේ නැහැ. සෙල්වම්ගේ අම්ම සෙල්වම්ව දරමඩුවේ හදලා තිබ්බ වලක දාලා වැහුවා.




*****





සදීස්සෙල්වම්ගේ ජීවිතේ හිටපු වටිනාම යාලුවා. සෙල්වම් වයස 10-12 විතර ඉදන්ම දැනගෙන හිටියා සදීස් කියන්නේ සෙල්වම්ට යාලුවෙක් විතරක්ම නෙවෙයි කියලා. ඒත් බැදීම සෙලවම්ට පැහැදිළි කරන්න තේරෙන්නේ නැහැ. මොකද සෙල්වම් එහෙම බැදීමක් කවදාවත් දැකලා තිබේ නැති නිසා.


සදීස්ට සෙල්වම් ඇත්තටම ආදරේ කලා. ඒත් ඒක එයාවත් දැනගෙන හිටියෙ නැහැ. සදීසුත් එහෙමයි. එයත් සෙල්වම්ට ආදරේ කලා. දෙන්න අතරේ පොඩි පොඩි දේවල් වෙලා නැතුවමත් නෙවෙයි. ඒත් දෙන්නගේ බැදීම් දෙන්නගේම හිත් වල රහසේම හැංගිලා තිබ්බා.


සදීස්ව LTTE එකෙන් අරන් ගියාට පස්සෙ සෙල්වම් දවස් ගානක්  හිටියේ පිස්සු වැටිල වගෙයි. අවසානයේ සදීස් අම්මගෙන් ඉල්ලුව අම්මත් එක්ක රෑට රෑට නිදාගන්න LTTE සාමාජිකයාගෙන් මේක අහන්න කියලා.




*****




ඉතින් සෙල්වම්වත් අපේ හමුදාවට එවන්නකෝඌට යාලුවත් එක්ක ඉන්න පුලුවන්නේ…” LTTEකරයාගේ උත්තරය උනේ ඒකයි.


අනේදෙයියනේඑහෙමනම් කියන්න එපාඅයියෝ... මට ඉන්නේ මු විතරයි... මූවත් මට නැතිකරන්න එපා​…” අම්මා අඩාවැටුනා.


බලමු... “ එහෙම කියලා  LTTE සාමාජිකයා ආයෙත් සෙල්වම්ගේ ඉස්සරහම සෙල්වම්ගෙ අම්මගේ ඇග උඩට නැග්ගා.




******




දවස් කීපයකට පස්සේ දවසක ගෙදර ඉස්සරහා jeep එකක් නැවැත්තුවා. ඒකෙන් ආවෙ සෙල්වම්ගේ අම්මා එක්ක නිදාගන්න එන LTTE සාමාජිකයායි.




සෙල්වම්නැගපන් jeep එකට





අනේදෙයියනේ…!!!සෙල්වම්ගේ අම්මා අඩන්න උනා.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-04, 7:34 pm
pride  pride
Anonymous
Guest
Guest

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-04, 7:45 pm
කාලකන්නි හැත්ත ... එළස් මචන් 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-04, 10:09 pm
hmmmmmm
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9548
Member Since : 2013-03-28

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-04, 10:40 pm
pride  pride  pride  pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-05, 8:24 am
:shock:  :shock:  :shock:  :shock:  :shock:  :shock:  :shock:  :shock:
theejan
theejan
memebrs with 1 post
Country : United States
Posts : 3
GetReal Gold : 7807
Member Since : 2013-08-21

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

2014-02-05, 9:37 am
nice :D  :D  :D  :D  :D
Sponsored content

තල්වැට අද්දර....  - Page 2 Empty Re: තල්වැට අද්දර....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum