Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


තල්වැට අද්දර....

+17
weera1
Max Tylar
Thisara
tharindu_d
sudumadu
Sithija
eboys
Jith
shevan
theejan
Esala
kasunx
chathura1122
thavisha
Siyapath
සහන්
Hasun
21 posters
Go down
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-06, 11:19 pm
kathawa nam lassanai kollo godak sanvedee
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 3:29 pm
ගොඩක් ස්තූතියි කසුන්...තවීෂ​... නිල් සාලිය​...

ඇත්ත​... ඒ අවාසනාවන්ත යුද්ධය සිංහල දෙමළ අපි හැමෝටම ඇති කළේ දුකක්ම විතරයි...

ඒ කාලේ අපි NEWS අහද්දී මට මතකයි කියනවා...
"අද​.... ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් යුධ හමුදාවේ 5ක්ද​, කොටි ත්‍රස්තවාදීන් 10ක්ද මරණයට පත්විය​..." කියලා.

10 -5 =5යි... කියලා මිනිස් ජීවිත වල ළාභය ගණන් හදපු යුගයක් අපිට තිබුනා...

ඒත් ඒ යුද්ධය නොතිබ්බානම් රටේ සංවර්ධනයට දායක වෙන්න හිටිය තරුණ​... ශක්තිමත්... නිරෝගී කොල්ලෝ 10+5=15ක් අහිමිවුණා කියන එක අපිට තේරුනේ තවත් කාලයකට පස්සෙයි....

***** 

ඉතින් ඔයාලා හිතනවා ඇති ඇයි සෙල්වම් කදවුරේ හර්ෂණට මුනගැහුන වෙලාවේ අසාමාන්‍ය විදිහට හැසිරුනේ කියලා... කෝ සෙල්වම්ගේ අම්මා කියලා...

මම ඒ ප්‍රශ්ණයට උත්තරෙත් අරන් ඊලග කොටසින් එන්නම්...

hasun001
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 4:02 pm
pride  pride  pride
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8850
Member Since : 2013-02-03

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 4:11 pm
Yudde kiyanne...
Ai wadak ne e gana kata karala
Lassanai saho katawa.!!
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 7:28 pm
කථාව ලස්සනයි මල්ලි.
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 8:55 pm

ගොඩක් ස්තූතියි තවීෂ​... චතුර​... සහන්....

මේ දක්වා මාත් එක්ක හිටපු, නොහිටපු හැමෝටම ගොඩක් ස්තූතියි...

එහෙනම් මේ ඇරඹෙන්නේ තල් වැට අද්දර​.... අවසන් කොටසයි....



හසුන්....


 Arrow  Arrow  Arrow
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 9:07 pm
Message reputation : 100% (2 votes)




දෙන්න එකිනෙකාව බදාගෙන කොච්චර වෙලාවක් හිටියද කියලා දෙන්නටම හිතාගන්න බැහැ. ඒ හැගීම් පිරිලා ඉතිරිලා ගිය මොහොත එයාලගේ ජීවිතේ මෙච්චර කාලයක් වින්ඳ හැම වේදනාවක්ම අමතක කරන තරම්. ඇස් දෙක පියාගෙන සෙල්වම් ඒ ආදරය විඳ ගත්තෙ පුදුමාකාර ආශාවකින්.


“මම හිතුවෙ නැහැ කවදාවත් ආයෙත් උඹව දකින්න හම් බවෙයි කියලා සෙල්වා..” සදීස් මුහුණු ආවරණය ඉවත්කරන අතරේ කිව්වේ සෙල්වම් දිහා එයාගේ ආදරය උතුරලා යන ඇස් දෙකෙන් බලාගෙනමයි.


“මමත්…”


“මම ඔයාට පොරොන්ඳු වුනානේ කවදාහරි කොහොමහරි මැරෙන්න කලින් ඔයාව හොයාගන්නවා කියල සෙලවා…”


“සදීස්…” එහෙම කියපු සෙල්වම් සදීස්ගේ කට එයාගේ අතින් වැහුවා. සෙල්වම්ගේ ඇස් වල කඳුලු පිරිලා උතුරලා යනවා.




*****




දෙන්නම පැත්තක ගලක් ලග වාඩි වුණා. සදීස්ගෙ මූණේ තිබ්බේ බැරෑරුම් පෙනුමක්.


“අනේ සදීස්… මම මෙක උබට කොහොම කියන්නද​…. උඹේ පවුලේ ඔක්කොම​…” සෙල්වම්ට ඒක කියන්න ඕන වුණේ නැහැ.


“මට ඒක දැනගන්න ලැබුණා බන්…” සදීස් කඳුලු පිහදමලා සෙල්වම් දිහා බැලුවා.


“මට ඒගැන දුකයි බන්”


“එයාලත් නැතිවුණා කියලා දැනගත්තම මට ඕනවුන එකම දේ උඹව හොයාගන්න එකයි… මම ඒකට කොච්චර මහන්සි වුණාද කියලා උඹ දන්නෙ නැහැ බන්… මේ වෙල්ලමුල්ලිවයික්කාල්වල ගස් ගල් වලට කතාකරන්න පුලුවන්නම්…. ඒ හැම ගහක් ගලක්ම ඒක උඹට කියාවි…”


“මට දුකයි සදීස්… ඔයාගෙ ඒ දුක බෙදාගන්නවත් මට ඔයාලග ඉන්න බැරි වුණා…” සෙල්වා සදීස්ට ආදරෙන් තුරුලු වුණා.


“සෙල්වා… ඉස්සරහට එන්නේ හොද කාලයක් නෙවෙයි… “


“ඇයි සදීස්?”


“මේ යන විදිහට ගියොත් මේ යුද්ධේ තව දවස් දෙක තුනකින් අපි පරදිනවා… ඒක සැකයක් නැහැ.” සදීස්ගේ මුණේ තිබ්බේ පරාජිත බවක්.


Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 9:13 pm
Message reputation : 100% (1 vote)


“සිංහල හමුදාව අපිව මරන්න එනවද​?”


“නැහැ බන්… සිංහල හමුදාවනම් උඹලාව මරන්නේ නැහැ… ඒත් තව දවස් දෙක තුනක් ඇතුලත යුද්ධේ මෙහෙටම එයි. එතකොටනම් අපි හැමෝම ඉවර වෙයි…”


“මම අහලා තියෙන්නේ සිංහල හමුදාවට අහුවුනොත් ඉවරයි කියලයි”


“නැහැ සෙල්වා… මට ඇත්තටම බය අපේ හමුදාව ගැනයි…”


“ඇයි එහෙම කියන්නේ?”


“ඊයේ මම අපෙ ලොක්කෙක්ගේ වැඩකට යද්දි මට ඇහුනා… එයාලා කතා වෙනවා…”


“මොකක්ද​?”


“අපේ මිනිස්සු ටිකක් මරලා සිංහල හමුදාවෙන් මැරුවා කියලා කතාවක් පතුරවන්න​”


“දෙයියනේ”


“මේ වෙද්දී ගොඩක් අය සිංහල හමුදාව ඉන්න පැත්තට පැනලා යනවා… එහෙම යන අයට හැම පහසුකම්ක්ම දෙනවලු සෙල්වා…” 


“අපේ හමුදාව පරද්දන්න සිංහල හමුදාවට පුලුවන් වේවිද​?”
“සාමාන්‍ය මිනිස්සු නොහිටියානම් සිංහල හමුදාව පැයෙන් දෙකෙන් මේ ඔක්කොම අල්ලලා… එයාලා මේ වෙද්දි අහසින් ගහන එක නවත්තලා අහිංසක මිනිස්සුන්ට තුවාල වෙන නිසා.. “


“ මොනවද කරන්න ඕන කියලා හිතාගන්න බැහැ සදීස්…”


“මේ වෙද්දී අපේ කොටි හමුදාව මෙහෙම හරි බේරිලා ඉන්නේ අහිංසක මිනිස්සුන්ට මුවාවෙලායි… ඒකයි එයාලා මිනිස්සුන්ට පැනලා යන්න දෙන්නෙ නැත්තේ…”


“ ඊයේ පැනලා ගිය අයට වුනදේ දැක්කම පැනලා යන්න හිතන්නවත් අමාරුයි”
මෙච්චර වෙලා පැත්තක් බලන් හිටපු සදීස් එකපාරටම සෙල්වා දිහා බැලුවා.. ඒ ඇස් වල තිබ්බේ ස්ථීර බැල්මක්.


“සෙල්වා… අපි  සිංහල හමුදාව ඉන්න පැත්තට පැනලා යමු…” සදීස්ගේ වචනවල තිබ්බේ තීරණාත්මක බවක්.


“ඒත්”


“ඔව්… සෙල්වම්… වඩේ වැරදුනොත් අපිව මරලා දායි… හැබැයි… අපි හිටියා කියලාත් ඒකේ වෙනසක් වෙන්නේ නැහැ… කොහොමත් අපි මෙතන හිටියොත් මැරුම්කනවා… අඩුම තරමේ ජීවත් වෙන්න අපි උත්සහයක්වත් ගන්න ඕන​…”


Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 9:22 pm
Message reputation : 100% (2 votes)


“ඒත් කොහොමද එක කරන්නේ…”

“මේ වෙද්දි යුද්ධේ දිහා මුලු ලෝකෙම බලන් ඉන්නවා… එක නිසා එයාලා මම වගේ ළමා සොල්දාදුවෝ මේ වෙද්දි පුලුවන් තරම් සටන් තියෙන පැත්තෙන් පිටයි තියන්නේ…. මාව දැන් දාලා ඉන්නේ සමාන්‍ය ජනතාව පැනලා යන එක මුර කරන්නයි... ඉතින් මම මේ පැත්තට එන්නම්… උඹ අම්මා එක්ක ලැස්ති වෙයන්… අදම මේක කරන්න වෙයි… නැත්තම් අපි පරක්කු වැඩි වෙයි…”

“අපි කොහෙඳ යන්නේ…”

“මම එක ඒ වෙලාවට කියන්නම්…”

“මම දැන් යන්න ඕන​…” එහෙම කියපු සදීස් හිටපු තැනින් නැගිට්ටා.

“පරිස්සමින්, පුලුවන් ඉක්මනට ආයෙත් වරෙන්… “

“මම අයෙත් එනවා… පොරොන්ඳු වෙනවා… එහෙම කියපු සදීස් එයාගෙ සාක්කුවකින් අපිරිසිදු වුණු photo එකක් අතට ගත්තා.
“මමනම් ඔයාව හැමදාම මගේ ලග තියාගෙනමයි හිටියේ” එහෙම කියපු සදීස් එයාගෙ සාක්කුවෙන් ගත්තු photo එක සෙල්වම්ට දුන්නා. සෙල්වම්ට අදහාගන්නත් බැරි වුනා. ඒ එදා කොටි කදවුරේදි සෙල්වම් සදීස්ට දුන්නු පින්තූරයයි.

“මම දැන් යන්න ඕන​… මම ආයෙත් ඇවිල්ලා ඕක ගන්නකම් ඕක ඔයා ලග තියාගන්නකො” එහෙම කියලා සදීස් යන්න හැරුනා. ඒ පින්තූරයත් අතෙ තියාගෙන සදීස් ආපහු හැරිලා යන දිහා සෙල්වම් බලන් හිටියේ කඳුලු පිරුණු ඇස් වලිනුයි.

සදීස් ආයෙත් තුවක්කුවත් අරගෙන සෙල්වම්ගෙන් වෙන්වෙලා ගියේ කැමැත්තකින්නම් නෙවෙයි.


***** 


නිදහස​… එහෙම කිව්වට අපි කාටවත් ඒ වචනේ නිවැරදි අර්ථය හිතාගන්න පුලුවන්ඳ​? ඒත් එදා සෙල්වම්ගේ හිතේ තිබුණු බලාපොරොත්තුව වුණේ ඒ නිදහසයි. සෙල්වම්ට එයා ජීවත්වෙන්නේ ඊළමේද නැත්තම් ශ්‍රි ලංකාවේද කියන එකට වඩා වැදගත් වුණේ ඒ එයා විශ්වාස කරපු නිදහසයි.


**** 


ටිකින් ටික ඉර බැහැලා යන්න පටන් අරන්. පැත්තක මුහුදු හුලග අරන් ආවෙ වෙනදා දැණුනු විදිහේ ලුණුමුසු සුවදක් නෙවෙයි. ඒ හුලගේ තියෙන්නෙ පිච්චුණු වෙඩිබෙහෙත් දුම් ගදට මුසු වුණු ලේ ගද විතරයි. දවල් වගේ නෙවෙයි මේ වෙද්දි වෙදි හඩ ඇහෙන්නේ ගොඩක්ම ලගින්. හැම කෙනෙක්ම බයවෙලා. ඔක්කොම ආරක්‍ෂිත තැන් වල හැංගිලා.


“පුතේ… අපිට තවත් ඉන්න බැහැ…” අම්මගෙ කටහඩ වෙව්ලනවා වගෙයි.

ඒ වෙද්දි හොදටම අදුර වැටිලා... සෙල්වම් තාමත් අම්මාට සදීස් මුණගැහුන බවක් කිව්වේ නැහැ.

Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 9:28 pm
Message reputation : 100% (2 votes)


“ අපි යන්න ඕන අම්මේ…” සෙල්වම් අම්ම දිහා බැලුවේ බයමුසු බැල්මකින්.

“ඒක ඇත්ත​… මේ යන විදිහට අපි එක්කෙනෙක් හරි අද රැට මෙතන නිදාගත්තොත් හෙට උදේට නැගිටින්නෙ නැහැ…” අම්මගේ වචන වල බරපතලකම සෙල්වාට හොදින් තේරෙනවා. අම්මා කලින් කොටි සාමාජිකාවක් නිසා අම්මට ඒක හොදට තේරෙනවා.

තවත් තත්පර දහයක් ගතවෙන්න ඇති. සෙල්වම් හිටපු තැනත ආයෙත් සදීස් ආවා.

“දෙයියනේ… සදීස්” සෙල්වම්ගේ අම්මාට මොකුත්ම හිතාගන්න බැරි වුණා.


**** 


මිනිස්සු සිය ගණන් කොටී හමුදාවේ වෙඩී පහරවල් නොතකා නන්ඳිකඩාල් කලපුවේ බැහැලා සිංහල හමුදාව ඉන්න පැත්තට දුවන එක මේ වෙද්දි කොටින්ටත් නතරකරගන්න බැරි වෙලා තිබ්බා. සීයක් යන්න පටන් ගත්තොත් අඩුම තරමේ දහයක් විස්සක් වත් කොටි වෙඩි වලට මුහුණ දුන්නා. ඒ අයගෙනුත් සමහර අය ලේ පෙරාගෙන කොහොම හරි ඉස්සරහත දිව්වා. ඒත් සමහරු නන්ඳිකඩාල් කලපුවේ වාතලයට තමන්ගේ අවසන් හුස්ම එකතු කලා.

“ගමන පටන් ගත්තට පස්සේ ආපහු හැරිල්ලක් නැහැ… අවසානය වෙනකම් යන්න ඕන​… එක වෙලාවක හරි නතර උනොත්… එක තැනක හරි නතර උනොත්… තුවක්කුකාරයෙකුට අපිව ඉලක්කෙට ගන්න පුලුවන් වෙනවා…” සෙල්වම්ගේ අම්මා පරන අත්දැකීම්වලින් උපැස් දුන්නා.

“ඒවගේම තමයි බිම්බෝම්බ​…ඒව නැති තැන් මම දන්නවා… මතක තියාගන්න කලපුවේ වතුරේ පවා බෝම්බ තියෙනවා.” සදීස් කතාවට හවුල් වුනා.

“කලපුව ගොඩක් ගැබුරු නැහැ… ගොඩක් තැන් වල පයගහලා ඇවිදින්න පුලුවන්….” සදීස් තවදුරටත් පැහැදිලි කලා.

“සදීස්… උඹ ඔය ඇදුමෙන් ගියොත් උඹ සිංහල හමුදාවෙන් මැරුම් කනවා… ඕක ගලවලා මගේ එකක් ඇද ගනින්.” සෙල්වන් සදීස්ට එයාගෙ ඇදුමක් දුන්න​.


**** 


මේ වනවිට මැදියමත් පහුවෙලා. යන්තමින් හද එලියක් තිබ්බත් ලොකු වළාකුලක් හද තිබුණු පැත්තට එන්න පටන් අරන් තිබ්බා. සදීස් මේ වෙද්දි එයාගේ තවත් හිතවත් ළමා සොල්දාදුවෝ දෙන්නෙකුත් එක්ක රහසෙන් වැඩේ ලැස්ති කරලයි තිබ්බේ. එක පාර 200ක් විතර දුවන්නයි සූදානම​.

බොහොම හෙමින් ආපු වළාකුල හද එලිය වහගනිද්දී වෙලාව පාන්ඳර 2 විතර වෙලා.


“හරි… යමු… ඉක්මනින්”



Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 9:38 pm
Message reputation : 100% (2 votes)


සදීස්ගේ  සංඥාවත් එක්කම සිය ගානක් මිනිස්සු එක තත්පරයකදි කූඩාරම් වලින් එලියට පැනලා නන්ඳිකඩාල් කලපුව පැත්තට දුවන්න ගත්තේ කුලප්පු වුණු කුලුහරක් රැළක් වගෙයි.

ඒත් එක්කම මහ වෙඩී වරුසාවක් ඒ අහිංසක මිනිස්සුන්ගේ පැත්තත එල්ල උනේ කාටවත් හිතාගන්න බැරි විදිහටයි.

එකා පිට එකා ලේ පෙරාගෙන ඇද වැටෙද්දී  ඒ මිණී උඩින් පැනගෙන දුවන මිනිස්සුන්ගේ දර්ශණය පැහැදිළි කරන්න වචන සෙලවම් ලග නැහැ.

සෙල්වම්ගේ අම්මා දිව්වේ සෙල්වම්ට ඉස්සරහින්. ඒත් ඊලග නිමේශයේදි කොහෙන්ඳෝ ආපු උණ්ඩයක් සෙල්වම්ගේ අම්මගේ ඔලුවේ පිටිපස්සෙන් ඇතුලුවෙලා ඉස්සරහින් එළියට ආවා. කපලා දාපු ගහක් වගේ සෙල්වම්ගේ අම්මා කලපු ඉවුරේ ඇදගෙන වැටුනේ තත්පරයකටත් අඩු කාලයකදියි.


“සෙල්වම්…. නැගිටපන් යකෝ… සෙල්වම්…” ඒ සදීස්ගේ හඩ​. ඒත් සෙල්වම් තාමත් අම්මගේ මිණිය බදාගෙන​. වේගයෙන් ඇදිලා ආපු උණ්ඩ වැලි කැට විසුරවගෙන එයාලා අසලින්ම පතිත වුණා.

“අම්මා”

“නවතින්න එපා… දුවපන්….” එහෙම කැගහපු සදීස් සෙල්වම්වත් අතින් ඇදගෙන ආයෙත් ඉස්සරහත් දුවන්න ගත්තා.

“කොටි හමුදාවේ තුන් දෙනෙක් පස්සෙන් එනවා… උන් පස්සේ අයට වෙඩි තියනවා” එකෙක් කැගහන හඩ යන්තමට සෙල්වම්ට ඇහුනා සෙල්වම්ට මතකයි. ඒත් එක්කම සදීස් ආපස්සට හැරිලා බැලුවා.

“උන් ආවොත් අපේ ගොඩක් අය මැරෙයි… මම උන්ව නවත්තන්නම්” එහෙම කියපු සදීස් ආපස්සට හැරුනා.

“පිස්සුද සදීස්…?”

“ඒත් උන් නැවැත්තුවේ නැත්තම් අපි කාටවත් යන්න බැරි වෙයි” එහෙම කියපු සදීස් සෙල්වම්ගේ අත අතහැරියා. කඳුලු පුරවන් හිටපු සෙල්වම්ව ඉස්සරහට තල්ලු කරපු සදීස් තීරණාත්මකව ආපස්ස බැලුවා.

“සදීස්.. අනේ යන්න එපා…” සෙල්වම් කැගැහුවා.


Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 9:46 pm
ela ela
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 9:49 pm
Message reputation : 100% (2 votes)



“බයවෙන්න එපා.. එයාලව නවත්තන්න මට පුලුවන්… ඔයා දිගටම ඉස්සරහට යන්න​… අර ඉස්සරහා පේන්නේ සිංහල හමුදාවේ සීමාව.”එහෙම කියපු සදීස් අත්බෝම්බයක් අරගෙන ආපස්සට හැරුනා…


 දණිස්ස ගාවට නන්ඳිකඩාල් කලපුවේ වතුරේ බැහැලා හිටපු සෙල්වම්ගේ අතෙ මෙච්චරවෙලා උණුසුමට දැවටුණු ඒ සොඳුරු ස්පර්ශය එයාගේ අතින් ගිලිහිලා යනවා සෙල්වම්ට දැනුනා.



***** 



මෙච්චර වෙලා  කදුලු පුරවගෙන එයාගේ කතාව අපිට කිව්ව සෙල්වම් නිහඩවම​… ඒත් රතු පැහැවුණු ඇස් දෙකෙන් මගෙත් දසුන්ගෙත් දිහා බැලුවා… ඒ ඇස් වල තවත් අඩන්න කඳුලු නැති තරම්. හීනියට ඉකිබිදුම් ආවත් අඩුම තරමේ අඩන්නවත් සෙල්වම්ගේ පණක් ඉතිරු වෙලා තිබ්බේ නැති තරම්.

සෙල්වම් එයාගේ සාක්කුවට අත දාලා එක අවපැහැ ගැන්වුණු කඩදාසියක් අපෙ පැත්තට දික්කලා. සෙල්වම්ගේ අත වෙව්ලනවා මට යන්තමින් පෙනුනා.

 ඒක photo එකක්. ඒකෙ සෙල්වම් එක්ක තවත් වයස 15-16ක වගේ කොල්ලෙක් කරට අත දාගෙන හිටියා. ඇත්තටම ඒ ලස්සන කොල්ලෙක්. ලෙංගතු, අවංක හිනාවකින් ඒ මුණ සැරසිලා තිබුණා. මට ඒ photo එක මොකක්ද කියලා සෙල්වම්ගෙන් අහන්න හේතුවක් තිබ්බේ නැහැ. මොකද ඒ photo එක මොකක්ද කියලා මට හිතාගන්න අමරු නැති නිසා.

“එදා සදීස් ආයෙත් එනවා කියලා මට​ පොරොන්ඳු වුනේ නැහැ…” සෙල්වම් කෙදිරිළි හඩකින් කිව්වා.


***** 


ඉතින්  මෙච්චර වෙලා සෙල්වම්ගේ කතාව අහගෙන හිටිය අපි දෙන්නම මොකුත්ම කර කියාගන්න බැරුවමූණට මූණ බලාගත්තේ මීලගට කරන්න ඕන මොකක්ද කියලාවත් හිතාගන්න බැරුවයි. අපේ ඇස් වලත් දන්නෙම නැතුව කදුලු පිරිලා.

මම ආපස්සට හැරෙද්දි දැක්කා Dr.විජේවර්ධන අපේ පිටිපස්සේ හිටගෙන ඉන්නවා. සර් ගෙත් මුනේ තිබ්බේ මහ  දික්ඛිත පෙනුමක් කිව්වට වැරදි නැහැ.
***** 
සෙල්වම්ව විශේෂ ආරක්‍ෂාවක් ඇතුව නවත්තලා අපි හෙමීට ආයෙත් අපේ කාමර තිබ්බ පැත්තට ඇවිදගෙන ගියා. අපි කවුරුත් හිටියේ ලොකු නිහැඩියාවකින්. සමහරවිට අපේ හිත්වලට දැනුනු ඒ අසම්පූර්ණ හැගීම නිසා වෙන්න ඇති.

“මොකද හිතෙන්නේ හර්ෂණ​…?” Dr. විජේවර්ධන මගේ දිහා බැලුවේ ඒ නිහඩතාවයට විරාමයක් එකතු කරන ගමන්.

“මට මොකුත් කියන්න තේරෙන්නේ නැහැ සර්….” මම හෙමින් කිව්වා.




Last edited by Hasun on 2014-02-16, 10:31 am; edited 2 times in total
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 9:50 pm
thanx siyapath...
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 10:00 pm
Message reputation : 100% (3 votes)


“ඒ කතාවේ මට මහා අමුතු අසම්පූර්ණ බවක් දැනෙනවා….” මෙච්චර වෙලා නිහඩව හිටපු දසුන් හෙමින් අපි දිහා බැලුවා.

“ඔයාලා හරි… ඒ කතාව ඇත්තටම අසම්පූර්ණයි…. තාමත් ඒ කතාවේ අවසානය  අපි කවුරුත් දන්නෙ නැහැ… වෙන විදිහකින් කියනවානම් ඒ කතාවෙ අවසානය දැනගන්නයි මේ සෙල්වම් හැම වෙලාවෙම උත්සහ කරන්න ඇත්තේ” Dr. විජේවර්ධන කියපු දේ මට එක පාරට තේරුනේ නැහැ.

“ඒ කිව්වේ?”

“මට තේරුනෙත් නැහැ…” දසුනුත් අපේ දිහා බැලුවා.

“අපි හැමෝටම මේක දැනගන්න කලින් තිබ්බ ප්‍රශ්ණය උනේ ඇයි සෙල්වම් මේ විදිහට හැසිරෙන්නේ කියලයි… ඇයි සෙල්වම් IDP කදවුරෙන් පැනලා යන්නේ කියලයි… එයා කදවුරේ හැම තැනම හොයන්නේ කවුද කියන එකයි…. අද ඒකට උත්තරේ අපි දන්නවා… එක සෙල්වම් අපිට අද මේ විදිහට කිව්වා…. ඒත් සෙල්වම්ට තියෙන ප්‍රශ්නෙට අපි කවුරුත් තාමත් උත්තරයක් දන්නෙ නැහැ… සෙල්වම් දැක්කා එයාගේ අම්මා මැරෙනවා… ඒත් සදීස්?... එයා නන්ඳිකඩාල් කල්පුවේදි ආපස්සට හැරුණා විතරයි… ”

“මම හිතන්නේ සර් කියන්න යනදේ තේරෙනවා” මම හෙමින් කිව්වේ සර් දිහා බලාගෙනමයි.

“ඔව්…  සෙල්වම්වත්, අපිවත් දන්නෙ නැහැ සදීස්ට මොකද වුනේ කියලා… ඉතින් සෙල්වම්ගේ හිතේ කොහේහරි කෙලවරක තියෙනවා සදීස් ආයෙත් එයා ලගට එයි කියන බලාපොරොත්තුව​… සදීස් තාමත් ජීවතුන් අතර ඉන්නවා කියන සැකය​….” Dr. විජෙවර්ධන ඈත අහස දිහා බලාගෙන කියනවා මට ඇහුනා.


*****
Sponsored content

තල්වැට අද්දර....  - Page 4 Empty Re: තල්වැට අද්දර....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum