Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මනමේ

+18
Jith
Thisara
nisal kapila
Sithija
chathura1122
kasunx
nisala
suranga
Esala
Harsha
Vikasitha
Siyapath
Mandaram
Hasun
thavisha
සහන්
shevan
භානුක
22 posters
Go down
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

මනමේ Empty මනමේ

2014-01-24, 1:23 pm
Message reputation : 100% (6 votes)
මනමේ Maname



එදා දවස හොඳට මතකයි මට. කොහොමටත් ඒ දවස අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ගෙදර හැමෝම ඥාතියෙකුගෙ බණ ගෙදරකට ගියේ එදා රැයත් ගතකරන අදහසින්. ඒත් පහුවදා අනිවාර්යයෙන්ම රැකියාවට යන්න ඕන උන නිසා මං තීරණය කළා ගෙදර නවතින්න. ඒත් තනියම ඉන්න එක ගැන පොඩි අසීරුවකුත් නොදනුනාම නෙමෙයි. තනියම ඉද්දි කරන්න දේවල්ද නැත්තේ.. එක්කෝ ටී.වී. එක බලන්න පුළුවන්. නැත්නම් Prayers for Bobby බලන්න පුළුවන්. යාළුවෙක්ගෙන් ෆිල්ම් එක ඉල්ලගෙන ටික දවසක් උනත් ගෙදර කට්ටිය ඉද්දී ඒක බලන්න නිදහසක් තිබුණේ නැහැ. ඔෆිස් එකේදී කවුදෝ මන්දා කිව්වා අද ටවර් එකේ මනමේ පෙන්නනවා කියලා. එවෙලෙම මට හිතුනා හවසට මනමේ බැලුවනම් හොඳයි නේද කියලා. මනමේ බලන්න පුදුම ආසාවක් හවස් වෙද්දී මගේ හිතේ ඇතිවෙන්න පටන්ගත්තා. පැවරුණු වගකීම් සියල්ල අමතක වෙන්න පටන්ගත්තා. හවස 6.30 විතර වෙද්දී මං සම්පුර්ණයෙන්ම මගේ පාලනයෙන් තොර උනා. ගෙදර යන එක පැත්තක තියලා මං ටවර් රඟහලට ගියේ පාවෙනවා වගේ.


රඟහලේ එතරම් පිරිසක් හිටියේ නැහැ. සමහරවිට සතියෙ දවසක් නිසා වෙන්න ඇති. එක අතකින් ඒක හොඳයි. නිවිහැනහිල්ලේ නාට්‍යය රස විඳින්න පුළුවන් කියලා මට හිතුනා. ශාලාවට ඇතුළු වූ විගසින්ම වගේ දර්ශනය ආරම්භ උනා.
ටවර් එකෙන් එලියට එද්දී රෑ දහයට විතර ඇති. හොඳටම පරක්කු වෙලා. නැගගත් බසය ඇතුළේදිත් මම කළේ මනමේ ගැන කල්පනා කරන එක. මනමේ කුමරියගේ ඉරණම ගැන මං බොහොම කළකිරීමට පත් උනා. ඇය එවන් තත්ත්වයකට වැටුනෙ ඇයි කියන එක මට හිතාගන්න පුළුවන් උනේ නැහැ. මහා ව්‍යාකුල හැඟීම් වලින් හිත පිරිලා තිබුණා.
ගෙදරට ඇවිත් දොර අරිනවත් එක්කම මම දැක්කෙ අමුතුම දර්ශනයක්. හොරෙක් හතුරෙක් නෙමෙයි. කාන්තාවක් මගේ දිහා සිනාමුසු මුහුණින් බලාගෙන සැටියේ වාඩි වෙලා හිටියා. මං මගේ ඇස් පිහදැම්මා. ආයෙත් බැලුවා. මට එක පාරටම මතක් උනේ අද නාට්‍යයේ මනමේ කුමරිය. ඔව් කුමාරියක් වගේ ගැහැනියක් වාඩි වෙලා ගෙයි ඇතුළේ.


“කවුද..??”


“මම.... බයවෙන්න එපා. කලබල වෙන්න එපා..”


“මම...? කවුද තමුසේ..??”


අවතාරයක්ද දන්නෙත් නැහැ කියලා හිතුනා.


“අනේ කරුණාවෙන් කතා කරන්න.. මම මනමේ කුමාරිය..”


“මොනවා..??”


“ඔව්.. මනමේ කුමාරිය..”


“මනමේ...???”


මගේ ඇඟ සීතල වෙන්න පටන්ගත්තෙ එතකොටයි. මගේ අත පය විතරක් නෙමෙයි මුළු සර්වාංගයම වෙව්ලන්න පටන් ගත්තා. මම සියලුම ශක්තිය දහිරිය ගත්තා නොසැලී ඉන්න. මම ආයෙත් මගේ ඇස් පිහදාලා ගෙයින් එලිය බැලුවා. සමහරවිට මං තවම ටවර් එකේ වෙන්න ඇති කියලා මට හිතුනා.ඒත්.. ඇත්තටම මං ගෙදරට ඇවිල්ලා. ගැහැනියක් ගේ ඇතුළේ. ගෙදර කවුරුත් නැහැ. නොයෙකුත් ආකාරයේ සිතුවිලි මගේ හිත පුරා දිව යන්න පටන් ගත්තා.


“ඇත්තටම කවුද..? මොකද්ද කාරණය..? මේ... ගෙදර කවුරුවත් නෑත් එක්ක..”


“මම.. මනමේ කුමරිය. කරුණාකරලා කලබල වෙන්න එපා. බය නැතුව ඇතුළට එන්න. ඔබ ඔහොම බයවෙලා වගේ ඉන්නවට මම කැමති නැහැ. වාඩි වෙන්න..”


මම ඇය දිහා හොඳහැටි බැලුවා. ඇත්තම තමයි. නවීන පන්නයේ ඇඳුමක් නෙමෙයි ඈ ඇඳන් ඉන්නෙ. හරියට මම අද ටවර් එකේ දැකපු මනමේ කුමාරි ඇඳගෙන හිටියා වගේම පැරණි රජකාලෙ ඇඳුම්. අඟ පසඟ හරියට ඇරිලත් නැහැ. වැහිලත් නැහැ. ගොඩක් පිරිපුන් රූමත් ප්‍රසන්න පෙනුමක්.


“හරි කියමුකො මනමේ කුමාරිය කියලා.. මොකද මෙහෙ කරන්නේ..?”


එහෙම කියනගමන් මං ටිකක් ඈතින් වාඩි උනා.


“මම ආවෙ ඔබව මුණගැහෙන්න..”


“ගෙදර කවුරුත් නෑ. අනික මේ මහා රෑ.. ඇරත් මනමේ පරණ කතාවක්නේ..”


“මනමේ පරණ කතාවක් තමා.. ඒත්...”


මම ආයෙම ගෙයින් පිටත බැලුවා. කවුරුහරි දැක්කොත් ගෑනියෙක් ගෙයි ඇතුළේ ඉන්නවා මං වසලත් හමාරයි.


“දොර වහන්න. එතකොට කවුරුවත් දකින්නෙ නැහැ. බය නැතුව වහන්න. කරදරයක් නැහැ මගෙන්..”


“ගෙදර කවුරුත් ඉන්න වෙලාවක ආවනම් නේද හොඳ..? අනික මේ රෑ ඔයා කොහොමද යන්නේ..? මේ.... ඔයා ඇත්තටම මනමේ කුමාරියද..?”


“ඔව්.. ඇත්තටම.. විශ්වාස කරන්න. මම මනමේ කුමාරිය. ඔබ තනියම ඉන්නා වෙලාවක් බලලයි මම ආවෙ. තනියම හිටියත් ඔබෙන් මට කරදරයක් වෙන්නෙ නැහැ කියලා මම දන්නවා. අනික ඔබ අද මනමේ නාට්‍යය බැලුවා නේද..?”


“කොහොමද දන්නේ..?”


“මම දන්නවා... ඒකයි අදම තෝරගත්තෙ ඔබව හමුවෙන්න...”


Last edited by භානුක on 2014-01-24, 10:27 pm; edited 3 times in total
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

මනමේ Empty Re: මනමේ

2014-01-24, 1:50 pm
Message reputation : 100% (2 votes)
ෂා......... අලුත්ම ඒ වගේම වෙනස්ම කතාවක්.
අනික කිසිම සද්දයක් නැතුව එක පාරටම ඇනිවසරි දවසෙම දුන්නු තෑග්ග මරු.
Anonymous
Guest
Guest

මනමේ Empty Re: මනමේ

2014-01-24, 1:58 pm
මොකක්ද මේ වෙන්නේ ?
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

මනමේ Empty Re: මනමේ

2014-01-24, 2:19 pm
Message reputation : 100% (1 vote)
නියමයි මල්ලි තවත් අපුරූ නිර්මානයක් පටන් අරන්
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

මනමේ Empty Re: මනමේ

2014-01-24, 5:50 pm
Message reputation : 100% (1 vote)
amuthu aluth kathawak wage
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

මනමේ Empty Re: මනමේ

2014-01-24, 5:51 pm
Message reputation : 100% (1 vote)
amuthu aluth kathawak wage
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8534
Member Since : 2013-07-22

මනමේ Empty Re: මනමේ

2014-01-24, 8:06 pm
Message reputation : 100% (1 vote)
භානුගේ ඔලුවද මගේ ඔලුවද අවුල්....????

මොකක්ද මේ වෙන්නේ... ලස්සන කතාවක් වගේ... අමුතුම දෙයක් අපිට කියයි වගේ...
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8492
Member Since : 2013-08-29

මනමේ Empty Re: මනමේ

2014-01-24, 8:17 pm
Message reputation : 100% (1 vote)
හ්ම්, බලමුකෝ...  Exclamation
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මනමේ Empty Re: මනමේ

2014-01-24, 8:28 pm
Message reputation : 100% (1 vote)
wow ela ela Bhanuwo  hug
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

මනමේ Empty Re: මනමේ

2014-01-24, 10:33 pm
Message reputation : 100% (1 vote)
-බොහොම ස්තුතියි ශෙවාන් සහෝ...


-මොනවා වෙනවා වගේද පේන්නෙ නිලෝ..?


-බොහොම ස්තුතියි සහන් අයියේ..


-බොහොම ස්තුතියි තවිෂ සහෝ..


-මගේ ඔලුව නම් කොහොමත් අවුල් හසුන් අයියේ.. ඔයාගෙ ඔලුවත් එහෙමද දන්නෙ නෑ. බොහොම ස්තුතියි..


-හා බලන්නකෝ මන්දාරම් සහෝ..


-බොහොම ස්තුතියි සියපත් අයියණ්ඩි..
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

මනමේ Empty Re: මනමේ

2014-01-24, 10:36 pm
Message reputation : 100% (6 votes)
මනමේ Shapeimage_3



දහසක් ප්‍රශ්න හිතේ ඇතිවෙන්න ගත්තා නිරායාසයෙන්ම. ඒත් හිතේ තිබුන බය නම් ටික ටික නැති වෙලා යන්න පටන්ගත්තා. පියවි සිහිය ක්‍රම ක්‍රමයෙන් එද්දී මම ඈ දිහා උවමනාවෙන් බැලුවා. ඇත්තටම ගොඩක් ලස්සනයි. දැන් ඉන්න කෙල්ලෙක්ගෙන් දකින්න බැරි අමුතුම සුන්දරත්වයක් මං ඒ අද්භූත ගැහැණිය තුළින් දැක්කා. ඓතිහාසික බවක් ඇගේ පෙනුමේ, ඇඳුමේ පැළඳුමේ ඔය හැම එකේම තිබුණා. ඒ වෙලාවෙ තමයි මට හිතුනෙ මේ මනමේ කුමරිය වෙන්න බැරිද කියලා.
 
“ඇත්තටම මනමේ කුමාරියද...?”
 
“ඔව්.. ඇයි දැක්කෙ නැතිද..? අද නාට්‍යයේ මනමේ කුමරිය සංසන්දනය කරලා බලන්න ටිකක්. නාට්‍ය කරුවෝ හරිම දක්ෂයි. මාව නිර්මාණය කරලා තිබුනා හරි අපුරුවට..”
 
“ඒ කියන්නෙ.. ඔයා බැලුවද මනමේ නාට්‍යය අද..?”
 
“ඔව්. මමත් බැලුවා ඔබ ළඟම හිඳගෙන. මට අවශ්‍ය උනා ටිකක් විස්තර. ඒ කියන්නෙ නූතන ලෝකය අපේ කතාව ගැන මගේ ගැන හිතන දකින හැටි දැනගන්න...”
 
“ඇයි..?”
 
“ඔබ සමඟ කතාබහ කරන්න මට හිතුනා ඒක බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා...”
 
මම තව දුරටත් ඇය දිහාම බලාගෙන හිටියා. මගේ බැල්මේ අමුත්තක් නිසාදෝ ඇය හීනියට හිනා උනා.
 
“ඔබට තාමත් අවිශ්වාසයි නේද..? විශ්වාස කරන්න මම මනමේ කුමරිය. අවතාරයක් එහෙම නොවෙයි. කොයිතරම් කල් බලාගෙන හිටියද මේ මොහොත එනකම්... ඒ නිසා කිසි චකිතයක් ඇතිකරගන්න එපා. මේ... අවශ්‍ය නම් ස්පර්ශ කර බලන්න..”
 
ඇය අත දික් කළා. හිත යටින් යාන්තමට ආසාවක් ආවත් ඒ අත අල්ලලා බලන්න මම ඒ ආසාව මැඩගත්තා.
 
“නෑ.. එපා.. හොඳයි මම විශ්වාස කරන්නම්කො... ඒත්.. මේ මහා රෑ ආපු කාරණාව..?”
 
“ඒක ලොකු විස්තරයක්. මම හිතනවා ඔබ මානසිකව තවම සූදානම් නෑ කියලා මා එක්ක කතා කරන්න. පිළිගන්න... මම ඇත්තටම මනමේ කුමරිය. මම ආවෙ අතීතයේ ඉඳලා...”
 
“පොඩ්ඩක් ඉන්න.. මට පැහැදිලි නැහැ.. අතීතයේ ඉඳලයි කීවෙ..?”
 
“අතීතය කියන්නෙ අතීතය..”
 
“ඉතිං කොහොමද අතීතයේ ඉඳලා එන්නෙ...? ඔයා ඇත්තටම මනමේ කුමාරි නම් ඔයා දැන් මැරිලා. ඔයාව වැදි රජ මරලා දාලා ඔයාගෙ චපල කම නිසා..”
 
“ඔබ කලබල වෙනවා.. එක පාරට එක විෂයක් අරගෙන කතා කරමු. හැම කාරණයක්ම වැදගත්. ඒත් ඔක්කොම එකට කතා කරන්න ගියොත් අපි අද හමුවන එකේ තේරුමක් නැහැ..”
 
ඈ එක්ක කතාව ලෙහෙසි නැහැ.. මනමේ කුමරිය, දිසාපාමොක් ඇඳුරුතුමාගෙ දියණිය නිසා වෙන්න ඕන.


“හරි... මම සුදානම්..”
 
“මාව තවම වැදි රජු මැරුවෙ නැහැ...”
 
“ඒ කියන්නෙ...?”
 
“තවම නෙමෙයි කොහොමටවත් වැදි රජෙක් මාව මැරුවෙ නැහැ...”
 
“මොකක්...?? පොඩ්ඩක් ඉන්න... ඔයා කියනවා වැදි රජු ඔයාව මැරුවෙ නැහැ කියලා.. නෑ.. වැදි රජු ඔයාව මරුවා. අද නාට්‍යයෙත් පෙන්නුවේ.. ඔයත් බැලුවා නේද..?”
 
“ඔබ කලබල වෙනවා... ඔබ දන්නා කතාවයි එය. ඔබ පමණක් නොවෙයි සියලුම දෙනා දන්නා කතාව එයයි. නමුත් සැබෑවට සිදුවූ දේ එය නොවෙයි...”
 
“හරි.. ඔයා මෙහෙ ආවෙ කොහොමද..? ඇත්තටම මනමේ කුමාරිය ජිවත් උනේ අවුරුදු දහස් ගානකට කලින්නේ...”
 
“අන්න ඒක තමයි ප්‍රධානම කාරණය.. මම පොඩ්ඩක් වරද්දා ගත්තා. මුලදීම මට තිබුණේ ඔබට පැහැදිලි කරන්න. මේ මම ප්‍රගුණ කළ දර්ශනයක්. හොඳට අහගන්න.. මම අතීතයට සහ අනාගතයට යාත්‍රා කරන හැටි ප්‍රගුණ කළ කෙනෙක්. මට ඕනෑම මොහොතක ක්ෂණයකින් අවශ්‍ය කාලයට යන්න පුළුවන්. මට එහෙම යන්න පුළුවන් කියන දේට වඩා ඔබ අවබෝධ කරගන්න ඕනෑ දේ තමයි අතීතය, වර්තමානය සහ අනාගතය එකවර සිදුවන්නක් බව. මේක සාමාන්‍ය අය දකින්නෙ එකිනෙකට වෙනස් අංග තුනක් විදිහට. නෑ එහෙම නොවෙයි.මෙය එකවිට සිදුවන්නක්. හරියට පොතක පිටු වගේ ඔබට ඕනෑ නම් පසු පිටු පෙරලලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරි ඕනෑම පිටුවක් පෙරලලා බලන්න පුළුවන්. මේක මම අවබෝධ කරගත්තෙ පුංචි කාලෙ මට මුණගැහුනු දාර්ශනිකයෙක්ගෙන්. ඔහුගේ උපදෙස් අනුව ඒ ගැන ගැඹුරින් මම හැදෑරුවා. දැඩි සංයමයකින් භාවනා කරලා, දැඩි කැපවීමකින් පස්සෙ මටත් පුළුවන් උනා ඉතා ලේසියෙන්ම කාල යාත්‍රා කරන්න. මනස සංයමයෙන් හසුරවන තැනැත්තාට නොකළ හැකි දෙයක් නෑ. එක අතකින් මේක අලුත් විෂයක් නොවෙයි. බොහොම පැරණි එකක්. හුඟාක් අය මේක නොසලකා හැරියා. ඒ නිසා ඔවුන්ගෙ අවධානය මෙයින් ගිලිහුනා..”
 
“හරි.. මං ඔය ගැන කියවලා තියෙනවා. ඔයා time traveler කෙනෙක්. ඒ කියන්නෙ කාල යාත්‍රිකයෙක්.. එහෙම නේද..?”
 
“ඔබ දන්නවා... එහෙනම් ඉතිං මට කියන්න තියෙන්නෙ මේකයි. මම දැන් ඉන්නෙ කාල යාත්‍රා කරලා. ඒ කියන්නෙ වැදි රජු මනමේ කුමාරයා මරපු, එහෙමත් නැත්නම් මැරුවා කියලා පෙන්නපු මොහොතේදීම මම යාත්‍රා කළා...”
 
“මට හිතාගන්න අමාරුයි ඔයා කියන කාරණා ගැන.. ඒ කියන්නෙ ඒ සිද්ධිය දැන් සිදුවෙනවා...??”
 
“ඔව්. මේ මොහොතේ සිද්ධ වෙනවා.. හරියට අද නාට්‍යයේ වගේ..”
 
“ඉතිං... ඉතිං ඇයි ඔයා මෙහෙට යාත්‍රා කළේ..?”
 
“වැදගත් කාරණයක්.. දැන් ඔබ මාතෘකාවට පිවිසිලා. අද මට නොහඬා ඉන්න බැරි උනා නාට්‍යය බලද්දී. මාව අර්ථකථනය කරලා තියෙන හැටි වැරදියි. මේ සිදුවීම වෙච්ච දවසෙ ඉඳලා මං චපලයි කියලා මිනිස්සු මාව හංවඩු ගහනවා. ඒක මට දරාගන්න බැරි දෙයක්. කොච්චර අසාධාරණයිද..? මිනිස්සු විනිශ්චය කරන්න හරි දක්ෂයි. හේතු සාධක හොයන්න කවුරුත් උනන්දු නැහැ...”
 
“තරහා වෙන්න එපා මෙහෙම අහනවට... ඇත්තටම ඇයි..? ඇයි ඔයා කඩුව දුන්නෙ වැදි රජුට..?”


ඇය මගේ දිහා නොකඩවා බලාගෙන හිටියා. ඉතා කුඩාවට කඳුළු බිංදු ඇගේ දෑස් වල එකතු වෙනවා මං දැක්කා..

Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8716
Member Since : 2013-09-01

මනමේ Empty Re: මනමේ

2014-01-24, 10:52 pm
Message reputation : 100% (1 vote)
ane marune wenasma kathaawakda manda?
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13742
Member Since : 2013-01-29

මනමේ Empty Re: මනමේ

2014-01-24, 10:52 pm
Message reputation : 100% (1 vote)
ාලුත් අර්තකතනයක්
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13722
Member Since : 2013-01-26

මනමේ Empty Re: මනමේ

2014-01-24, 11:59 pm
Message reputation : 100% (1 vote)
nice
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8878
Member Since : 2013-06-02

මනමේ Empty Re: මනමේ

2014-01-25, 12:28 am
Message reputation : 100% (1 vote)
භානු මල්ලි කතාව දැක්කේ දැන් අනේ..නියම දර්ශනිකයෙක්නේ!!! නියමයි..අලුත්ම විදිහකට අලුත්ම අර්ථකතනයක් !!!! එල එල.. pride  pride  pride  pride
Sponsored content

මනමේ Empty Re: මනමේ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum