Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මනමේ

+18
Jith
Thisara
nisal kapila
Sithija
chathura1122
kasunx
nisala
suranga
Esala
Harsha
Vikasitha
Siyapath
Mandaram
Hasun
thavisha
සහන්
shevan
භානුක
22 posters
Go down
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-01-25, 12:43 am
Message reputation : 100% (1 vote)
patta patta
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9238
Member Since : 2013-08-09

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-01-25, 2:14 am
Message reputation : 100% (1 vote)
කුමරියකට ආලය හිතිලවත්ද?  :shock:
Anonymous
Guest
Guest

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-01-25, 5:42 am
මම අතිතයෙ සිට පැමිණියෙමි.
කුමක්ද මේ මට කරලා තියෙන්නෙ  
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9560
Member Since : 2013-03-28

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-01-25, 12:48 pm
Message reputation : 100% (2 votes)
අඩේ පට්ටයි භානුවෝ කතාව.............. :D  :D  :D  :D  :D  pride  pride  pride  pride  pride
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8534
Member Since : 2013-07-22

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-01-25, 12:53 pm
Message reputation : 100% (2 votes)
අහෝ... සරත්චන්ද්‍රයානෙණි....!!!! affraid  affraid  affraid 

මාරම වෙනස් කතාවක්... ලස්සනයි භානුක​... දිගටම ලියන්න​...
avatar
suranga
+ 100 Posts
Mood : sick

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8809
Member Since : 2013-06-01

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-01-25, 2:24 pm
Message reputation : 100% (1 vote)

කාලත්‍රකයෙකු ගේ ආගමනය......


වේදිකාවේ ගේට් රියල් සලකුණ ....


සුබපැතුම් භානුවෝ.......



 flower  flower  flower  flower
nisala
nisala
Regular Member
Mood : Childish

Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 7839
Member Since : 2014-01-02

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-01-25, 9:41 pm
Message reputation : 100% (1 vote)
maarai aa maara adahs thamai enne oyatath . niyamai.maname kumaritath sadaranayak ishta kala ehenam oya.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12479
Member Since : 2013-05-31

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-01-25, 11:11 pm
Message reputation : 100% (1 vote)
wow ...............නියමයිනේ මල්ලි ! pride  pride  pride
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8858
Member Since : 2013-02-03

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-01-26, 4:11 am
Message reputation : 100% (1 vote)
Maname katawat aluth artakatanayak...
Niyamai!! pride
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8413
Member Since : 2013-09-03

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-02-15, 10:43 am
Wow...Something little bit different.....
I like it ....
Go ahead...
 pride  pride  pride
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8534
Member Since : 2013-07-22

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-02-16, 12:11 pm
අනේ.... මේක ලියන්නේ නැද්දෝ...???
Anonymous
Guest
Guest

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-02-16, 6:56 pm
noidea   noidea  noidea  noidea  noidea  noidea
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-05-09, 9:24 pm
විකසිත, සහන්, සියපත්, හර්ෂ, තවිෂ, ශෙවාන්, නිල් සාලිය, ඇසල, හසුන්, සුරංග, නිසල, කසුන්, චතුර, සිතිජ ඇතුළු කතාව කියවපු සියලුම දෙනාට බොහොම ස්තූතියි. සිදුවුණු ප්‍රමාදයට සමාවෙන්න.
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9071
Member Since : 2013-05-05

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-05-09, 9:42 pm
Message reputation : 100% (4 votes)
මනමේ - Page 2 Z_p46-Does

ඇය මගේ දිහා නොකඩවා බලාගෙන හිටියා. ඉතා කුඩාවට කඳුළු බිංදු ඇගේ දෑස් වල එකතු වෙනවා මං දැක්කා..
 
“මට හිතාගන්න බැරි ඇයි මිනිස්සු එක සිදුවීමක් දිහා විතරක් බලලා විනිශ්චයන්ට එළඹෙන්නේ කියලා.. මනමේ නාට්‍යයේ සියලුම සංසිද්ධි කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මනමේ කුමාරිය, ඒ කියන්නෙ මම වැදි රජුට කඩුව දෙන සිදුවීම වටා. කිසි කෙනෙක් ඇයි මම එහෙම කළේ කියලා විමසීමක් කරන්නෙ නෑ. තමුන්ම තමුන්ට රිසි විදියට වින්ශ්චයන් හදාගන්නවා. ඒත් එයින් මට, මගේ චරිතයට වන කැළල ගැන බිඳක්වත් හිතන්නෙ නෑ..”
 
ඇය දිගින් දිගටම කියාගෙන යයි. මමත් කිසිඳු බාධා කිරීමකින් තොරව අසාගෙන උන්නා. නමුත් මගේ නිහඬ බව බිඳින්නට ඇරයුම් ලැබුණේ ඇගෙන්මයි.
 
“මට කියන්න.. ඔබටත් සිතෙන්නෙ මම ඒ දේ කළේ මගේ චපල බව නිසා කියලද..? ඊට වෙනත් හේතුවක් ඇති කියලා ඔබට කිසිම දිනක හිතිලා නැද්ද..?”
 
ඒක බැරෑරුම් ප්‍රශ්නයක්. මම මගේ හිතින් විමසලා බැලුවා. ඇත්තටම මට එහෙම හිතිලා නැද්ද..? නෑ.. මට එහෙම හිතිලා තියෙනවා. වරක් දෙවරක් නෙමෙයි. දස දහස් වාරයක්. මනමේ කතා පුවත අසා දැනගත් දවසෙ ඉඳලා මේ වෙනකල්ම. නාට්‍යය බලලා ගෙදර එන තුරාවට මගේ හිතට වද දුන්නෙත් ඒ ප්‍රශ්නයමයි. මම මගේ සිතිවිලි වලින් මදකට මිදිලා ඈ දිහාව බැලුවා. මගේ පිළිතුර බලාපොරොත්තුවෙන් ඇය බලා ඉන්නවා.
 
“මට ඒ ප්‍රශ්නෙ හිතට ආවෙ අද ඊයෙක නෙමෙයි. හුඟ කාලෙක ඉඳලා. එක මොහොතකට දැකපු පිරිමියෙක් වෙනුවෙන් ඒ තරම් දෙයක් ගැහැනියක් කරාවිද කියලා මට හිතුනා. වෙනත් කාන්තාවක් කළත් දිසාපාමොක් අඳුරුතුමාගේ දියණිය, නුවණ උගත්කම උපතින්ම හිමිකරගත් ඔයා වගේ කෙනෙක් ඒ දේ කරාවි කියන එක මං විශ්වාස කළේ නැහැ.. ඒ නැතත් ඇත්ත එය නොවෙයි කියන හැඟීම මට නැතිකරගන්න පුළුවන් වුනේ නෑ...”
 
ඇගේ ඇස් වල ආයෙත් කඳුළු. ඒත් මුවේ තෘප්තිමත් මදහසක්. ඈ හඬ අවදිකරනකල් මං බලා හිටියා.
 
“ඇත්තටම ඔබ හිතන්නෙ එහෙමයි කියලා මං දැනගෙන හිටියා. නමුත් මට ඔබේ මුවින්ම එය දැනගන්න අවශ්‍ය උනා. මගේ හිතේ තියෙන සැනසීම මෙතෙකැයි කියන්න බැහැ. මං දන්නවා ඔබට අමතක කරන්න බැහැ...”
 
“මොකද්ද...? මට අමතක කරන්න බැරි මොකද්ද...?”
 
“ඔහු තක්ෂිලාවට පැමිණි දවස මට අද වාගෙ මතකයි...”
 
මං අහපු ප්‍රශ්නෙ නෑහුනා වගේ ඈ කියාගෙන යනවා. මමත් ආයෙත් ඒ ප්‍රශ්නෙ අහන්න ගියේ නෑ. ඒත් මට අලුත් ප්‍රශ්නයක් මතු උනා.
 
“කවුද ඔහු..?”
 
“මනමේ.. මාත් ඒ වෙද්දි කුඩා දැරියක්.. අපි සම වයසේ. නමුත් මට මතකයි..”
 
මනමේ කුමරු ගැන සිහිකරනා විට ඇගේ මුහුණෙහි ඇති වූ ප්‍රීතිමත් බව මට ඇති කළේ පුදුමයක්. ඒ මම තවමත් නාට්‍යයේ අවසන් ජවනිකාව ගැනම සිතමින් සිටි නිසා වෙන්න ඇති.
 
“අපි දෙදෙනා හැදී වැඩුනේ එකටමයි. අන් සිසුන් සමඟ තිබුණාට වඩා වැඩි බැඳීමක් අප අතර තිබුණා. ඔහු මට සැලකුවේ තමුන්ගේම සොහොයුරියකට වගේ..”
 
“එතකොට... පිරිමි ළමයි එක්ක මුහුවෙන්න ඔයාට අවසර තිබුණා..?”
 
“අපොයි ඔව්.. මමත් ඔවුන් සමඟ හරි හරියට ශිල්ප හැදෑරුවා. කඩු ශිල්ප, දුනු ශිල්ප.. ඔය කවරක් වුනත් මට පුළුවනි..”
 
“පුදුමයි...”
 
ඇතිවුණු පුදුමය නිසාම මම එහෙම කිව්වත් ඈ මා දිහා බැලුවෙ සිනාසෙමින්.
 
“ඒක ඒ තරම් පුදුම වීමට කාරණයක් නොවෙයි..”
 
“ඊට පස්සේ...”
 
මටත් දැන් කතාව දැනගන්න ඇතිවෙලා තිබුණේ පුදුම නොඉවසිල්ලක්.
 
“මනමේ ඇවිදින් වසර කිහිපයකින් තමයි කර්ණ තක්ෂිලාවට පැමිණියේ..”
 
“කර්ණ...??”
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12146
Member Since : 2013-07-29

මනමේ - Page 2 Empty Re: මනමේ

2014-05-10, 1:05 am
ela ela kaalekata passe liyala niyamai superb
Sponsored content

මනමේ - Page 2 Empty Re: මනමේ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum