Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4119 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගේ ආදර කතාව

+31
prasanna
Senura
Ashan
Isura
Shan Sahan
nuwan9
nisala
nuran
Tharaka
සහන්
Mandaram
Sanketh
rajapaksharaju
azores
Harsha
Sithija
chathura1122
beaguycool1
Esala
kasunx
suranga
kalana vihanga
Malintha
shevan
Vikasitha
nisha88
thavisha
eboys
Siyapath
Hasun
භානුක
35 posters
Go down
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12154
Member Since : 2013-07-29

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-22, 11:59 pm
Message reputation : 100% (1 vote)
patta story ekaka aarambayak wage ela ela
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8866
Member Since : 2013-02-03

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 3:31 am
Message reputation : 100% (1 vote)
Ada tamai yalu mn me story eka read karanna gatte lassana katawak arambayak kiyala hitanawa, amutuma hangeemak ekka liyala tiyenawa...
Jaya wewa!!! pride  pride
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8421
Member Since : 2013-09-03

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 7:41 am
Message reputation : 100% (1 vote)
ලස්සනයි භානු අයියේ.....
එළ....එළ....
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8886
Member Since : 2013-06-02

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 10:01 am
Message reputation : 100% (1 vote)
දැනුයි කතාව කියෙව්වේ මල්ලි..හුගක් ලස්සනයි..කතාවත් ලස්සනයි..ඒ වගේම කතාවේ රචනා විලාශයත් ලස්සනයි.. සුභ පැතුම් මගෙන් !!! කතාව ලස්සන නිසා updates පරක්කු වෙද්දීනම් හිත නොසන්සුන් වෙනවා මල්ලියෝ..ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න තරම් කාරුණික වෙන ලෙස ඉල්ලීමක් කරමි.. :D  :D  lol!  lol!
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9842
Member Since : 2013-07-06

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 10:21 am
Message reputation : 100% (1 vote)
හිතට දැනෙන විදියට ලියලා තියෙනවා.ලියන විදියත් පට්ට​.නියමයි,ඔහොම යමු.... pride
rajapaksharaju
rajapaksharaju
Regular Member
Country : Sri Lanka
Posts : 55
GetReal Gold : 7831
Member Since : 2013-10-06

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 11:04 am
Message reputation : 100% (1 vote)
ලස්සව කතාවක් වෙයි වගේ. කොහොම වුණත් හොඳම ආරම්භයක්. ආසාවෙන් කියවන්න බලන් ඉන්නවා lol!  lol!  lol!  lol!  lol!  lol!  lol!  lol!  lol!  lol! 
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9280
Member Since : 2013-08-02

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 11:21 am
Message reputation : 100% (1 vote)
aadarayak mulapurana hithakata danena hangieem lassanata tiyenawa...suba pathum  pride  Bhanu... :D
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8542
Member Since : 2013-07-22

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 4:02 pm
Message reputation : 100% (1 vote)
ela ela malli... niyamai
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9079
Member Since : 2013-05-05

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 5:48 pm
Message reputation : 100% (3 votes)

- බොහොම ස්තූතියි cool අයියේ..


- බොහොමත්ම ස්තුති වේවා සියපත් අයියණ්ඩි..


- එකපාර ඔක්කොම දැම්මනං උඹට සතුටු හිතෙයි නේද නිලෝ..  :D  බොහොම ස්තූතියි මලයා..


- බොහොම ස්තූතියි කසුන් අයියේ..


- උඹටත් බොහොම ස්තූතියි ඇසල අයියණ්ඩි..


- බොහොම ස්තූතියි ශෙවාන් අයියේ.. ඔන්න මං නොලියා හිටියේ නෑ..


- ඇත්තටම ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න එක දුකක් නෙමෙයි eboys මලයා. බොහොම ස්තූතියි.


- බොහොම ස්තූතියි තවිෂ අයියේ..


- බොහොම ස්තූතියි චතුර අයියේ..


- බොහොම ස්තූතියි සිතිජ මලයා..


- බොහොම ස්තූතියි හර්ෂ අයියේ. ආයෙත් පරක්කු වෙන්නේ නම් නෑ ඔන්න..  :D 


- බොහොම ස්තූතියි azores මලයා..


- බොහොම ස්තූතියි රාජපක්ෂ අයියේ..


- ගොඩාක් ස්තූතියි මලී අයියේ..


- ඔයාටත් ගොඩාක් ස්තූතියි හසුන් අයියේ..

මෙතෙක් මගේ කතාව කියවපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ලෝකයේ කොයි ආදර කතාවටත් ආරම්භයක් තියෙනවනේ.. ඉතිං මේ තමයි මගේ ආදර කතාවේ ආරම්භය..
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8724
Member Since : 2013-09-01

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 6:19 pm
Message reputation : 100% (1 vote)
නියමෙට ලියාගෙන යනවා. මරු දිගටම ලියමු . pride
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9079
Member Since : 2013-05-05

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 6:28 pm
Message reputation : 100% (14 votes)

"ලෝචන... මොනවද ඔය තරම් කල්පනා කරන්නේ...?"

දෙසවන් ළඟම අකුණක් පුපුරා ගිය සේ මම තිගැස්සුනෙමි. ඔහු මගේ නම කියා කතා කරයි. මෙය හැබෑවක්ද..? නැත්නම් මා විසින් මවාගෙන උන් හීන ලෝකයේම කොටසක්ද..? මා සිතා උන්නේ, දැන උන්නේ සමුද්‍ර මා ගැන කිසිවක් නොදන්නවායි කියාය. එදා උපන්දින සාදයේදී මා උන්නේ ඔහුට පෙනෙන ඉසව්වක නොවේ. ඔහු කවදා හෝ මා ගැන විමසූ බවක්වත් සිතුම් මා සමඟින් පවසා තිබුණේ නැත. ඉතිං මේ සිදුවන්නේ මොනවාද..?

"ඔයා හොඳටම බය වෙලා.. මොකද මේ..?"

ඔහුගේ සිනා වත දැන් නම් මට ප්‍රහේලිකාවකි. මම ආයාසයෙන් එකතුකරගත් වදන් දෙකක් මුව තුළින් පිට කළෙමි.

"කොහොමද දන්නෙ..?"


"මොනවද..?"


"මගේ නම.."


"මට දිවැස් තියෙනවනේ..."

ඔහු හරිම සැහැල්ලුවෙන් හිනැහෙයි.


මට හිනැහෙන්නට නොහැකිය. යකාගෙ කම්මල වාගේ  ම'සිත අවුල් වී ඇත. මා විහිළුවකට ගෙන ඔහු හිනැහෙනවායැයි සිතුනෙන් මම ඉවත බලාගත්තෙමි.

"තරහා ගියාද මල්ලි...? ඔහොම ඉද්දි ආදරේ හිතෙනවා..."

මේ නම් හීනයක්මය. එක එල්ලේ ඔහු දෙස බලන්නට නොහැකි බවක් දැනුණෙන් මම යටැසින් ඔහු දෙස බැලීමි.

"මාව ලොකු ප්‍රශ්නයක් වුණා නේද..? මම ඔක්කොම කියන්නම්. අහගෙන ඉන්නවද..? වැස්ස දැන්ම පායන එකක් නෑ.. ඉන්න පුළුවන්ද..?"

මොහොතක් දෙකක් නොව කල්ප කාලාන්තරයක් වුවද මෙතැනම මෙහෙමම ඉන්නට වුවත් මට හැකිය. මම හිසවනා ඉන්නට පුළුවන් බව හැඟවීමි. සමුද්‍ර දිග කතාවකට මුල පිරීය. වැස්සට කඩපිලට ගොඩ වූ අනෙක් අයත් නොයෙක් කතාවල පැටලී හිඳී. කාටවත් යන්නට හදිස්සියක් නැතුවා සේය. හදිසි තිබුණත් මඟට බසින්නට නොහැකිය. වැස්ස ඒ තරම් තදින් ඇදවැටේ.

"සිතුම්ගෙ පා(ර්)ටි එක දවසෙ මම ඔයාව දැක්කා. හැමෝම අතරෙ ඔයාගෙ මොකද්දෝ වෙනසක් තිබුණා. විශේෂයක් තිබුණා. ඔයා ඇඳල හිටියෙ සුදුපාට කුර්තා එකක්.."

වැස්ස වැටෙන හඬ අතරින් සමුද්‍රගේ හඬ මිහිරිව ඇසේ.

"අනිත් අය කතාකරන්න එද්දි ඔයා වුවමනාවෙන්ම මාව මඟඇරියා වගේ මං දැක්කා.."

ඇත්තටම එදා ඔහු හා දොඩන්නට තරම් දිරියක් මට මට නොවුණි. ඔහු මිහිරිව ගී ගැයූ නිසාදෝ හැමෝම වාගේ ඔහු සමඟ දෙඩුවා මට මතකය.

"ඔයා ඉක්මනට ගියා. ඔයා ගියාට පස්සෙ මට ඇහුනා සිතුම් කියනවා ලෝචන සමුද්‍රගේ සිංදු වලට පිස්සු වැටිල හිටියෙ කියලා. ඔයා ගියාම මට පුදුම පාළුවක් දැණුනා. ඔයා ගිහින් තිබුණේ මගේ හිතත් අරගෙන. රෝෂිනි ගේ පිස්සු වැඩ නිසා හෙම්බත් වෙලා උන්නු මට ඔයාව දකපුවම මොකද්දෝ වෙනසක් දැණුනා.."

සමුද්‍ර වැස්ස දිහාත් මා දිහාත් මාරුවෙන් මාරුවට බලමින් ඉවසිල්ලේ කියාගෙන යයි. මම සුරංගනා කතාවක් අසා ඉන්නා පුංචි දරුවෙකු සේ නොඉවසිල්ලේ උන්නෙමි.

"මට ඉන්දියා යන්න තිබුණේ හරියටම සුමානයයි. සිතුම්ගෙන් විස්තර අහගෙන ඔයාව හොයාගෙන එන්න පුළුවන්කම තිබුණා. ඒත් අපි අතරේ මොකක් හරි සම්බන්ධයක් ඇතිවුණා නම් මගේ ගමන ලේසි වෙන්නෑ. ඔයාගෙ පුංචි හිතටත් ඒක වදයක් වෙන්න තිබුණා. එහෙම නේද..?"

ඔහු අනන්ත ආදරේකින් ම'දෙස බැලුවේය. මගේ හදවත ගැහෙනා හඬ ඔහුටත් ඇසුනාදැයි මම නොදනිමි.

"මං අන්තිමට තීරණයක් ගත්තා.. මං හිතාගත්තා ලෝචන කියන පුංචි කොල්ලගෙ හිතේ මං ගැන මොකක් හරි හැඟීමක් ඇති වුණා නම් ඒ ඇති කියලා. මං විශ්වාස කළා මට අයිතියි නම් මං ආපහු එනකල් කාගෙවත් නොවී ඉඳීවි කියලා. අනික මං දැනන් හිටියා මං ගිය ගමන් රෝෂිනි වෙනස් වෙනව කියලත්.."

මහා බරක් උරෙන් සැහැල්ලු කරගත්තා සේ ඔහු සුසුමක් හෙළුවේය. ඒ සුසුම මගේ නළලත වදින තරමට ඔහු මට ලංවී සිටියේය. මා කෙරෙහි ඔහු තබා ගිය විශ්වාසය මට රකින්නට හැකි වූ බව සතුටින් කියන්නට මට සිතුණි.

"මම ඇවිත් තවම දවස් දෙකයි. මම ඉස්සෙල්ලම කළේ සිතුම්ව මීට් වෙලා ඔයාගෙ තොරතුරු දැනගත්ත එක. මං දැනගත්තා ඔයා තවම තනියම කියලා.ඒක දැනගන්නකල් මට ඉවසුමක් තිබුණේ නෑ මල්ලි.. සිතුම්ට මම කිව්වා ඔයාට මොනවත් කියන්න එපා කියලා. මට ඕනෙ වුණා මේකට කවුරුත් මැදිහත් කරගන්නැතුව... ඔයාව පුදුම කරවන්න..."

සමුද්‍රගේ දිගු දෑඟිලි අතර මගේ දෑත සිරවූයේ කොයිමොහොතේදැයි කියා මට නිනව් නැත. ඒ දෑත මුදාගන්නට මට වුවමනාවක් නොවුණි.

"සී.අයි.ඩි. එකෙන් වගේ මං ඔයාව ෆලෝ කළා.. ඔයා දන්නෙත් නෑ.."

හුඟ වෙලාවකට පසු ඔහුගේ සැහැල්ලු සිනා හඬ ආයෙමත් ඇසුණි.

"ආදරෙයි ලෝචන ගොඩාක්..... සිතුම් මට කිව්වා ඔයා  කා ගැනදෝ හිතේ තියාගෙන නොකියා ඉන්නව කියලා. මං දන්නව ඒ මම කියලා. මං දැක්කනේ, දැන් ටිකකට කලින් මාව දැකපු ගමන් ඔයා කොයිතරම් ගැස්සිලා ගියාද කියලා.. ඔයා මං ගැන බලාගෙන හිටපු එකට ඔයාගෙ ඔය ඇස් දෙක සාක්කියි. ඔයාගෙ ඇස් දෙකේ හැමදේම ලියවිලා තියෙනවා. කියන්න ලෝචන... මං හරි නේද..?"

මගේ දෑසින් කඳුළු වැටේ. මේ සතුටු කඳුළුයි. සතුට දරාගන්නට බැරි වූ හැම මොහොතකම මට හැඬේ. මට දැනුත් හඬන්නට සිතේ. සමුද්‍රගේ පපුතුරෙහි මුහුණ හොවාගෙන මෙතුවක් කල් වින්ද දුක කියා හඬන්නට සිතේ. මගේ මුවින් වදන් පිටවුණේ බොහෝ සෙමිනි.

"බලාගෙන හිටියා තමයි. ඒත්..... මං හිතුවෙ නෑ කවදාවත් මේක ඇත්තටම වෙයි කියලා. මට තාම මේක හීනයක් වගේ.."

"නෑ... මේක හීනයක් නෙවෙයි ලෝචන. මං ඔයාව හොයාගෙන ආවා."

වැස්ස පායා තිබේ. කුඩයක් ඉහළාගෙන මඟට බසින්නට හැකි තරමට පායා තිබේ.

"අපි දැන් යමුද..? කියන්න දේවල් ගොඩක් තියෙනවා.. කොහෙට හරි ගිහින් කෝපි එකක් බිබී කතා කරමු. ඔයා යන්න ආපු ගමන අදට මං වෙනුවෙන් කැන්සල් කරනවද..?"

සමුද්‍ර මගේ අතකින් අල්ලා ගත්තේය. යන්නට ආ ගමන ගැන දැන් මට මතකයක්වත් නැත. සංසාරය පුරාම සැරිසරා මා සෙවූ ආදරය හමු වී තිබේ. අන් කිසිවක් ගැන මට කම් නැත. පෙරුම් පුරා බලා උන් මොහොත උදා වී ඇත.

"තවම වහිනවනේ...'


"අපෝ හයියෙන් වහින්නෑ.. ඔය කුඩේ ඇතිනෙ අපි දෙන්නටම.."

සමුද්‍රට තුරුළු වී එක කුඩයක් යටින් කී වරක් නම් සිතින් මා යන්නට ඇතිද..? මගේ මුවඟට සිනාවක් නැගුණි.

"තනියම හිනාවෙනවා.. මොනවද මතක් වුණේ..?"


"තනියම හීන මවපු හැටි මතක් වුණා.."

අපි දෙදෙනාම එක්ව සිනාසුනෙමු. ආත්ම ගණනක් පෙරුම්පුරා ඇවිදින්, තවත් ආත්ම ගණනක් යන්නට ඇති ගමනකට පළමු පියවර තැබුවෙමු. අපට ආශිර්වාද කරන්නට වාගේ හිරිපොද වැස්ස මල් වරුසාවක් සේ ඇද වැටුණි.


මගේ ආදර කතාව - Page 3 Z

-නිමි-
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9280
Member Since : 2013-08-02

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 7:20 pm
...නිමි මේ කොටස විතරයි...ලස්සනයි... :D
Anonymous
Guest
Guest

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 7:35 pm
මොකක්ද මේ නිමි මෙක කෙටි කතාවක්ද  :shock:  :shock:  :shock: 
kalana vihanga
kalana vihanga
+ 100 Posts
Mood : Childish

City : Mt.Lavinia
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8204
Member Since : 2013-08-25

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 7:49 pm
lassanai eth tooo mach :/
express train ekak wage lankawe express ewa newe mn kiwe china wala wage :p
kalana vihanga
kalana vihanga
+ 100 Posts
Mood : Childish

City : Mt.Lavinia
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8204
Member Since : 2013-08-25

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

2013-12-23, 7:49 pm
lassanai eth tooo mach :/
express train ekak wage lankawe express ewa newe mn kiwe china wala wage :p
Sponsored content

මගේ ආදර කතාව - Page 3 Empty Re: මගේ ආදර කතාව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum