Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


නැවතත්...............

+26
Thisara
tharindu_d
Isura
Shan Sahan
මල් මල් රුවන්
Harsha
supun
amal123
Hasun
kalana vihanga
Anjana Nuwan
pahan
Esala
azores
indu
chathura1122
kapilab
kelum123
suranga
sandaru799
kasunx
Siyapath
shevan
thavisha
සහන්
Jith
30 posters
Go down
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9826
Member Since : 2013-07-06

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-01-31, 9:34 pm
Message reputation : 100% (1 vote)
aththatama lassanayi jith pride  pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-01-31, 10:39 pm
Message reputation : 100% (1 vote)
ආ හා......................හිත පිරිල තිබුනෙ ආ...................
මරු
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-01-31, 10:51 pm
Message reputation : 100% (1 vote)
ela ela mallo ko anek kathawa liyanna dahasak nehe wage meyata dan
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-01, 8:17 am
Message reputation : 100% (1 vote)
ela ela boss
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-01, 5:31 pm
Message reputation : 100% (1 vote)
පට්ට කතාවක්. මම ඔය අශ්වයො ඉන්න සීන් වලට කොහොමත් කැමතියි. hand
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8863
Member Since : 2013-10-18

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-01, 7:27 pm
Message reputation : 100% (7 votes)

කාලයත් එක්ක මගෙ අශ්ව ගාලෙ සේවකයෙක් විදිහට ජේකොබ්ව එකතු කරගන්න මට පුළුවන් වුනා. එදා සිද්ධියෙදි රිච්මන්ඩ් ජේකොබ්ව හරි විදිහකට දැකලා නොතිබුනත් මම ඒකට කාලයක් ගත්තා. ඒ කාලය අතරෙදි මම ජේකොබ්ට උදව් කලේ මට පුළුවන් තරමින්. ඒ කාලයෙදි මටත් නොදැනිම මොකක්දෝ හැඟීමක් ජේකොබ් ගැන මගේ හිතේ ඇති වුනා කියලා මට දැනුනා. ඒක ආදරයමයි කියලා කියන්න මට පුළුවන්. මට මතක ඇති කාලයක ඉඳලම කිසිම කාන්තාවක් ගැන මගේ හිතේ කිසිම හැඟීමක් ඇති වුනේ නැහැ. අඩුම තරමෙ, ඩේවිඩ්සන් ආදිපාදතුමාගෙ සාදයෙදි ඔහුගෙ දුවත් මමත් කාමරයක තනි වුනත්, ඇය මගෙ ඉදිරියෙදි නිරුවත් වුනත් මට නෙවෙයි ඇය ගැන කිසිම හැඟීමක් ඇති වුනේ. 



ජේකොබ්ව මම හොඳ යහළුවෙක් විදිහට ආශ්‍රය කරන්න තීරණය කලේ මගෙ හැම හැඟීමක්ම ඔහුගෙන් හංගන්න තීරණය කරලා. ජේකොබ් එක්ක ගෙවුනු හැම මොහොතක් මොහොතක් ගානෙම මගෙත් ඔහුගෙත් මිත්‍රත්වය තව තවත් වැඩි වුනා. ඒ වගේම මගෙ හිත ඇතුලෙ ඔහු ගැන තිබුනු ආදරයත් තව තව වැඩි වුනේ ඒ මිත්‍රත්වයට දෙවෙනි නොවී.. ඒත් ජේකොබ් මගෙත් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න පවා යම් විදිහකින් පසුබට වුනා. ඒ මගෙ තිබුන සමාජ තත්වයත්, තාත්තාටත් රිච්මන්ඩ්ටත් තිබුන බයත් නිසා. ඒ නිසාම ඔහු මට බොහොමයක් වෙලාවට පෙන්නුවෙ බය මිශ්‍ර පක්ෂපාතිත්වයක් කියලයි මට හිතුනෙ. මට කිසිම වෙලාවක ඔහුගෙන් ඒ වගේ දෙයක් වුවමනා වුනේ නැහැ. මට වුවමනා වුනේ මගෙ ජීවිතේ, මගෙ ආත්මය වගේම මගෙ හැම දෙයක්ම ඔහු එක්ක බෙදා ගැනීම විතරයි. ඒ නිසාම මම ඒ ගැන ජේකොබ්ට කියන්න තීරණය කලා.


ඊළඟ දවසෙ උදෙන්ම මම ගියෙ ජේකොබ්ගෙ නිවසට. ඔහු මගෙ පැමිණීම බලාපොරොත්තුවෙන් වගේ හිටියෙ එතන තිබුන එල්ම් ගහට හේත්තු වෙලා. ජේකොබ්ව දකින හැම වාරයකදිම වගේ ඒ වෙලාවෙත් මගෙ හදවත ගැහෙන වේගය වැඩි වුනා. ලා නිල් පාට ඇස් වලට, හුළඟට එහෙ මෙහෙ වෙන අකීකරු කෙස් වලට පුළුවන් වුනා, සජීවි ලෝකයේ සිදු වුන අනික් හැම දෙයක්ම මට අමතක කරවන්න.


"විලියම් මහත්තයා........."


ආයෙමත් මම පියවි ලෝකයට ආවෙ ජේකොබ්ගෙ කටහඬෙන්. සැකයක් නැහැ. මම ඉන්න ඇත්තෙ ඒ වෙලාවෙත්, ඔහු දිහාම ගල් ගැහිලා බලාගෙන වෙන්න ඇති. හැමදාම දකින ඒ සුපුරුදු හිනාව ඒ වෙලාවෙත් මම ජේකොබ්ගෙන් දැක්කා.


"ජේක්.......... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.."


ඒ මම ජේකොබ්ට හැම වෙලාවකම වගේ කතා කරපු විදිහ. කවුරුත් හිතුවෙ මම එහෙම කිව්වෙ පහසුවට කියලා. ජේකොබ් වුනත් එහෙමයි. ඒත් මගේම නමකින් ඒ විදිහට කතා කරනකොට මට ජේකොබ් ගැන කාටත් වඩා අයිතියක් තියෙනවා කියලා හිතුනා.


"ඔව් මහත්තයා..... කියන්න."


"මෙතන බැහැ... අපි යමුද වෙන තැනකට???"


මම අශ්වයා පැදෙව්වෙ මට පුළුවන් උපරිම වේගෙකින්. මගෙ හිතේ තිබුන හැඟීම හැකිතාක් උපරිම ඉක්මනින් ජේක්ට කියන්න මට වුවමනා වුනා. ඒ අතරෙ ඔහු මගේ උරහිස් වලින් එක්වරම අල්ලගත්තෙ අශ්වයාගෙ වේගය වැඩි නිසා වෙන්න ඇති. ඒ වෙලාවෙ හමපු සුළඟ කොතරම් තද වුනත් ජේක් පහළට හෙළපු හැම හුස්මකම මට හොඳින් දැනුනා. මට වුවමනා වුනේ මගේ ජීවිතේ මම තනියම ගොඩ වෙලාවක් ගත කරපු තැනට යන්න.


"ඇයි මහත්තයා අපි මෙතනට ආවෙ??


ජේක් මගෙන් ඇහුවෙ කඳු ගැටය මුදුනෙ තනියෙන් තිබුන ඕක් ගහ යට තණගොල්ලෙ ඉඳ ගන්නවත් එක්කයි. මමත් ඔහු ළඟින්ම ඉඳගත්තෙ හිතේ හිර වුනු හැම හැඟීමක්ම ඔහුට කියන්න. 


"මම මේක කිව්වහම ජේක් මගෙ ගැන වැරදියට හිතයිද දන්නෙ නැහැ.


ජේක් මගෙ දිහා බැලුවෙ තරමක් පුදුමෙකින්.


"ඇයි මහත්තයා මම එහෙම හිතන්නෙ??? මම මහත්තයාට ජීවිතෙන්ම ණයගැතියි.. මහත්තයා අම්මාට, මට කරපු උදව් වලට මට ඒ ණය ගෙවන්න බැහැ කවදාවත්.. මහත්තයා කියන ඕනම............"


"ජේක් මම ඔයාට ආදරෙයි..."


මම කිව්වෙ ජේක් ඒ හැමදෙයක්ම කියන අතරතුරේදි. මට තවත් ඒ වචන කීපය හිතේ හිර කරගෙන ඉන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. ජේක් මගෙ දිහා බලාගෙන හිටියෙ පුදුමයෙන් ඇස් දෙක ලොකු කරගෙන.


"මම දන්නවා.. ඒක වැරදි ඇති.. ඒත් මට ඔයාව දැකපු පළවෙනිම දවසෙ ඉඳන් ලොකු ආදරයක් ඇති වුනා. මට ඒක නවත්තගන්න බැහැ ජේක්. මට ඒක නවත්තගන්න බැහැ. ඔයා දැන් මට ඕන නම් වෛර කරන්න... බනින්න.. මට පිස්සුද අහන්න...... ඒත් මගෙ ආදරේ ඇත්ත ජේක්.. මම මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ... මම මොනවා......."


ඔහු මගෙ තොල් වලට ඇඟිල්ලක් තිබ්බෙ ක්ෂණයෙන්. මම ආයෙමත් වතාවක් ඔහුගෙ ඇස් දෙක දිහා බැලුවා. ඒත් ඒ ලස්සන ඇස් දෙක දිහා බලාගෙන ඉන්න මට පුළුවන් කමක් තිබුනෙ නැහැ.. ජේක් මගෙ මූණ ඔහුගෙ පැත්තට හරවගත්තෙ ඒත් එක්කමයි.


"ආයෙත් කියන්න.........................."


ඒ කටහඬ මට ඒ වෙලාවෙ ඇහුනෙ හරිම ලස්සන විදිහකට..


"මම ඔයාට ආදරෙයි..."


මම බොහොම අමාරුවෙන් වචන ගලපගත්තෙ ඇස් දෙකෙන් ගලන කඳුළුත් එක්ක. ජේක් මගෙ දිහාම බලාගෙන ඉන්නවා මම තව දුරටත් දැක්කා. ඒත් ඒ ඇස් දෙකේ කලින් තිබුන පුදුමය මම ආයෙමත් දැක්කෙ නැහැ.


"මහත්තයා හිතනවද මේකට ඉඩක් ලැබෙයි කියලා."


"ඔව්.. මම දන්නවා මිනිස්සු හිතන විදිහ.. ඒක අමුතුයි තමයි.... ඒත්......" 


"නැහැ එහෙම දෙයක් නෙවෙයි... මහත්තයාගෙ පවුලෙ අය...... මහත්තයාගෙ තත්ත්වෙ......."


"ඔයා වද වෙන්නෙ ඒව ගැන විතරද ජේක්??? ඒ හැම දෙයක්ම යකාට ගියාවෙ. ඒ කියන්නෙ ඔයාගෙ අකමැත්තක් නැද්ද???


මම ඇහුවත් ජේක් කලේ ඔලුව හොලවපු එක විතරයි. ඒ ජේක්ගෙ කැමැත්ත ලැබුන බව පෙන්නන්න. මම ඔහුගෙ අත් තද කරලා අල්ලගත්තේ මට ඒ වෙලාවෙ දැනුනෙ පුදුමාකාර සතුටක් නිසා.


"ඔය ඇත්තමද ජේක්??"


"ඔව්...... මම මහත්තයාට ආදරේ කලේ අවුරුදු 13 ඉඳලා. මහත්තයා පොඩි වුනත් එක පාරක් අහිංසක මනුස්සයෙක් බේරගන්න ලොකු මහත්තයාගෙ කසේ මැද්දට පැන්නා මම දැක්කා.. එදා ඉඳන් මට මහත්තයා ගැන ඇති වුනේ පුදුම විදිහෙ ආදරයක්.. අම්මා මාව අල්ල ගත්තෙ නැත්නම් මමත් ලෑස්ති වුනේ එදා මහත්තයාගෙ කසේට පනින්න. හැමදාම මහත්තයා පල්ලියට යනකොට මම මහත්තයා දිහා බලාගෙන හිටියා. ඒත් මට ටික කාලෙකට පස්සෙ ලන්ඩන් යන්න වුනා රස්සාවක් හොයාගන්න. මම එහෙ හිටියත් ඒ හැඟීම අමතක කරන්න මට පුළුවන් වුනේ නැහැ. හැම රෑකම ඇස් දෙක වහගත්තම මට මුලින්ම පෙනුනෙ අම්මාගෙ මූණ. ඊට පස්සෙ මට පෙනුනෙ මහත්තයාගෙ මූණ. ආයෙමත් මෙහෙ එන්න වුනේ අම්මා අසනීප වුන නිසා. එදා විල ළඟදි මහත්තයා දැක්කම මම බය වුනා වගේම ලෝක දෙකක අතරමං වෙලයි හිටියෙ මගේ හිතේ තිබුන දේවල් නිසා.." 


මම ජේක්ව තුරුළු කරගත්තෙ හිතේ තිබුනු සතුට වැඩි වුනම නිසා. 


"මහත්තයාට පුළුවන්ද හැමදාම මටම විතරක් ආදරේ කරන්න???"


"ඔව් ජේක් හැමදාටමත්......." 


"ලොකු මහත්තයලා මහත්තයාව වෙන කෙනෙක්ට බන්ඳලා දෙන්න හැදුවොත්???"


"අපි මේ ඔක්කොම අත ඇරලා ගොඩක් දුරකට යමු ජේක්...... අපේම ලෝකෙකට... කාටවත් අපිව මේ ආත්මෙදි හොයාගන්න බැරි තැනකට..."


ඒ වෙලාවෙ මමත් ජේක්නුත් ඒ හැම දෙයකින්ම මිදිලා අපේම ලෝකෙක තනි වුනා. ඒ පාළු තැනිතලාව කෙලවරේ තිබුන කඳු ගැටය ළඟට එන්න කවුරුත් ඒ වෙලාවෙ හිටියෙ නැහැ. ඒ නිසා ඒ ඕක් ගහ යටදි අපි ආදරයේ උපරිම හැඟීම් වින්දා.

Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9552
Member Since : 2013-03-28

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-01, 8:09 pm
Message reputation : 100% (1 vote)
ලස්සන කතාවක්................. :)
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-01, 10:10 pm
Message reputation : 100% (1 vote)
wooooooooooooooooooow ela ela ful romantic ahhh
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-01, 10:43 pm
Message reputation : 100% (1 vote)
ෂෝට් ඇන්ඩ් ස්වීට්  kiss
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-01, 10:55 pm
Message reputation : 100% (1 vote)
එල එල
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-02, 7:56 am
Message reputation : 100% (1 vote)
wow lassanai malli
pahan
pahan
Regular Member
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 54
GetReal Gold : 7601
Member Since : 2014-01-02

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-02, 8:51 am
Message reputation : 100% (1 vote)
pride
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8850
Member Since : 2013-02-03

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-03, 2:38 am
Message reputation : 100% (1 vote)
Uparimai saho
Jaya wewa! pride  pride
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8863
Member Since : 2013-10-18

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-03, 8:49 am
මගෙ ‍Yahoo account එකට වැඩේ හරි........... Unauthorized access එකක්...... හිතා ගන්න බැහැ මොනවා වෙලාද කියලා.. මගෙ කෙටි කතාවයි නවකතාවයි දෙකම ඉවරයි.................................... 
Anonymous
Guest
Guest

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

2014-02-03, 10:12 am
aiyo male mama asama kathawa thama oyage nawa kathawa.mama me banina hitiye keti kathawa witharada liyane kiyala.ehema kiyala baha kohoma hari kathawa oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee. :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(
Sponsored content

නැවතත්............... - Page 3 Empty Re: නැවතත්...............

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum