නැවතත්...............
+26
Thisara
tharindu_d
Isura
Shan Sahan
මල් මල් රුවන්
Harsha
supun
amal123
Hasun
kalana vihanga
Anjana Nuwan
pahan
Esala
azores
indu
chathura1122
kapilab
kelum123
suranga
sandaru799
kasunx
Siyapath
shevan
thavisha
සහන්
Jith
30 posters
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31
Re: නැවතත්...............
2014-02-06, 7:58 pm
නියමයි !
- kalana vihanga+ 100 Posts
- Mood :
City : Mt.Lavinia
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8188
Member Since : 2013-08-25
Re: නැවතත්...............
2014-02-06, 10:23 pm
pataaaa :-:-D:-D:-D:-D
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29
Re: නැවතත්...............
2014-02-06, 11:29 pm
ela ela jith patta kathawa
Sheavn kollo horen horen application ekak daan wae yanne :P :P
Sheavn kollo horen horen application ekak daan wae yanne :P :P
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8863
Member Since : 2013-10-18
Re: නැවතත්...............
2014-02-07, 10:49 am
"ජේක්........ ජේක්............"
මම ආයෙ ආයෙමත් කෑගැහුවා. ඒත් ඒ වෙනකොටත් ඒ ආගාධයේ ජේක්ගේ රූපය බොඳ වෙලා ගිහින් ඉවරයි. මගෙ වටේ ලෝකය ආයෙමත් වතාවක් කැරකෙන්න පටන් ගන්නවා වගෙයි මට දැනුනේ. මම කඩා වැටුනේ හිතින් විතරක් නෙවෙයි.. මගෙ මුළු ආත්මයෙන්ම.. තවත් ජීවත් වීමක් ගැන මට හිතන්න පුළුවන් වුනේ නැහැ. ඒත් ඒ හැමදේටම කළින් මම කල යුතු දෙයක් ඉතුරු වෙලා තිබුනා.
මම ආයෙමත් මගෙ රිවෝල්වරය අතට අරගෙන ගියේ රිච්මන්ඩ් ළඟට. මගෙ ජේක්ව මගෙන් උදුරගත්ත ඒ කාලකණ්ණි යක්ෂයා ළඟට. ඒ වෙනකොට රිච්මන්ඩ් රයිෆලයට බර දීලා නැගිටින්න උත්සාහ කරමින් හිටියා. මම රිවෝල්වරයෙන් ඉලක්කය ගත්තෙ ඔළුවට.
"පාහර බල්ලා.... උඹ මගේ ජේක්ව මැරුවා. උඹ මහා මිනීමරුවෙක්.. උඹ මහා මිනීමරුවෙක්..."
මම කෑ ගැහුවෙ රිවෝල්වරයෙන් රිච්මන්ගෙ ඔළුවට අනිනවත් එක්කමයි. ඒත් ඒ මූණෙන් මම දැක්කෙ බය නෙවෙයි. යක්ෂයාටම අයිති වුන දරුණුම හිනාව...
"වෙඩි තියපන්.... මේ තත්ත්වෙට වඩා මේ වෙලාවෙ ඒක මට සැපක්......"
මම ඒ වෙලාවෙ මොහොතකට නැවතුනා. මට ඕන වුනේ නැහැ මගෙ ජීවිතේම, මගෙ ජේක්ගෙ ජීවිතේම විනාශ කරපු අමනයාට ඒ තරම් ඉක්මන් වගේම සැපදායක මරණයක් ලබා දෙන්න... මම අඩියක් ආයෙමත් පස්සට තිබ්බෙ ඒ හැඟීමත් එක්කයි... රිච්මන්ඩ් මගේ දිහා බැලුවෙ පුදුමයෙන් ඇස් ලොකු කරගෙන.
"මොකද උඹ කරන්නෙ??? මොකද උඹ කරන්නෙ???"
මම ඒ කිසිම දෙයක් ගැන තැකීමක් කලේ නැහැ. මම රිවෝල්වරය මගෙ ඔළුවට තියා ගත්තා. ඇස් දෙක වහගෙන ආයෙමත් මම මතක් කරගත්තෙ ජේක්ගෙ ආදරණීය මුහුණ වගේම ඒ අහිංසක හිනාව.. මගේ හිතට ඒ වෙලාවෙ දැනුනෙ පුදුම විදිහෙ සැනසීමක්.. ජේක්ගෙ වචන මට ආයෙමත් ඇහුනා.
"මේක තාවකාලික වෙන්වීමක් විතරක් වෙයි......."
මගේ අතින් රිවෝල්වරය ක්‍රියාත්මක වුනා.
*********************************************
මම ඇහැරුනේ ඒ ක්ෂණයෙන්මයි... රිවෝල්වරයේ ශබ්දය මගෙ කණ් දෙක ඇතුලෙන් තවමත් ඇහෙනවා වගේ මට දැනුනා. මම දැක්කෙ කිසිම දාක මම නොදැකපු හීනයක්... විලියම්ගෙ ජීවිතයේ අවසාන කොටස. වෙනදට උරහිස්සෙන් දැනුන වේදනාව මට දැනුනෙ නැහැ. ඒත් කවමදාකවත් නොවුනු විදිහට මගෙ ඇස් දෙකෙන් කඳුළු ගලනවා මට දැනුනා.
ඒ දේවල් දැකපු අන්තිම රාත්‍රිය ඒක වුනා. ඒ හීන කිසිම එකක් ආයෙමත් මගෙ ජීවිතේට ඇතුල් වුනේ නැහැ.
ඒ සිදුවීම් වලින් මාස කීපයක් යනකොට මම මගේ පරණ ජීවිතේට ආයෙමත් ඇවිත් සාමාන්‍ය විදිහටම ජීවත් වුනා. ඒත් මට ජේකොබ්ගේ මතකය අමතක කරන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ. සිහිනෙන් නොදැක්කත් ඒ මුහුණ මගෙත් එක්ක රැඳිලා හිටියෙ ඔහු පොරොන්දු වුන විදිහටමයි. ඒ දේ මගෙ හිතට අපහසුවක් ගෙනත් දුන්නෙ නැහැ. ලොකුම ලොකු සැනසීමක් ගෙනත් දුන්නා. ඒ අතරෙම මම ජනාකීර්ණ ලන්ඩන් නගරයේ මට හම්බවෙන මුහුණු අතරෙ ජේකොබ්ගෙ මුහුණ හැමදාකම හෙව්වා. ඒ වගේම ඔහුගෙත් මගෙත් ආදරේ වෙනුවෙන් මම හැම ඉරිදාවකම යාච්ඥා කරන්න අමතක කලේ නැහැ.
ඒ විදිහෙම එක් ඉරිදා දවසක්...................
මම පල්ලියට යන්න ලෑස්ති වුනේ වැස්ස ටිකක් අඩු වෙනවත් එක්කමයි.. ඒත් එක්කම දුරකථනය නාද වෙනවා මට ඇහුනා.
"අම්මා බලන්න කවුද කියලා."
අම්මා එතනට යන සද්දය මට ඇහුනා. මම කබාය ඇඳ ගත්තෙ දොර පැත්තට යන්න ලෑස්ති වෙලා.
"ස්ටීව්.......... පුතා ඔයාට........"
"කවුද අම්මා???"
"ජොනතන් ලැන්කැස්ටර් කියලා කෙනෙක්..."
මම එක පාරම ගැස්සුනේ ඒ නමින්... මම ඉක්මණින් දුරකථනය ළඟට දිව්වා..
"දොස්තර මහත්මයා......... මුකුත් හදිස්සියක්ද??"
"සමාවෙන්න මහත්මයා ඔබට කරදර කලා නම්.. ඒත් ඔබට පුළුවන්ද මාව දැන්ම මුණගැහෙන්න??? ඔබට මගෙ ලිපිනය අමතක නැහැනෙ??
ඒ කරුණාවන්ත කටහඬ ආයෙමත් මට අහන්න ලැබුනා. ඒත් ඒ කටහඬේ ගැබ් වෙලා තිබුනේ තරමක හදිස්සියක් කියලයි මට හිතුනේ..
"සත්තකින්ම දොස්තර මහත්මයා සත්තකින්ම... මම දැන්ම එන්නම්..."
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29
Re: නැවතත්...............
2014-02-07, 11:46 am
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31
Re: නැවතත්...............
2014-02-07, 12:32 pm
නියමයි නියමයි ! ඊළඟට වෙන්නේ මම හිතන දේ නම් !......................................
- chathura1122+ 250 Posts
- Mood :
City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8850
Member Since : 2013-02-03
Re: නැවතත්...............
2014-02-07, 4:27 pm
Lassanai saho
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29
Re: නැවතත්...............
2014-02-07, 7:35 pm
නියමයි.ඒක ඒ විදියට වෙනවනම්. . .
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26
Re: නැවතත්...............
2014-02-07, 9:45 pm
niyamai jith
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09
Re: නැවතත්...............
2014-02-09, 3:43 am
මේ පිස්සු නම් කෙලින්න හදන්නෙපා. බැරිවෙලාවත් ගෙදර මනුස්සය දැනගත්තොත් එහෙම මගේ වීසත් කැන්සල් කරයි :shock: :shock: :shock:thavisha wrote:ela ela jith patta kathawa
Sheavn kollo horen horen application ekak daan wae yanne :P :P
- amal123+ 100 Posts
- Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8026
Member Since : 2013-09-26
Re: නැවතත්...............
2014-02-09, 9:33 am
මගේ අතින් රිවෝල්වරය ක්‍රියාත්මක වුනා.
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8863
Member Since : 2013-10-18
Re: නැවතත්...............
2014-02-09, 10:32 am
කුලී රථයකින් මම ඉක්මණින් ගියේ ලැන්කැස්ටර් මහත්මයා මුණ ගැහෙන්න. මම ටික වෙලාවකින් ආයෙමත් හිටගෙන හිටියෙ මීට මාස ගණනාවකට කළින් හිටගෙන ඉඳපු ඒ කළු පැහැති දොර ඉදිරියෙමයි. ඒත් එදාට වඩා අද මම වෙනස් පුද්ගලයෙක් වුනා.
"මේ පැත්තෙන් එන්න මහත්මයා... ලැන්කැස්ටර් මහත්මයා ඔබව බලාපොරොත්තුවෙන් විසිත්ත කාමරයේ ඉන්නවා."
කළින් දවසෙ වගේම ඒ කරුණාවන්ත කාන්තාව මාව ආයෙමත් පිළිගත්තා. මම බොහොම ඉක්මණින් ගියෙ ලැන්කැස්ටර් මහත්මයා හිටපු තැනට. ඔහු බොහොම කරුණාවෙන් මට හිනා වුනා.
"ඇයි දොස්තර මහත්මයා මට එන්න කිව්වෙ???"
"මෙතනින් ඉඳ ගන්නකො ස්ටීවන් මහත්මයා..."
ඔහු මට පෙන්නුවෙ එතන තිබුන සුව පහසු පුටුවක්.. කිසිම දෙයක් තෝරගන්න බැරි වුනු මම එතනින් ඉඳ ගන්නකොට ලැන්කැස්ටැර් මහත්මයා මගෙ දිහා බැලුවෙ ආයෙමත් සුපුරුදු කරුණාවන්ත හිනාවත් එක්කයි..
"ආයෙමත් අර හීන ඔබට පේන්න ගත්තද??"
"නැහැ මහත්මයා. මට ආයෙමත් ඒවා පෙනුනෙ නැහැ..."
"බොහොම හොඳයි......... මට ඒ ගැන ගොඩක් සතුටුයි.."
ලැන්කැස්ටර් මහත්මයා මගෙ පැත්තට නැමුනෙ උපැස් යුවල පැත්තකින් තියලා..
"ඒත්..............................."
"ඇයි මහත්මයා??? ඒත් මොකද???"
මම ඇහුවෙ තරමක් කලබල වෙලා. ලැන්කැස්ටර් මහත්මයා ආයෙමත් හිනා වුනා.
"නැහැ නැහැ.. බය වෙන්න එපා. මට පේන හැටියට..... ඒ හීන වලින් දුක් විඳපු එකම කෙනා මහත්මයා විතරක් නෙවෙයි.."
මම පුටුවෙන් ඉහළට විසි වුනේ නොදැනුවත්වමයි. මට ඒ කියපු දේවල් ආයෙ ආයෙමත් ඇහුනා.
"ජේක්.........................................."
ඒ නම මගෙ කටින් පිට වුනෙ එක පාරටමයි.. දොස්තර මහත්මයා ඔළුව වැනුවෙ ඒක අනුමත කරන්න. තවමත් ඒ කරුණාවන්ත හිනාව ඒ මුහුනෙ රැඳිලා තිබුනා.
"දැනට සති දෙකකට කලින් තමයි මට හම්බවුනේ.. සිද්ධි ඔක්කොම එකිනෙක ගැලපුනා. මහත්මයාගෙ සිදුවීම්ම එතනදි විස්තර වුනේ ජේක් දැකපු විදිහට. කාලයක් ගියත්, මට මහත්මයාගෙ සිද්ධිය මතක් වෙන්න ඒ තරම් වෙලාවක් ගියෙ නැහැ. මම මහත්මයාගෙ සිද්ධියත් විස්තර කලා. ඒ වගේම ඒ පුද්ගලයා කැමති වුනා ඔබව මුණ ගැහෙන්න. මම හිතුවා මහත්මයාත් කැමති වෙයි කියලා... මහත්මයා අකමැති නම්...................."
"නැහැ නැහැ............... මම කැමතියි මම කැමතියි.......... මම කොහොමද එයාව හම්බවෙන්නෙ??? කවදද??"
මට කෑ ගැහුනෙ පුදුමාකාර සතුටකින්.. ලැන්කැස්ටර් මහත්මයා පුටුවෙන් නැගිට්ටෙ මගෙ උරිස්සට අත තියන ගමන්.
"මම කිව්වොත් මේ දැන් කියලා........................."
ලැන්කැස්ටර් මහත්මයා මගෙ උරහිසට තට්ටුවක් දාලා ගියෙ විසිත්ත කාමරයේ අනෙක් පැත්තෙන් තිබුන දොර ළඟට..
"මෙතන ඉන්න... මම එයාව එවන්නම්...."

2014-02-09, 1:46 pm
yahoooooooooooooo
ela ela bawayen bawayata pathan aapu aadare meka thama
ela ela bawayen bawayata pathan aapu aadare meka thama
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26
Re: නැවතත්...............
2014-02-09, 2:29 pm
mage deyyane husmath hirawegena enawaa
- shevan+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09
Re: නැවතත්...............
2014-02-09, 3:10 pm
මේ...අද රෑ වෙන්න කලින් එයාව ගෙන්වන්න බැරිද ජිත් මහත්මයා.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|