Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


නැවතත්...............

+26
Thisara
tharindu_d
Isura
Shan Sahan
මල් මල් රුවන්
Harsha
supun
amal123
Hasun
kalana vihanga
Anjana Nuwan
pahan
Esala
azores
indu
chathura1122
kapilab
kelum123
suranga
sandaru799
kasunx
Siyapath
shevan
thavisha
සහන්
Jith
30 posters
Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-03, 2:00 pm
Message reputation : 100% (1 vote)
එල එල !
Anjana Nuwan
Anjana Nuwan
Regular Member
Mood : Fine

City : Kandy
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 7770
Member Since : 2013-09-15

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-03, 2:47 pm
Message reputation : 100% (1 vote)
Jith wrote:මගෙ ‍Yahoo account එකට වැඩේ හරි........... Unauthorized access එකක්...... හිතා ගන්න බැහැ මොනවා වෙලාද කියලා.. මගෙ කෙටි කතාවයි නවකතාවයි දෙකම ඉවරයි.................................... 
mage account ekatath ekama una. mokada karanne Jith................
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8863
Member Since : 2013-10-18

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-03, 3:40 pm
ඒකනෙ කියන්නෙ............. මම මේ දෙලෝ රත් වෙලා ඉන්නෙ... අළුත් එකක් හැදුවා ඒකත් මට පාවිච්චි කරන්න පුළුවන් වුනේ පැය 2ක් වගේ..... දැන් ඒකටත් යන්න බැහැ......... 
Anjana Nuwan
Anjana Nuwan
Regular Member
Mood : Fine

City : Kandy
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 7770
Member Since : 2013-09-15

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-03, 3:45 pm
Message reputation : 100% (1 vote)
Jith wrote:ඒකනෙ කියන්නෙ............. මම මේ දෙලෝ රත් වෙලා ඉන්නෙ... අළුත් එකක් හැදුවා ඒකත් මට පාවිච්චි කරන්න පුළුවන් වුනේ පැය 2ක් වගේ..... දැන් ඒකටත් යන්න බැහැ......... 
ei ehema wenne jith.
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8850
Member Since : 2013-02-03

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-04, 3:01 am
Message reputation : 100% (1 vote)
Ohoma siddiyak matat una, yahoo customer care contact karanna balanna etanin eyala fix karanawa case eka, passe alut password ekak denawa try karanna yahoo customer care ekata
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8863
Member Since : 2013-10-18

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-04, 7:42 pm
Mage wade dan Hari....................... Yahoo aayeth mata account eka dunna..........
kalana vihanga
kalana vihanga
+ 100 Posts
Mood : Childish

City : Mt.Lavinia
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8188
Member Since : 2013-08-25

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-04, 10:00 pm
Message reputation : 100% (1 vote)
superb :-)
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-05, 8:27 am
Message reputation : 100% (1 vote)
banana  banana  banana  banana  banana  banana dan story eka daanawada Jith?
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8863
Member Since : 2013-10-18

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-05, 9:38 am
Message reputation : 100% (3 votes)

කාලය ගත වෙනකොට ජේක්ගෙත් මගෙත් ආදරය තව තවත් වැඩි වුනා. එක දවසක්වත්, මට ජේක්වත් ජේක්ට මාවත් නොදැක ඉන්න බැරි වුනා. ලෝකයට වගේම තර්ස්ටන් මන්දිරයෙ හැමෝටම හොරෙන් හැම රැයක්ම අපි ගෙව්වෙ එකට. ඒ හැම රැයකදිම අපි කායිකව බැඳුනත් අපේ ආදරය ඊටත් වඩා වැඩි වුනා. අඳුරෙදි පෙම්වතුන් විදිහට හමු වෙන්නත් ආලෝකයෙදි වෙන් වෙලා සාමාන්‍ය විදිහට ඉන්නත් අපි පුරුදු වුනා. මට ඕන වුනේ මේ හැම දෙයක්ම අත ඇරලා කාටවත් හොයාගන්න බැරි තැනකට ජේක් එක්ක යන්න. ඒත් සමහර බැඳීම් අපේ ඒ ගමනට මැදිහත් වුනා.


ඒ වගේම ගෙවුනු එක රැයක් එළි වෙනකොට මම මගේ ඇඳේ හිටියෙ තනියම. මට කාමරේ ඇතුලෙන් ජේක්ව දැකගන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ. ඒක සාමාන්‍ය දෙයක් වුන නිසා මම ඉක්මනින් ඇඳගෙන එළියට බැස්සෙ ඔහුව හොයාගන්න. 


"මහත්තයා.......... මහත්තයා.............."


මට ඇහුනෙ කලබලෙන් කෑ ගහන තෝමස්ගෙ කටහඬ.......


"මොකද තෝමස්??"


"රිච්මන්ඩ් මහත්තයා...රිච්මන්ඩ් මහත්තයා........."


"ඇයි රිච්මන්ඩ්ට මොකද????"


"ජේකොබ්ව අශ්වයාගෙන් ඇදගෙන කන්ද පැත්තට ගියා.........."


මට දැනුනෙ පුදුම විදිහෙ බයක්. මම නොවැටී බේරුනේ පුදුම අමාරුවෙන්. ඒ වෙලාවෙ ආපු ආවේගයත් එක්ක මම දිව්වෙ මගෙ කාමරේට.. රිවෝල්වරය කබා සාක්කුවට දාගෙන මම මොහොතක්වත් පරක්කු වෙන්නෙ නැතුව ආවෙ මගෙ අශ්වයා ළඟට. කන්ද පැත්තට යන අතරතුරෙදි මගෙ හිතට දැනුනෙ පුදුමාකාර විදිහෙ බයක්. ඒ වගේම තරහක්. රිච්මන්ඩ්ව මරනවමයි කියන අදහසට මම ඒ වෙලාවෙ ආවා.


කන්ද මුදුනටම ආවත් මට දැකගන්න ලැබුනෙ රිච්මන්ඩ්ගෙ අශ්වයා විතරයි.


"දෙවියනේ..... මම පරක්කුද???"


මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුනා. ගස් අස්සෙන් මම වැටි වැටී ඉස්සරහට දිව්වෙ පිස්සුවෙන් වගේ. ජේකොබ්ට මොනව හරි වුනොත් මටම සමාවක් දෙන්න බැරි බව මම දැනගත්තා. ගමනාන්තෙදි මට දැක ගන්න පුළුවන් වුනේ රයිෆලය අතේ තියාගෙන එතන ඉඳන් පහල ආගාදය දිහා බලාගෙන හිටි රිච්මන්ඩ්ව විතරයි......


"රිච්මන්ඩ් කියපන් කෝ ජේකොබ්????????????"


මම රිච්මන්ඩ්ට කෑ ගැහුවෙ මගෙ රිවෝල්වරය දික් කරගෙන. රිච්මන්ඩ් මගෙ පැත්තට හැරුනෙ අවඥාවෙන් හිනා වෙවී. ඒ වෙලාවෙ මගෙ මුළු ඇඟම වෙව්ලුවේ රිච්මන්ඩ්ට තිබුන බය නිසා නෙවෙයි. මගෙ තරහව ඊට වඩා වැඩි වුන නිසා වගේම ජේක්ගෙ ඉරණම ගැන හිතා ගන්න බැරි වුන නිසා.


"ජේකොබ්..........ආහ්...........ඌ අර උඹ දවසක් කිව්වා වගේ, තටු ඇවිත් මෙතනින් පැනලා පියෑඹුවනෙ.. මම මේ ගියෙ කොහෙටද කියලා බලන්න යන්න හැදුවෙ.. මම ඌව නවත්තන්න වෙඩිල්ලකුත් තිබ්බා.."


ඒ ඇහුනෙ මොකක්ද කියලා මට හිතා ගන්න බැරි වුනා. මම දුවන්න ලෑස්ති වුනේ ආගාදයෙන් පහල බලන්න. 


"නැවතියන් ඔහොම........විලියම් නැවතියන්..."


ඒත් මම නවතින්නෙ නැතුවම රිච්මන්ඩ්ගෙ පැත්තට දිව්වෙ ජේකොබ්ව හොයාගන්න. ඒත් එක්කම මට ඇහුනෙ වෙඩි ශබ්දයක්. මගෙ දකුණු උරහිස්ස ගිනියම් අඬුවකින් හාරනවා වගේ මට දැනුනා. මගෙ මුළු ඇඟම පණ නැති වෙද්දි මුළු ලෝකයම කැරකෙනවා වගෙයි මට දැනුනෙ.


"උඹටත් ඕනෙ ඒ පාහරයා වගේ මැරෙන්නද?? ඔව්..... මැරියන්... හැබැයි උඹව මරන්නෙ තාත්තාගෙ ඉස්සරහදි.. උඹ හොරෙක්ව බේරුව මදිවට ඌත් එක්ක කරපු අවලම්කම් මම දන්නෙ නැහැ කියලද හිතුවෙ..." 


මගෙ ඇඟේ සම්පූර්ණ ශක්තියම නැති වෙලා මම දණිස් දෙකෙන් වැටුනා. ඒත්................. එක පාරම මගෙ අතට දැනුනෙ අමුතුම ශක්තියක්. රිවෝල්වරය ඇදලා අරගත්ත මම කොකා ගැස්සුවෙ තත්පරයක්වත් හිතන්නෙ නැතුව. දෙපාරක්ම... මම ඊළඟ මොහොතෙදි දැක්කෙ රිච්මන්ඩ් බිම වැටෙන හැටි. ඒත් අවාසනාවකට ඒක වැදිලා තිබුනෙ රිච්මන්ඩ්ගෙ කකුලට. රයිෆලය බදාගෙන රිච්මන්ඩ් කෑ ගගහා ඇඹරෙන විදිහ මම දැක්කා..


"උඹ පාහර බැල්ලිගෙ පුතා.." 


ඒ ආපු ශක්තියෙන්ම මම කලේ රිවෝල්වරයෙන් රිච්මන්ඩ්ගෙ ඔළුවට ගහපු එක. තවත් මොහොතක්වත් පරක්කු නොවී මම දිව්වෙ ආගාදයෙන් පහල බලන්න. මම දැක්කෙ මගෙ ජේක්ව...... ඔහු හිටියෙ එතන තිබුනු අත්තක එල්ලිලා.


"මගෙ අත අල්ලගන්න......................................"


මම කෑ ගහුවෙ එතන බිම නිදාගෙන.


"මට යන්න දෙන්න විලියම්............. මේක තමයි අවසානය... ඔයා මෙතනින් යන්න.."


"අනේ අත අරින්න එපා... මගෙ අත අල්ල ගන්න..... කරුණාකරලා......."


මම කෑ ගැහුවෙ ලේ ගලන මගෙ අත පහලට දික් කරගෙන. උරිස්ස කොයි තරමක වේදනාවක් ගෙනත් දුන්නත් ජේක් ළඟදි මට ඒ හැම දෙයක්ම අමතක වුනා. ඒත් ඔහු මට ආයෙමත් අත දුන්නෙ නැහැ. ඒ මුහුණෙ ඒ මොහොතෙත් මම දැක්කෙ වෙනදට දකින ලස්සනම හිනාව.


"දෙවියන්ගෙ නාමෙන් ජේක්.... මගෙ අත අල්ලගන්නවා මනුස්සයෝ...." 


ඔහු ඔළුව දෙපැත්තට වනන්නෙ ඇයි කියලා මට හිතා ගන්න බැරි වුනා. මගෙ ඇස් දෙකෙන් කඳුළු ආවෙ හැමදෙයක්ම බොඳ කරගෙන. මම තව තවත් ඔහු ඉදිරියෙ බැගෑපත් වුනා.


"මං වෙනුවෙන්.................අපි වෙනුවෙන්....... අපේ ආදරේ වෙනුවෙන්............ අනේ ජේක් කරුණාකරලා............ මාව තනි කරලා යන්න එපා.."


ඒ මුහුණෙ මම දැක්කා යන්තමින් බලාපොරොත්තුවක හැඟීමක් මතු වෙනවා. ඔහු ඒ වෙලාවෙ උත්සාහ කලේ පහළට දික් වෙලා තිබුනු මගෙ අත අල්ලගන්න. ඒත් ජේකොබ්ට ඒ දේ බැරි වුනේ රිච්මන්ඩ්ගෙ වෙඩි පහරෙන් දුර්වල වෙලා හිටපු නිසා.


"මට බැහැ.. මට බැහැ.. මට සමාවෙන්න...."


මම දැක්කෙ ඒ අත හිමින් ලිහිල් වෙන හැටි.


"නැහැ නැහැ... එපා........"


"සුබ ගමන් මගෙ යාළුවා.. මම හැමදාමත් ඔයාට ආදරෙයි.. අදත් හෙටත් හැමදාටමත්....මම හැමදාමත් ඔයා එක්කයි. අපි ඇත්තටම ආදරේ කලා නම් මේක තාවකාලික වෙන්වීමක් විතරක් වෙයි...."


ඒ ඇස් වල කඳුලු තිබුනත් මගෙත් එක්ක හිනා වුනේ පුදුම ආදරෙකින්.. වෙනද වගේම... ඒ වෙලාවෙ ඔහුගෙ අතේ තිබුනු මුළු ශක්තියම නැති වෙලා ගියා..


"ජේක්................................................................"


මම කෑ ගැහුවෙ මට පුළුවන් තරම් උපරිම හයියෙන්.. 


"ජේක්...........ජේක්..............ජේක්......... ජේක්............." 


"ස්ටීවන් මහත්මයා. ස්ටීවන් මහත්මයා............ ඔබ දැන් එතනින් ඉවත් වෙනවා..... ඔතනින් ඉවත් වෙන්න....... වහාම...මේ දැන්ම... මගෙ ගණන් කිරීමත් සමඟ ඔබ ඉවත් වෙනවා......... 5, 4, 3, 2, 1 ........"


හඬ පටිය අවසන් වුනේ ඒ දේවලුත් එක්කයි.

kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-05, 9:48 am
Message reputation : 100% (1 vote)
wow ...wow...wow....!
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-05, 10:02 am
Message reputation : 100% (1 vote)
ela ela ela anthima lines tika loku kuthu halayak ek karala thiyenawa
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8526
Member Since : 2013-07-22

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-05, 7:31 pm
Message reputation : 100% (1 vote)
ela.. ela....

 pride  pride  pride
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8863
Member Since : 2013-10-18

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-06, 2:57 pm
Message reputation : 100% (3 votes)

"එච්චරද????" 


මම ඇහුවේ එතනින් එහාට මට කිසිම දෙයක් ඇහුනෙ නැති නිසා.


"මට ඔබව ආපහු ගෙන්න ගන්න වුනා ස්ටීවන් මහත්මයා, මට සමාවෙන්න... එහම නොකලා නම් ඔබේ ජීවිතේ ලොකු අනතුරක වැටෙන්න තිබුනා."


"ඒ කියන්නෙ.... ඒ කියන්නෙ මම දැකලා තියෙන්නෙ මගෙ අනාගතේ නෙවෙයි. මම දැකලා තියෙන්නෙ මගෙ............"


"ඔව්.. ඔබ දැක්කෙ ඔබේ ගිය ආත්මේ වුන දෙයක්... ඒ මතකය ඔබ මේ ආත්මෙටත් ගෙනත්..."


"ගිය ආත්මෙ!!!!!! මේක මහා පිස්සුවක්... මේක 2013 මහත්මයා. ඔබ කියන්නෙ මට මේක පිළිගන්න කියලද?? මේකට වෙන මොකක් හරි උපකල්පනයක් තියෙන්න ඕනෙ.."


මම කිව්වෙ ඒ කිසිම දෙයක් පිළිගන්නෙ නැති බවක් පෙන්නන්න වුනත්, මගෙ යටි හිත නම් මම කියපු දේ පිළිගන්න ලෑස්ති වුනේ නැහැ.


"මේ කාලේ ගොඩක් අය මේ දේ පිළිගන්නවා මහත්මයා. හොඳයි... ඔබට වෙන උපල්කල්පනයක් තියෙනවද මේ ගැන????" 


ඒ දේට මගෙන් කිසිම වචනයක් පිටවුනේ නැහැ. මම මගේ පරාජය පිළිගත්තා.


"එතකොට මේකට බෙහෙතක් ඇත්තෙම නැද්ද දොස්තර මහත්මයා???"


ඔහු මගෙ දිහා ආයෙමත් බැලුවෙ ඇස් දෙකේ රැඳිලා තිබුනු උපැස් යුවල උඩින්.


"ඒ තත්වය ගැන අපිට හරියටම කියන්න බැහැ.. මොකද මහත්මයගෙ තත්ත්වය තියෙන සමහරු මේ දේවල් මෝහනයෙදි දැක්කම ඒ තත්ත්වය හොඳ වෙනවා. සමහරුන්ට මෝහන ප්‍රතිකාර කරන්න ඕනෙ.. අපි තව ටික දවසක් බලමු.. හොඳ වුනේ නැත්නම්.... ඒ වගේ දෙයක් උත්සාහ කරමු..."


ඔහු කිව්වේ බොහොම කරුණාවන්ත හඬකින්. ඒ කටහඬම මට බොහොම සැනසිල්ලක් ගෙන දෙන එකක් වුනා. මම පුටුවෙන් නැගිට්ටෙ මගෙ කබාය අතට අරගෙන.


"බොහොම ස්තූතියි දොස්තර මහත්මයා........ බොහොම ස්තූතියි මේ ගැන හොයලා දුන්නට."


මම ඔහුට දික් කල අත ඔහු තද කලේ බොහොම උණුසුම් විදිහට. ඔහුගෙ වයසක මුහුණේ තිබුනෙ බොහොම කරුණාවන්ත බවක්.


"ස්තූති කරන්න දෙයක් නැහැ මහත්මයා.. ඒක මගේ වගකීම.."


"ඒ වගේම මහත්මයා තව උදව්වක් ඉල්ලන්න කැමතියි..."


"ඒ ගැන බයවෙන්න එපා ස්ටීවන් මහත්මයා. හැමදේම මා ගාව රහසිගතයි.."


ආයෙමත් එන අතරතුරෙදිත් මම කල්පනා කලේ මගේ කියවීමෙදි මට අහන්න ලැබුනු දේවල් ගැන. ජේක් මගෙ ආදරවන්තයා. ඒ මුහුන මට ආයෙමත් වතාවක් මැවිලා පෙනුනා.. ඒ ලස්සන මුහුණ, ඇස් දෙක ආයෙමත් මගේ හිතේ හොල්මන් කලා. ඒත් එක්කම මට දකින්න ලැබුනෙ ඒ ළඟම තිබුනු පල්ලියක්.. මම හිමින් ඒ පැත්තට ඇවිදගෙන ගියා. මම එතන තිබුනු බංකුවකින් ඉඳ ගත්තෙ යාච්ඥා කරන්න. නමුත් ඒ මම වෙනුවෙන් නෙවෙයි. ඒ කාලයක් මගේ එකම ආදරය වුනු ජේකොබ් බොයිඩ් වෙනුවෙන්..  
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9230
Member Since : 2013-08-09

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-06, 4:08 pm
Message reputation : 100% (2 votes)
මං කියවපු ලස්සනම කෙටි කතාව. ඒකෙ ආදරේ පිරිල. අනේ ඇත්තටම ජිත් උඹව ලැබෙන ආදරවන්තය නම් හැබෑම වාසනාවන්තයෙක් වෙනවා. මොකද මේ කතාව ඇතුලෙ උඹෙ ඇත්ත හිතේ තියෙන ආදරේ තරමත් අයාසයක් නැතිවම ලියවිලා තියෙනව වගේ මට හිතෙනවා.  kiss
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

2014-02-06, 7:19 pm
Message reputation : 100% (1 vote)
wow. niyamai jith
Sponsored content

නැවතත්............... - Page 4 Empty Re: නැවතත්...............

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum