Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


කළුවර ඉරගල..

+12
shevan
weera1
amal123
ranveer
Ranga3
kasunx
roxram
manu1978m
Hitha Honda Kolla
Rashmika
Isura
Tharuka Sithum
16 posters
Go down
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 8 Empty Re: කළුවර ඉරගල..

2016-05-17, 5:13 am
ou harsha. hunga kalekata passe. eth kamak nehe update kalane anika godak.
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8866
Member Since : 2013-06-02

කළුවර ඉරගල.. - Page 8 Empty Re: කළුවර ඉරගල..

2016-05-17, 11:05 pm
haha aasawen kiyawana katha kalathurakin update weddi hari dukai..kaalekata passe godaaaaaak liyapu eka gena sathutui..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 8 Empty Re: කළුවර ඉරගල..

2016-05-23, 4:00 am
sumanayak una den. ilanga kotasa daana.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

කළුවර ඉරගල.. - Page 8 Empty Re: කළුවර ඉරගල..

2016-06-09, 8:42 am
liyapan ban meka ! ikmanata !  smile smile smile smile smile
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 8 Empty Re: කළුවර ඉරගල..

2016-06-10, 4:08 am
mmm thamath nehe.
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8563
Member Since : 2014-02-16

කළුවර ඉරගල.. - Page 8 Empty Re: කළුවර ඉරගල..

2016-08-09, 6:51 pm
පොඩි බණ්ඩාරගේ කැමැත්ත ලැබීමෙන් දින කීපයකට පසු විවාහය සිදු කරන්නට තීරණය විය... නාදනී කිසිඳු වෙනසක් නැතුව රනා සමඟ හුරතල් වෙමින් හුන් අතර මුලු වාසල ම විශාල මංගල උත්සවයකට සූදානම් වෙමින් සිටියේය..
සේවිකාවෝ විශාල මල් වට්ටි ගෙන ඔබ මොබ යනු දක්නට ලැබිණ.. උද්‍යාන වල අලුත් මණ්ඩප සහ උත්සව ශාලා සැකසෙමින් තිබුණේය...
මුළුතැන්ගෙවල් රසකැවිලි හා රාජභෝජන වලින් පිරී ගියේය... දුර බැහැර හුන් පාලකයෝ එකා දෙන්නා උත්සවයට සහභාගී ව්න්නට රජ වාසල වෙත ඇදී එමින් හුන් හ.. ඔවුන් ව පිළිගනිමින් ද උත්සවයට අවශ්‍ය උපදෙස් දෙමින් ද ලොකු බණ්ඩාර කාර්‍යබහුල වී සිටියේය...

මේ සියල්ල අතරේ පොඩි බණ්ඩා තවමත් අහම්බෙන් හෝ ටිකිරා දකින්නට කැමැත්තෙන් සිටියේය.. අවසන් සාත්තු දිනය වනතෙක් ඔහු ඇඟිලි ගැන්නේය..
පොඩි බණ්ඩාරගේ විවාහය පිළිබඳ ඇසීමෙන් ටිකිරා අතිශය ව්‍යාකූල වුණේය... ඔහුට නාදනී පිළිබඳ කිසිඳු කැමැත්තක් නැති වග ටිකිරා දැන සිටියේය.. ඈ වැනි සැපින්නක සමඟ විසීම පොඩි බණ්ඩාරට විශාල වදයක් වනු ඇතැයි ටිකිරා සිතුවේය.. වාසලේ දහස් ගණනක් වූ මිනිසුන් අතර ඔහුට හුදකලාවක් දැනුනේය.. පොඩි බණ්ඩාරට තමා කෙතරම් ආදරය කළේදැයි ඔහු සිතුවේය... ඔහු, පොඩි බණ්ඩාර සමඟ ගත කල සොඳුරු මතකයන් තුලින් අපහසුවෙන් ජීවත් වන්නට හේතු සෙව්වේය.. පොඩි බණ්ඩාර සමඟ පැනගොස් ඈත පිටිසර ගමක කුඹුරු කොටන්නට ඔවුන් මැවූ බොළඳ සිහින පරෙස්සමින් රැක්කේය.. යථාර්ථය කෙතරම් දරුණු ලෙස මානව සන්තානය විනාශ කරන්නේ දැයි ඔහු කල්පනා කළේ ය...
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8563
Member Since : 2014-02-16

කළුවර ඉරගල.. - Page 8 Empty Re: කළුවර ඉරගල..

2016-08-09, 6:53 pm
Message reputation : 100% (3 votes)
"කොහිද ටිකිරා?"
අවසාන සාත්තු දිනයේ බෙහෙත් සාත්තුව පිණිස ටිකිරා නොපැමිණ මහ වෙදනා පැමිණීම නිසා කලබලයට පත්ව පොඩි බණ්ඩාර අසා සිටියේය...
එය වනාහි විවාහ මංගල්‍යයට පෙර දින හිමිදිරිය විය...

"ටිකිරා පාන්දර සිට ම වෙද හල වෙත පැමිණියේ නැහැ කුමරුනි... එබැවින් මම ආවේ.. නමුත් හේවායන් පැවසුවා ඔහු පොර පිටියට යන්ට ඇතිය කියා.."
"යන්තම් හිරු එළිය වැටුණා විතරයි නෙව.. මේ උදැහැනැක්කෙ මක් කොරන්ටද පොර පිටියෙ..?"
පොඩි බණ්ඩාරගේ එම පැනයට නම් මහ වෙදනා සතුව පිලිතුරක් නොවීය..

"ගිහින් සේවකයන්ට කියන්ට මම පොර පිටියට යන්ට ඕනෑය කියල.."
"අවසර අපේ කුමරුනි.. හෙට නැකැත් මංගල දිනය නිසා අද ඔබට මාළිගයෙන් පිට වීම තහනම්.."
"මා කියන එක කරපිය" පොඩි බණ්ඩාර සලුවක් ගත දවටා ගන්නා ගමන් කීය...
"කුමරුනි සාත්තුව...." වෙදනා වෙවුලන්නට විය...
"සාත්තුව කරගනින් තොගෙ අහවල් එකට.. පල ගොහින් කියාපිය සේවකයන්ට සූදනම් කොරන්ට කිය . ඉතින් පල"
පොඩි බණ්ඩාර මෙතරම් කෝප වී සිටින්නේ ඇයි දැයි වෙදනා නොදැන සිටියේය..

****
කුමරුන්ගේ හදිසි පැමිණීම, පොර පිටිය කලබල කරවන්නට හේතුවක් විය... පොර පිටියට ඇතුලු වන විටම ටිකිරා සටනට එවන්නැයි පොඩි බණ්ඩාර කියා සිටියේය...
එහෙත් ටිකිරා පෙනෙන්නට සිටියේ නැත... ඔහු ටික වේලවකින් මතු වූයේ ය.. ශක්තිමත් අත් පා ගාම්භීර ලෙස දැඩි කර ගනිමින් පොර පිටියේ මැද ඇති කලාපයට පිවිසුණු හෙතෙම පොඩි බණ්ඩාර දෙස ආගන්තුක බැල්මක් හෙලුවේය..
සටන ඇරඹිණ.. පොර පිටිය තුළ එතෙක් මෙතෙක් සිදු වූ දරුණුම සටන එය විය.. පිටිය තුල ඇවිස්සුණු දූවිලි නිසා ඇතැම් විටක විනාඩි කිහිපයක් යනතෙක් පිටත සිටින්නන්ට සටන් කරුවන් දකින්නට නොලැබිණි...
තරුණ අශ්වයෙකුට වඩා පොඩිබණ්ඩාර් ජවයෙන් පිරී තිබුණේය.. .. ටිකිරා පරදවන්නට ඔහුට නොහැකි වනු ඇතැයි සටන බලා හුන් බොහෝ දෙනා කල්පනා කළහ..
ඒ සියල්ල අතර තුර පොඩි බණ්ඩාරගේ මනස තව තවත් පැටළුණේය... ඔහු එක එල්ලේ බලා සිටියේ ටිකිරාගේ සරාගී ඇස් දෙස ය.. ඒවා එන්න එන්නම තමාට හුරු පුරුදු වග ඔහුට දැනෙන්නට විය..

එක්වරම ටිකිරා පොඩි බණ්ඩාර බිම දැම්මේය... ඒ සැණින් ඔහු පොඩි බණ්ඩාර මතට ඇද වැටුණේය....
මේ ශක්තිමත් කඟවේනුන් දෙදෙනා මුල් වරට හමු වූ දිනයේද මෙවැන්නක් ම සිදු වූ බව පොර පිටියේ සිටියවුන්ට මතක තිබුණේ නැත..
තරුණයින්ගේ නෙත් එකිනෙක ගැටිණි.. පොඩි බණ්ඩාරගේ මනසේ විදුලියක් කොටන්නනාක් බඳු වේගයකින් ටිකිරා පිළිබඳ මතකය නැගී ආවේ ඒ අව්‍යාජජ ආදරය දොරෙ ගලා යන ටිකිරාගේ ඇස් දෙක දැකීමෙනි..
ටිකිරා සමඟ තනිව දඩ කෙළියට ගිය අයුරු, ඔවුන් දෙදෙනා සීතල ඇල පාරවල් වල නිරුවතින් නෑ අයුරු... ඔහුගේ කුටියේ ගුලිව පෙම් බස් තෙපළ අයුරු යන මේ සියල්ල අපරිමිත ආදරයකුත් සමඟ පොඩි බණ්ඩාරගේ මනසේ එකින් එක පෙළගැසුණේ තත්පර දෙක තුනක් තුළ ය...
"අහකට වෙයන්.."
මීට කලකට පෙර මුල් වරට ටිකිරා හමු වූ දින කී ස්වරයෙන් ම පොඩි බණ්ඩාර කීවේය... ටිකිරා නැගිට සිටියේය...
ඔහුගේ මුහුණේ පෙර පැවති කඩවසම් උදාරත්වයට අමතරව යම් මලානික දුක්සහිත බවක් ගැබ්ව ඇතැයි පොඩි බණ්ඩාර සිතුවේය..

සියල්ල අවසන් වූයේ ලොකු බණ්ඩාරගේ සෙන්පතීන් හදිසියේම පොර පිටියට කඩා වැදීමත් සමඟය.. වහා පොඩි බණ්ඩාර වාසලට කැඳවාගෙන එන්නට ඔවුන් වනු ලැබ තිබිණි... සිය මලණුවන් නීති රීති බිඳ දමා වාසලෙන් පිට වීම පිළිබඳ ලොකු බණ්ඩාර උදහස් ව උන්නේය... සිය කුටියට පැමිණ දෙර වසාගත් පොඩි බණ්ඩාර ඉකි ගසමින් හැඬුවේය.. දින සති ගණනක් මුළුල්ලේ සිතේ සිර ගත ව තිබූ අබිරහස් වියෝ දුකට හේතුව ඔහු දැන් දැන සිටියේය.. පසුතැවීම් සහ අහිමි වූ සියල්ල පිළිබඳ දොම්නස, සට සට හඬින් කුටියේ බුමුතුරුණු මතට ඇද හැලෙන කඳුලු වල දිය ව යන්නට ඔහු ඉඩ දුන්නේය... තමා ටිකිරාව කෙතරම් දරුණු ලෙස ප්‍රතික්ෂේප කලේදැයි ඔහු සිතුවේය... තම හැඟීම් අවුස්සන වැඩුණු මස් පිඬු වලට යටින් ඇති ටිකිරාගේ සිත එවන් වූ දුක් දරන්නට තරම් සවිමත් නැති බව පොඩි බණ්ඩාර දැන සිටියේ ය.. තම ආරක්ෂාව සලසා ගනිමින් පැන යන්නට අවස්ථාව තිබියදී තමාගේ ජීවිතය රැක ගැනීම සඳහා ම ටිකිරා සියල්ල කැප කළේය.. අවසානයේ ඔහුට සිදු වූයේ ප්‍රතික්ෂේප වන්නට ය.. සියල්ලන්ගෙන් අපරාධකරුවෙකු ලෙස ගැරහුම් ලබන්නට ය...මේ සියල්ලට තමා වග කිව් යුතු යැයි පොඩි බණ්ඩාර සිතුවේය..... නාදනී විවාහ කරගන්නට තමා කැමති ය යන ආරංචිය ටිකිරා කෙසේ අසා සිටින්නට ඇති දැයි පොඩි බණ්ඩාරට සිතාගන්නටවත් නොහැකි විය.. ඔහු තව තවත් ඉකි ගසමින් හැඬුවේය.. පෙම්වතුන් ලෙස ඔවුහු ලෝකයෙන් සැඟවී හුන් හ.. ඒ, එය පිටස්තර ලෝකය නොපිළිගන්නා සාපෙක්ෂ සම්මතය ඉක්මවූ බැඳීමක් වූ හෙයිනි... නමුත් අනෙක් සියල්ල නොතකා එකිනෙකා වෙත තම ආත්මයන් විවර කර ගත්තෝය.. ටිකිරා මෙන් ම පොඩි බණ්ඩාරට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආදරය කළේය.. එහෙත් සියල්ල ඉවසමින් තම ආදරය පොඩි බණ්ඩාරගේ සතුට වෙනුවෙන් පරිත්‍යාග කරන්නට තරම් ටිකිරා උසස් මිනිසෙක්ව උන්නේය....


පොඩි බණ්ඩාරගේ හිතුවක්කාර ගති පැවතුම් නිසාම කුමාර අංගනය වටා දැඩි මුරකාවල් යොදන්නට ලොකු බණ්ඩාර කටයුතු කළේ විවාහ මංගල්‍යය මීළඟ දිනට යෙදී තිබූ බැවිනි.. එහෙත් මුර හේවායන් වීසි කරමින් පොඩි බණ්ඩාර දිව ගියේ හේවා අංගනය වෙත ය..
සඳලු තල මලින් සරසමින් සිටි සේවිකාවන් අත වූ මල් වට්ටි, ඔහු අතින් පෙරළී හියේය...
ඔහු හේවා අංගනයට ඇතුළු වූයේ කාලයකට පසුය.. සියල්ල නොවෙනස්ව පැවතියේය... එහෙත් එහි කෙළවර කුටියේ තනා දකින්නට බලාපොරොත්තුවෙන් සිටි නිල් ඇස් ඇති ජවසම්පන්න යොවුන් පුරුෂයා අතුරුදන් ව උන්නේය...
එපමණක්ද නොව ඔහුගේ රෙදි පොට්ටනියද අතුරුදන්ව තිබුණි.. පොඩි බණ්ඩාර සතුව තවත් කඳුළු තිබුණේ නැත.. ඔහු කුටිය කෙළවර වූ කවුලුව වෙත ගියේය.. මීට පෙර එම කවුලුවෙන් හැමූ මද නල කෙතරම් සීතලට ටිකිරා බදාගෙන හුන් තම නිරුවත් ශරීරයේ ගැටුණේ දැයි ඔහු මෙනෙහි කළේය.. ඔහුට ටිකිරාගේ කට හඬ ඇසෙන්නට විය... ඔහු කුටිය මැද වූ සයනය දෙස බැලුව්වේය..
පොඩි බණ්ඩාරත් ටිකිරාත් තල්පත් ගොන්නක් මැදින් තබාගෙන සයනයේ දෙකෙළවර වාඩිවී හුන්හ..
"දැන් උඹල කියන්නෙ සිංහල සන්දේශ කාව්‍ය වලට සංස්කෘත වලට අමතරව වෙන භාෂාවලත් බලපෑම් තියෙනවය කියලද?"
ටිකිරා තමා පෙරළමින් හුන් පුස්කොළ ඉරු පසෙක තබමින් ඇසුවේ ය..

පොඩි බණ්ඩාර ඔවුන් අතර තිබූ පත් ඉරු මිටි එක්වර ම ගෙන අසල වූ කනප්පුව මත තැබුවේය.. ටිකිරාව තමා වෙතට ඇදගත් ඔහු, ටිකිරා සමඟ සයනයේ පෙරළුණේය..
"මං උඹට කියා දෙන්ටද ඒ අනිත් භාසාව මක්කැයි කියල?" ටිකිරාගේ බඳ මතට සිය සවිමත් කලවය දමා ඔහුගේ මුහුණ වෙත දෙතොල් ගෙන යමින් පොඩි බණ්ඩාර විමසුවේ ය..
"මං ඒ භාෂාවව දන්නව නෙව... කවියකට වැඩියෙ ලස්සනයි ඒක.. "
"සිත්තමක් වගේ.. පාට පාටින් හැඩ කෙරුණු.."
"ඔව් නෙව.. කවුරුත් දකින්ට කැමැත්තක් නැති සිත්තමක්.."
"කවුරුත් දකින්ට අකමැති වුණාම මක් වෙන්ට ද.. උඹල කැමති නම් ඇති මට.."
"රිද්දන්ට එපා.." ටිකිරාගේ අත පොඩි බණ්ඩාරගේ සලු ලෙහන්නට හදිසි වූයේය..
"මොනවද රිද්දන්ට එපාය කීවෙ?"
"හිත.."
"රිද්දන්නෙ නෑ.. පොරොන්දු වෙනව මයෙ අම්මෙ.."
සයනයේ හුන් තරුණ ගැටවරයෝ දෙදෙනා නොපෙනී ගියහ.. කවුලුව අසල හුන් පොඩි බණ්ඩාර හිස් බැල්මකින් යුතුව බලා හුන්නේය..
ඔහු කෑ ගැසුවේය.. ඒ හඬ ඉතා චණ්ඩ හා බිහිසුණු වූ අතර උද්‍යානය මැද සාදා තිබූ විවාහ මණ්ඩපය පවා දෙදරුම් කෑවේ ය...
කිරි සහ සුවඳ පැන් බඳුනක කරවටක් ගිලී සිටි නාදනී ඒ හඬ අසා වහා කවුලුව අසලට ආවාය.. රිදියෙන් වැඩ දැමූ දැවමය ඵලකයක් අහසින් පැමිණ ඇගේ දෙපා මුල වැටුණි.. ඒ ඔස්සේ පිටත බැලූ ඈ දුටුවේ පොඩි බණ්ඩාර අතින් සුණු විසුණු වෙමින් පැවති විවාහ මණ්ඩපයයි... සේවකයෝද රාජ පුරුෂයෝද වියරුවෙන් හැසිරෙන කුමාරයාව මෙල්ල කරන්නට අසාර්ථක උත්සාහයක් ගනිමින් සිටිනු ඈ දුටුවාය.


විවාහ මංගලෝත්සවය පසෙක තබා ටිකිරා සොයා ගම් බිම් පීරනු ලැබිණි... ඒ සඳහා ලොකු බණ්ඩාර කැමති කරවා ගනිමින් මහ වෙදනා කියා සිටියේ පොඩි බණ්ඩාරගේ සාත්තුව සම්පූර්ණ කිරීමට ටිකිරා අවශ්‍ය බවය.. දින සති ගණන් කන්ද උඩ රට ඈත එපිට ගම් බිම් ද වන ලැහැබ්ද පරික්ෂා කෙරිණි...
පොඩි බණ්ඩාර අසු පිට නැගී හිස හැරුණු අත ගියේ තනිව මය. ටිකිරා සමඟ ගිය ළඳු කැලෑ සහ වන ලැහැබ් වලදී ඔහුගේ ඉකි බිඳුම අසන්නට කුලුහරකෙක් වත් සිටියේ නැත..
පරිසරය මූසල විය.. රජ වාසල අතිශය ශෝක ජනක විය.. උද්‍යාන වල මල් පිපුණේද ඉඳ හිට ය..
කලකිරීම මුදුන්පත් වූ පොඩි බණ්ඩාර ඇතුගල ආසන්න ආරණ්‍යයකට ගොඩ වැදුණේය.. එහි වූ භික්ෂූන්ගේ සත්කාර ලබමින් සිටි ඔහු වනගත ආරණ්‍යයකට යන්නැයි උපදෙස් ලැබුවේ එහි වැඩ සිටි මහනායක හාමුදුරුවන්ගෙනි...
ඔහු ආරණ්යයට ගියේය... එහි තිබූ වැලි තලාවක් මත බෝ සෙවණේ හිඳගත්තේය.. බැඳීම් විසින් අවුල් වියවුල් කරන ලද ඔහුගේ චිත්ත සන්තානය, බෝධීන් වහන්සේගේ පත්වල සෙලවීමෙන් මදක් සන්සුන් වූයේය...
කිසිවෙකු ඔහු පිටුපස සිටින වගක් දැනුනෙන් ඔහු හැරී බැලුවේය...
මුඩු වූ හිසකේ වලට පහළින් වූනෙත් යුගල හඳුනා ගන්නට ඔහුට අපහසු වූයේ නැත... කලකට පෙර කන්ද උඩරට රාජ්‍යය තුල බහුලව ම කතා බහට ලක් වුණා වූද, පොඩි බණ්ඩාර නැමැති සමරිසි කුමාරයාගේ උමතුවට හේතු වුණා වූ ද, වෙදකමේත් සටන් කලාවේත් කෙළ පැමිණියා වූද ටිකිරා නැමැති තරුණයාගේ සරාගී ඇස් අතුරුදන්ව උපශාන්ත බවක් එහි අරක් ගෙන තිබුණේය...
පොඩි බණ්ඩාර තෙරුන් වහන්සේගේ දෙපා මුල වැටුණේය... කඳුලු පිරි දෙනෙත් දල්වා දොහොත් මුදුන් දී වැඳේය.. ඔහු නිහඬව ඉකි බිඳින සෑම වාරයක් පාසාම ඔහුගේ රණකාමී ශරීරය සෙලවෙනු දක්නට ලැබිණි...
තෙරුන් වහන්සේ මහත් උපේක්ෂාවෙන් ඈතින් පෙනෙන කඳු යාය වසා සිටින ශ්වේත වර්ණ මිහිදුම දෙස නිහඬවම බලා සිටි සේක... හිරු කිරණ ගැවසෙන විට ඒ මිහිදුම පහව යන්නාක් මෙන්ම අස්ථිර සහ අනිත්‍ය වන මානව බන්ධනයන් ගැන උන්වහන්සේ මෙනෙහි කළ සේක..


නිමි...
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8866
Member Since : 2013-06-02

කළුවර ඉරගල.. - Page 8 Empty Re: කළුවර ඉරගල..

2016-08-18, 12:34 am
anithyaya liyawena wenasma widihaka awasanayak !! lassanai..kiyawanna hugak parakku una !!!
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7215
Member Since : 2015-09-05

කළුවර ඉරගල.. - Page 8 Empty Re: කළුවර ඉරගල..

2016-08-19, 2:11 pm
Kiyawanna gannakota kawadawath hitune naa me wage awasanayak gena.hadawathe pathulatama waduna katawak.ape jivithe koi athata peraleida kyala katawath kynna beha.manussa jivithe hangeem,sathuta,dhuka,lingikathwaya,aadharaya,anithya bawa gena lassanata liyawunu lassana katawak.
Sponsored content

කළුවර ඉරගල.. - Page 8 Empty Re: කළුවර ඉරගල..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum