Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


කළුවර ඉරගල..

+12
shevan
weera1
amal123
ranveer
Ranga3
kasunx
roxram
manu1978m
Hitha Honda Kolla
Rashmika
Isura
Tharuka Sithum
16 posters
Go down
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6503
Member Since : 2015-10-14

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-01-26, 9:08 pm
apoi nandane nam marama wesa geniyek.........paw tikiratai,podi bandaratai......... cry cry
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-01-26, 10:09 pm
ane, podi bandarata ikmanin sihiya awoth!!!
me serama wisandei.
amal123
amal123
+ 100 Posts
Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8026
Member Since : 2013-09-26

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-01-27, 7:46 am
elaaaaaaa.............godaak rasa keemak.... kanna perethakamin balainna rasama rasa keemak kanna denne podda podda........ ayyooooooo
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-01-27, 1:17 pm
Pls bro ! Update soon!
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6227
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-01-27, 3:45 pm
Message reputation : 100% (2 votes)
ටිකිරාගේ සිර කුටිය තුළ අඳුර හැර අන් කිසිවක් නොවීය... ඔහු දැහැනක සම වැදී මෙන් යමක් කොඳුරනු මුරට සිටි සේවකයන්ට වරෙක ඇසුණු අතර තව විටක සිහින් හඬින් ඉකි බිඳිනු ඇසිණ.. හෝරා ගණන් කිසිඳු හැල හොල්මනක් නැතිව අඳුර පමණක් ඉතිරිව තිබිණි. ටිකිරාගේ ශක්තිය පිළිබඳ මනා අවබෝධයක් ඇතිව සිටි ලොකු බණ්ඩාර සවිමත් යකඩ දම්වැල්, කම්මල්කරුවන් ලවා වෙන ම සාදවා ගත්තේ ය..
එක් රැයක ටිකිරාගේ සිර කුටියේ පිටුපස තිබූ දොරටුවක් විවර වූයේ ඉතා සෙමෙනි..
මහ වෙද නා හෙවත් වෙදහල් ප්‍රධානියා එහි සිටියේ ය.. ඔහු ටිකිරා ඇදගෙන ගියේය.. ඔහු හා පැමිණි හේවයන් කීප දෙනෙක් මහත් වෙහෙසක් දරා දම්වැල් කපා දැමූහ..
ඔවුහු රහස් උමං මාර්ගයකොන් මාළිගාව පිටුපස වූ වන රොදකට එන තෙක් මහ වෙදනා කිසිත් කතා නොකළේය. ඔහු උගුර පෑදුවේ වන ලැහැබේ සිටි කාල වර්ණ අශ්වයා පිට හිඳගත් පසුවය.
"උඹ මයෙ ළඟ ඉගෙන ගත්තු එකා නෙව ටිකිරා.."
"එහෙමයි.." ටිකිරාගේ ඬෙ බලාපොරොත්තුවක ස්වරයක් ගැබ්ව තිබිණි..
"පොඩි බණ්ඩාරට මෙහෙව් එකක් උඹ කළාය කියල මම හිතන්නෙ නෑ.. ඒ වගේම නාදනී කියන රාජකීය සැපින්න කරන්නෙ වංචාවක් වග මම දන්නව. ටිකිරො මම ආවෙ උඹව බේරගෙන පැනල යන්ට උදව් කොරන්ට හෙම නෙවෙයි. " මහ වෙදනා දිගු කතාවකට මුල පිරුවේය.
"යුව රජ්ජුරුවො ඇඟේ කැත කරගන්න කාලෙ ඉඳල මම ළඟ උන්න නෙව. මං දන්නව ලොකු බණ්ඩාර හැරෙනකොට මොකාටද එන්ට තනන්නෙ කියල. ලොකු බණ්ඩාර කැමතියි පොඩි බණ්ඩාර අන්තිම හුස්ම හෙළනවට. මට තේරෙනව බොල ඒ වග. ඒත් මම කැමති නෑ බොල පොඩි බණ්ඩාර කුමාරයට එහෙව් එකක් වෙනවට. කුමාරය ඉන්ට ඕනෙ කන්ද උඩර මිනිස්සු වෙනුවෙන් යමක් කොරන්ට. කුමාරය ශක්තිමත්, තේජාවයි, නුවණින් යමක් කමක් කොරන්ට පුළුවන්. මේ රට යන තත්වෙ හැටියට මට යුතුකමක් තියෙනව නෙව කුමාරය රකින්ට.. ඒත් මම දන්නව ඒක කොරන්ට පුළුවන් උඹට විතරයි. උඹලගෙ ඇඟේ තියෙනව ගුප්ත බලයක් වගේ මොකද්දෝ එකක්. මට පැහදිලි නෑ බොල ඒ මක්ක කියල. උඹට පුළුවන් මේක කොරන්ට. උඹ මා එක්ක යන්ට එන්ට ඕන. පොඩි බණ්ඩාර සනීප කොරන්ට ඕනේ. මොක වුණත් කරන දෙයක් කරන්නෙ උඹ හොරෙන්. මම ඒක බලාගන්නම්. වැදගත්ම කාරණාව තමා බොල මහ රජ්ජුරුවො සැපත් වෙන්ට කලියෙන් වැඩේ අහවරක් වුණත් නැතත් උඹ මෙහෙන් යන්ට ඕනෙ. නැත්තම් රාජ පුරුෂයන්ට බාර වෙන්ට ඕනෙ."
ටිකිරා තව දුරටත් කඳුළු වැගිරුවේය. ඒවා සතුටු කඳුළු ය. ඔහු මහ වෙදනාගේ දෙපා මුල වැටී වැන්දේය.
"මං ඕනෙ එකක් කොරන්නම් කුමාරය පණ ගහනව නම්" ටිකිරා හෙමින් කීවේය.
****
ප්‍රතිකාර පිණිස ආරාමයක් වෙත කුමරා ගෙන යා යුතු යැයි කී මහ වෙදනාට ඒ සඳහා අවසර ලැබුණි. මුරකාවල් ප්‍රතික්ෂේප කළ ඔහු, කුමරා රැගෙන වන වැදුණේය.

පිරිසිඳු කළ ගල් ගුහාවක ටිකිරා නැවතී හුන්නේය. ටිකිරාගේ උපදෙස් මට පිළියෙල කළ විශේෂ බෙහෙත් දියරයක් කල්දේරම් සතක් බැගින් පිළියෙළ කෙරිණ. 
පොඩි බණ්ඩාරගේ සිරුර නිරුවත් කෙරිණ.
බෙහෙත් දියරින් පිරවූ ඔරුවක කුමාරයාව ගිල්වන ලදී..

හෝරා කීපයකට වරක් නව කල්දේරමක් බැගින් දිනකට කල්දේරම් සතක් බෙහෙත් ඔරුවට වත් කරන්නට ටිකිරා නියම කළ අතර අවශ්‍ය ඉතා දුර්ලභ බෙහෙත් පැළාටි සොයන්නට සේවකයෝ කැලෑ පීරන්නට විය. වෙදහලේ අනෙක් සියලු කටයුතු නවතා දමා සියලු සේවකයින් බෙහෙත් සෑදීමට යොමු කෙරිණ.
අවශ්‍ය උපදෙස් දීමෙන් පසු මහ වෙදනාට වැඩ කටයුතු පැවරූ ටිකිරා කළ දෙයින් සියල්ලෝ විස්මයට පත් වූහ..
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-01-27, 4:41 pm
ane hondai me wechcha widiha. mokakda tikira kala e deya siyaludena wismayata path wenna. ikmanata liyannako.
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6503
Member Since : 2015-10-14

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-01-27, 7:37 pm
ammo ati yantam oin giya.......podi bandarawa bera ganda tikiratama enda una......kamak ne et den me mokadda sidda wenne ?ikmanin liyanda ayet...
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-01-27, 8:02 pm
Niyamayi niyamayi !
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-01-28, 11:01 pm
waiting for you...
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6227
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-02-02, 7:25 pm
Message reputation : 100% (1 vote)
එක් අයෙකුට පමණක් ඉඩ ඇති බෙහෙත් ඔරුව දමා තිබූ පොඩි බණ්ඩාරගේ සිහිසුන් නිරුවත් ශරීරය මතින් ටිකිරා දිගා වුණේ නිරුවතිනි.
බෙහෙත් රැගෙන එන සේවකයින් දෙදෙනෙකුට හැරෙන්නට කිසිවෙකුට එහි ඇතුලු වන්නට අවසර නොතිබිණ. මහ වෙදනා ටිකිරාව විශ්වාස කළේය. 
ඔහු මේ කරන්නේ කුමක්දැයි පැහැදිලි අවබෝධයක් මහ වෙදනා තුළ නොවූවද ටිකිරාගේ අද්භූත බලයක් පිළිබඳ ඔහු විශ්වාසය තැබුවේය.


පිටත සිටින්නන්ට විස්තර දැනගත හැකි වූයේ බෙහෙත් කල්දේරම් රැගෙන යන එන සේවකයින්ගෙන් පමණි. ටිකිරා කිසිඳු හැල හොල්මනක් නොමැතිව කුමාරයා මත මුහුණට මුහුණ සිටින සේ නිරුවතින් වැතිර සිටින වග පමණක් ඔවුහු අපුලෙන් යුතුව පැවසූහ.

දින සතක් ගෙවී ගියේ මේ සිදුවීම මෙලෙස ම සිදු වෙමිනි..

සත්වන දින අවසානයේ බෙහෙත් කල්දේරම රැගෙන ගිය සේවකයින්ට දකින්නට ලැබුණේ ටිකිරා හෝ කුමාරයා ඔරුවේ නැති බවය.
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6503
Member Since : 2015-10-14

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-02-02, 7:57 pm
hmmm ay mak welada dennata? noidea noidea noidea
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-02-02, 8:59 pm
weera aiye, mak welada dennata witharak neme, me sithumatath mak welada? peli dekaine liyala thienne.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-02-04, 2:53 am
Ai mechchara godak liwwe
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-02-05, 11:23 pm
ane wasthuwe ikmanata ....waren yako magen honda ewain ahaganne nethiwa.
ane man hari aasawen kiyawana kathawak meka. ikmanata enna deiyo...ummmaaaaaahhhh. 2boy 2boy 2boy 2boy 2boy 2boy kiss kiss kiss kiss kiss
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6227
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

2016-02-07, 1:24 pm
Message reputation : 100% (3 votes)
සේවකයෝ කලබල වූහ..
ඔවුහු බෙහෙත් දැමීම මසෙක තබා ආපසු හැරුණහ.
"මට අඳින්ට වස්ත්‍රයක් අරන් වරෙන් " ඔවුන් මීට කිහිහිප දිනකට පෙර ඇසූ ප්‍රතාපවත් කුමාර හඬ ශබ්දය ගල් ගුහාව පිටුපසින් නැගී අවේය. වහා පිට වූ සේවකයින් කුමාරයාටත් ටිකිරාත් ඇඳුම් රැගෙන ආවද එහෙ සිටියේ කුමාරයා පමණි...

කුමාරයා සළු පැළඳ පිටතට ආවේය. ඔහු මුලින් සිටියාටත් වඩා ශක්තිමත් හා කඩවසම් වී ඇතැයි සියල්ලන්ට ම සිතුණි..මහ වෙදනා අසලට පැමිණි ඔහු, 
" කියන්ට මොකද මේ වුණේ කියාල. ඊට කලින් උඹට ස්තූතියි මා සනීප කොළාට. නින්දගම් කීපයක් ලියැවේවි උඹ නමට."

මහ වෙදනා බය පක්ෂපාතීව කතා කලේ කුමාරයාගේ උදාරත්වයේ වැඩි වීමක් පෙණුනු නිසාය. 
"අවසර කුමරුනි, ඔබේ සුවය පිළිබඳ ස්තූති ්කිරීම හෝ නින්දගම් ප්‍රධානය කළ යුත්තේ මට නොවෙයි.. ටිකිරාට.. ටිකිරා තමයි ඔබව සුව කොළේ.."

කුමරුන් මදක් කල්පනා කලේ ය.
"ටිකිරා කියන්නෙ කවුද? අලුත් වෙදෙක් ද? අලුත් වෙදුන් ගන්නට පෙර මා දැනුවත් කළ යුතුයි නෙව.."
ඒ ඇසූ මහ වෙදනා පුදුම විය. කුමරුන් තුල ටිකිරා පිළිබඳ අංශු මාත්‍රීය හෝ මතකයක් නොවීය. එය හිස වැදීමෙන් වූ තුවාලය නිස සිදු වූවක් බව මහ වෙදනා කියා සිටියේය.
****
ටිකිරා පෙනෙන්නට සිටියේ නැත..මාළිගාවේ බොහෝ දෙනා පොඩි බණ්ඩාරගේ පැමිණීම පිළිබඳ සතුටු වූහ...
ඒ වෙනුවෙන් විශේෂ සාදයක් පැවැත්වීමට යුව රජු යෝජනා කළේය.. දිගු විරාමයකට පසු වෙහෙසකර ගතියකින් යුතුව පොඩි බණ්ඩාර සිය අංගනයට ගියේ තනිව ම ය..

****
ටිකිරා ව චෝදනා වලින් නිදහස් කරන ලද්දේ ඔහු කුමරු බේරාගත් බව මහ වෙදනා තහවුරු කර සිටි බැවිනි. ඒ අනුව ඔහුට නැවතත් හේවා තනතුර ලබා දෙන්නට තීරණය විය. එහෙත් ටිකිරාගේ ප්‍රතිකාර ක්‍රමය ගැන දැන සිටියේ මහ වෙදනා සහ ටිකිරාත් සේවකයින් දෙදෙනාත් පමණි..

*****
කුමරා කුටියට පිවිසෙන විට යමෙකු සයනය මත හිඳගෙන සිටියේය.. පොඩි බණ්ඩාර 
"කවුද ඔතන?"යි ඇසුවේය..

ටිකිරා එහි සිට කිසිවක් නොකියා ඉදිරියට ආවේය..
"මම.. මයෙ හිතේ තිබුණ මාව දැක්කම උඹලට මාව මතක් වෙයි කියල"

පොඩි බණ්ඩාරගේ නළල රැළි විය..
"කියාපිය තෝ කවුද කියල. ඔහොම ගරු සරු නැතුව මට කතා කොරන්ට උඹ කවුද.? ඈ බොල?"

ටිකිරා දිගු සුසුමක් හෙලුවේය..
" ටිකිරා.. මම හේවායෙක්....අසනීප වෙන්ට කලින් තමුන්නාන්සෙ මගෙ.." ටිකිරා නැවතුණේය..
කුමාරයාගේ ස්වරය උස් වන්නට විය

"උඹ කොහොමද බොල මයෙ කවුරුත් වෙන්නෙ? හේවායෙක් නම් හේවායෙක් හැටියට ඉන්ට බලනව නම් හොඳා... කතිකා කොරන්ට කලියෙන් හිතපිය තොගෙ තත්වෙයි මයෙ තත්වෙයි .මාව සනීප කොරේ උඹය කියල තියෙන කතාව ඇත්ත වෙන්ටැති. උඹ ආවෙ ඒ වෙනුවෙන් කහවණු ඉල්ලන්ට නම් ඒක වෙයි මතු දාක. ඉවසල හිටහන්."
පොඩි බණ්ඩාර ටිකිරාව මායිම් නොකර කියවාගෙන ගිය අතර ටිකිරා කිසිවක් කියන්නට පෙර ම පොඩි බණ්ඩාර නැවත කතා කළේ ය.
"හ්ම්. දැන් උඹට යන්ට පුලුවන්.. උඹ යන ගමන් පිටත මාලෙ ඉන්න සේවකයන්ට කියාගෙන පල මට දඩ කෙළියට යන්ට පිරිවර සූදානම් කොරන්ට කියල. අඩු තරමෙ පණහක්වත් අසරුවො ඉන්ට ඕනෙ කියාපිය."
Sponsored content

කළුවර ඉරගල.. - Page 5 Empty Re: කළුවර ඉරගල..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum