Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


කළුවර ඉරගල..

+12
shevan
weera1
amal123
ranveer
Ranga3
kasunx
roxram
manu1978m
Hitha Honda Kolla
Rashmika
Isura
Tharuka Sithum
16 posters
Go down
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6503
Member Since : 2015-10-14

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-19, 8:47 pm
apoi una deyak......poddaine tawa liyandako....
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-19, 11:33 pm
Nuyamayi niyamayi !!!!!!
ranveer
ranveer
Regular Member
Mood : Proud

Country : Sri Lanka
Posts : 50
GetReal Gold : 6173
Member Since : 2016-01-07

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-20, 7:30 am
ohhhhh wena dewal nam hondakata neme wage
avatar
Ranga3
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7630
Member Since : 2014-03-24

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-20, 8:12 pm
Hayyoooooo help Neutral cry
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-21, 5:23 am
aiyoooo!!!
podi bandarata mokuth wenna epa deiyane.
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6227
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 4 Empty දාහතරවන දිගහැරුම..

2016-01-22, 8:37 pm
Message reputation : 100% (2 votes)
ඒ අමාවක රැය කන්ද උඩරට රජ වාසලට නිදි නැති රැයක් විය... පොඩි බණ්ඩාරගේ හදිසි අනතුර කාගෙත් කසු කුසුවට හේතුවක් වූ අතර ඔහු වහාම වෙද හල වෙත යොමු කෙරිණ...
පරීක්ෂණ කටයුතු ඇරඹිණ...
හේවායන්ගේ ලැගුම්හල් පරීක්ෂා කෙරෙන්නට පටන් ගත්තේ ඒ හෝරාවේම ය... ටිකිරාද තමා දන්න සත්‍යය කියා සිටියේය. 
තමා පිටතට පැමිණෙන විට කුමරු වැටී සිටියේ යැයි ඔහු කීවද ඉන් ඵලක් නොවූයේ පරීක්ෂණ කටයුතු මෙහෙයවන ලද්දේ රනා විසින් වූ බැවිනි. 
ටිකිරා සිරගත කරන ලදී. ඔහු නඩු වාරයකට කැඳවීමට නියම කෙරිණ....
***

කිසිවෙකුටත් විස්තර කරන්නට බැරි වූ පැහැදිලි වෙනසක් ටිකිරාගේ මුහුණේ දැකිය හැකි විය. ඔහු නිදා නොගත්තේය. ආහාර පාන ප්‍රතික්ෂේප කලේය.
චෛතසික වශයෙන් ටිකිරා පොඩි බණ්ඩාර සමඟ දොළ පාරවල් වල ඉවුරු දිගේ ඇවිද්දේය. ඔවුහු පොඩි එවුන් දෙදෙනෙකු මෙන් සමනලුන් පසුපස දිව්වෝය. ඉඳහිට දිනක ගල්තලා මත රෑ පින්නේ තෙමෙමින් තරු ගණිමින් හුන්හ. සියල්ලට ම වඩා ලෝකයට රහසක් වූ පෙම් කතාවක් අකුරු කරමින් සිටියහ. 
***
පිය රජු කාලයකට රාජධානියෙන් පිට වී සිටියේ රජරට ප්‍රදේශයේ ප්‍රධානීන් හමුවට ගොස් සිටි බැවිනි. ලොකු බණ්ඩාරට ටිකිරා පිළිබඳ තීරණයක් ගන්නට සිදු විය. සිය මලණුවන්ට සිදු වූ අනතුර ගැන මහත් කම්පාවෙන් සහ දෙගිඩියාවෙන් සිටි ලොකු බණ්ඩාරගේ සිත කෝපයෙන් පිරී ගියේ පොඩි බණ්ඩාරගේ ජීවිතය අනියත වගත් වෙදකම සඳහා ටිකිරා වහා ගෙන්විය යුතු වගත් වෙදහලේ මහ වෙදනා විසින් ලොකු බණ්ඩාර පුද්ගලිකව හමු වී දන්වනු ලැබීමෙන් පසුව ය.

එහෙත් වෙදකම් පිණිස ටිකිරා ගෙන්වාගැනීමේ අදහසට විරුද්ධ වෙමින් ලොකු බණ්ඩාර කියා සිටියේ නඩු විභාගයෙන් පසු තීරණයක් ගත යුතු බවය.
ඒ අනුව සියලු රාජ්‍ය කටයුතු පසුවට කල්තබා ටිකිරා මන්තණ සභාවට කැඳවනු ලැබිණ
...
***
නාදනී බෙහෙවින් කලබල වී සිටියා ය. ඈ කෙතරම් නොසන්සුන්ව සිටියේද කිවහොත් ටිකිරා වෙදකම් පිණිස යනු ඇතැයි සිතමින් සිටි නිසාම ඈට රනා සමඟ රාග ආලිංගනයේ යෙදෙන්නට ද සුදුසු මානසිකත්වයක් නොවිණි. එහෙත් ඈ නිහඬව නොසිට යමක් කරන්නට සිතා ගත්තාය.
පොඩි බණ්ඩාරගේ අනතුර සිදු වූ දා සිට ම නාදනී සිය කුටියෙන් පිටතට නාවා ය.
කවුරුත් සිතුවේ මේ සිදුවීම් වලින් ඈ කම්පනයට පත්ව ඇති බවය.

****
"තෝ හිතට එපා වෙදකම් කොරන්ට කියල තෝව නිදහස් කොරයි කියල. තෝ මොන බලු ගැත්තෙක්ද යකෝ කුමාරය තෝ මුලිච්ව් වෙන්ට එන්ට?"
සිංහාසනයෙන් නැගිට සිටි ලොකුබණ්ඩාර මන්ත්‍රණ සභාව දෙදරුම් කන්නට කෑ ගැසුවේය.

රාජ පුරුෂයෝ පවා ඉහින් කනින් දහඩිය වගුරමින් උන්නේ කෝපයෙන් දැවෙමින් තිබූ ලොකු බණ්ඩාරගේ ඇස් වල උණුසුම නිසාම විය යුතුය. ඇමති මණ්ඩලයේ කිසිවෙකු ලොකු බණ්ඩාර යුව රජු දෙස කෙලින් බලා සිටින්නට අපොහොසත් වූහ.
ඒ ටිකිරා මන්ත්‍රණ සභාවට කැඳවූ මොහොත වවූ අතර මන්ත්‍රණ සභාවේ නාදනීගේ අසුනත් පොඩි බණ්ඩාරගේ අසුනත් හිස් ව තිබූ අතර ටිකිරා දම්වැලින් බැඳ සිටගෙන හුන්නේය.
"පොර පිටියෙත් තෝ හටන් කොලේ කුමාරය එක්ක විතරක්ලු නෙව. මක්කැයි උඹට කුමාරය එක්ක තිබිච්චි ඇයි හොඳැයිය? කතා කරපිය පරය. තෝ උල තියල අහවල් එකෙන් උඹෙ රීරි මාං අදින්ට කලින් හොලවපිය තොගෙ දිව."
ලොකු බණ්ඩාරගේ හඬ ඇසී ඈත කෙළවර වූ පොකුණක දිය කෙළිමින් හුන් කුමරියක පවා ක්ලාන්ත වූවාය. ඒ හඬ ඒතරම් රළු සහ බියජනක විය

ටිකිරා බිම බලා සිටියා විනා වචනයකුදු නොකීවේය.
"තොගේ කට හොලවන්ට ඕනෙ කරන්නෙ රත් කොරපු යකඩයක්ද නැත්තම් කසයක්ද? ඈ බොල. කතා කරපිය කාලකණ්ණි බල්ල. "
මන්ත්‍රණ සභාව ඉන් පසු තත්පර කිහිපය පිරී තිබිණේ ගුප්ත බිය ජනක නිහැඬියාවකිනි. 
නමුත් ඒ නිහැඬියාව බිඳ වැටුනේ නාදනීගේ මලානික මුහුණ ප්‍රධාන දොරටුවෙන් මතු වීමත් සමඟය. 
අඩියක් දෙකක් ඇගේ රාජකීය ගමන් ලීලාව සුරකිමින් ඉදිරියට පැමිණි ඈ එක්වර ම බිම ඇද වැටුණාය.

රාජකීය වෙද හලේ නිලධාරියෙකු ඈ සමඟ පැමිණියේය. 
"මෑට කිමෙක් වෙලා ද? කියාපිය හනික"
ලොකු බණ්ඩාර වෙදනාගෙන් ඇසුවෙ පෙරට වඩා තරමක් හඬ බාල කර නමුත්, කෝපයේ වෙව්ලිල්ල එහි තවමත් ගැබ්ව තිබිණි.

"අවසර හාන්දුරුවනේ, ඒ උත්තමාවිය ගැබ්ගෙන වගක් දැනෙන විත්තිය ඈ කියා හිටිනවා. එහෙත් ඇය ඒ පිළිබඳ පරික්ෂා කොරන්ට අවසර දෙන්නේ නැහැ. හාන්දුරුවනේ ඈ කියන්නේ ඇගේ ශරීරය ස්පර්ශ කළ හැක්කේ ඈව මුල් වරට ස්පර්ශ කල පුරුෂයාට පමණක් වගයි."
ලොකු බණ්ඩාරගේ කෝපය දෙගුණ තෙගුණ විය. ඔහු සිංහාසන මණ්ඩපයෙන් බිමට පැන්නේය. 
නිමේශයක් ගත වන්නට පෙර වෙද නිලධාරියා දෙවුරෙන් අල්ලා උඩට ඔසවමින් ලොකු බණ්ඩාර මොර දෙන්නට විය. 
"කවුද ඒ පුරුෂයා.? පොඩි බණ්ඩාර ද? කතා කරනවා හොඳයි?"

"ඈ ඒ වගක් තවම කීවේ නැහ හාන්දුරුවනේ" වෙදා කීවේ වෙවුලමිනි.
නාදනී කෙඳිරි ගෑවාය. ඈ අපහසුවෙන් නැගී සිටියා ය. ලොකුබණ්ඩාර ඈ ඔසවා ගත් අතර ඈ වෙත නො එන ලෙස සේවිකාවන්ට සන් කල ඔහු ඈ ඔසවාගෙන ගොස් ඇගේ අසුනෙන් තැබුවේ ය. 
ටිකිරා ඇගේ කිසිඳු ගර්භණී ලක්ෂණයක් නොදැක්ක බැවින් පුදුමයට පත් විය. එහෙතේ සැණින් ඔහුගේ සිත පොඩි බණ්ඩාර ළඟ නතර විය.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-22, 8:45 pm
Message reputation : 100% (1 vote)
ඔයා කතාව ගොඩනගන විදිහ නම් නියමයි !
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6503
Member Since : 2015-10-14

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-23, 12:22 am
Message reputation : 100% (1 vote)
ow  ow kasunx kiwwa de ta mat ekangai.....lassanata liyagena yanawa oya hamadamat.asawen kiyawanawa yanawa mat..... thumbup thumbup thumbup thumbup thumbup thumbup
manu1978m
manu1978m
memebrs with 1 post
Country : Sri Lanka
Posts : 3
GetReal Gold : 6098
Member Since : 2015-12-25

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-23, 12:33 am
Puduma hekiyawak thiyenawa lassanai
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-23, 4:48 am
Message reputation : 100% (1 vote)
ane apoi e para naadani monawa karanna yanawada kiyala hitha gannawath behe.
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6227
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-24, 7:04 pm
Message reputation : 100% (2 votes)
"කවුද නුඹේ සිත සොරාගෙන මෙතරම් දුරක් ආ පුරුෂයා..? කියන්ට දේවිය..."
පහත් හඬින් ලොකු බණ්ඩාර කීය.

"ඔහු මගේ කුටියට රිංගා මා සතු වස්තුව පැරගත්තා.. කුමරියක සතු වූ වූ උතුම්ම වස්තුව කන්‍යා භාවය.. ඔහු එය පැහැරගත්තා.. ඉන් ඇති වූ කම්පනය නිසා මා දින ගණනක් කුටියේ රැඳී සිටියා යුව රජුනි.. මේ වාසලේ ආරක්ෂාව ගැන මා ඔබට කියා සිටියා... මට ජීවත් වීම එපා වෙන්ට යන්නෙ. මට කිසිවක් හිතා ගන්ට බෑ.. බලන්ට.. මේ අත් දෙස.. ඒ පාපතරයා සමහ පොර බදන්නට මා ශක්තිමත් නෑ.. මෙතරම් අසහනයක්? මා දැක නෑ.. "
ඈ කියවාගෙන ගියාය. ලොකු බණ්ඩාරට කිසිවක් සිතා ගන්නට බැරි විය. රනා හුන් තැනින් නැගිට්ටේය. මේ සිදුවන කිසිවක් ගැන ඔහු නොදැන සිටියේ ය.


කාගේත් මුහුණු අවිනිශ්චිත බවින් පිරී තිබිණි. ඒ නිහඬ බව ගුප්ත සහ මූසල එකක් වූ අතර බොහෝ පරිවාර සේවකයෝ එළඹෙන තත්වයට මුහුණ දීමට තරම් ශක්තිමත් සිතැත්තෝ නොවූ බැවින් බිම බලාගෙන ම හුන්හ.

"ඒ වෙන කිසිවෙක් නෙවෙයි... මේ ඉන්න පාපතර මිනිහා.. ටිකිරා... මට මූව පෙන්නෙන තබන්ට එපා... මගේ පිවිතුරු කම නැතිව මට ජීවත් වී ඵලක් තිබේ ද? මා විශ්වාස කරන්ට කුමරුනි, මොහු නිසා මා ගැබ්ගෙන ඇති වගක් මට දැනෙනව.. සියල්ලටම වඩා මා බෙහෙවින් ආලය කළ පොඩි බණ්ඩාර..." නාදනීට වාක්‍යය සම්පූර්ණ කරන්නට ඉඩ නොලැබිණි.. ඈ නැවත ක්ලාන්ත වූවාය.

නාදනී නම් වූ ඒ කාම ධේනුව එක ගලකින් කුරුල්ලන් දෙන්නෙක් මරා තිබිණි. එක් අතකින් ඈ සිය කන්‍යා භාවය නැති කර ගැනීමේ ලෝක අපහාසයෙන් තරමක් මිදුණු අතර අනෙක් අතට ටිකිරාගේ මරණය තීන්දු කරන තරමට ම ඔහු වරද කරුවෙකු කලාය.
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6503
Member Since : 2015-10-14

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-24, 8:42 pm
apoi apoi me moko wenne paw neda tikirata.......
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9816
Member Since : 2015-05-03

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-24, 10:09 pm
naadani ehema kiyapu eka hondai. eka hinda kauruth podi bandarai tikirai gena seka hithanne nehe. anika podi bandara innakam tikirata maranaya uruma wenne nehe. ekama de podi bandara thaama me kisi deyak danne nethi kamai. hemadema hondata siduwewi.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

2016-01-24, 11:35 pm
Wow !
Tharuka Sithum
Tharuka Sithum
Regular Member
City : COLOMBO
Country : Sri Lanka
Posts : 25
GetReal Gold : 6227
Member Since : 2015-12-28

කළුවර ඉරගල.. - Page 4 Empty දහසය වන දිගහැරුම..

2016-01-26, 7:52 pm
Message reputation : 100% (2 votes)
පොඩි බණ්ඩාර සිහිසුන් ව සිටියේය... වෙදහලේ විශේෂ මුරකාවල් සහිතව වෙදුන් කීපදෙනෙක්ගේ දැඩි සැලකිලි මැද ඔහු අපහසුවෙන් හුස්ම ගත්තේය. දිනෙන් දින ඔහුගේ ශරීර ක්‍රියාවලි ඉතා වේගයෙන් දුර්වල වන බව පෙනී ගියද කළ හැකි කිසිවක් වෙද්දු නොදැන සිටියහ. සියලු ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීමෙන් පසුව වෙදහල පසු බැස්සේ කරන්නට කිසිවක් නොවූ බැවිනි. එහෙත් සියලු වෙදුන් සතුව එක් විසඳුමක් විය. එම විසඳුම දැන සිටි පුද්ගලයා මේ වන විට මරණයට නියමිත වූවන් රඳවා සිටි අඳුරු සිර කුටියක දම්වැල් වලින් බැඳ දමා තිබුණේ ය.
*****
නාදනී දිගින් දිගට ම කෙඳිරි ගෑවාය.. එහෙත් මෙවර එය තවත් ගර්භණී රංගනයක් නොවූ අතර ඇගේ සිරුර සිය තොල් පෙති වලින් උණුසුම් කරමින් සිටි රනාගේ බාහු මිරිකමින් ඈ කෙඳිරි ගෑවාය..

"මේ බාහු තව සවිමත් කර ගන්ට වෙයි..." ඈ කීවාය...
"අර මොකටද?" රනා ඇසුවේය..
"කවද හරි මම ඇත්තටම ගැබ් බර වුණා ම දරු පැටියගෙ බර දරන්ට වෙන්නෙ උඹට නෙව"

"ටිකිරා මළායින් පස්සෙ ඊළඟ පියවර හැටියට මොකද්ද කෙරෙන්නෙ? "
රනා ඇගේ හිස අතගාමින් ඇසීය.
"ලොකු බණ්ඩාර..."
ඈ කීවාය..

*****
නාදනීගේ අභූත චෝදනාවෙන් පසු ලොකු බණ්ඩාර ටිකිරා උල හිඳුවා මරා දමන්නට නියම කළේ ය. නමුත් ඒ සඳහා පිය රජු ගේ අවසරය ලැබිය යුතු බැවින් ඒ වනතෙක් ටිකිරා භූගත සිර කුටියක සිර කරන ලදී...
ටිකිරාගේ නිහඬ බව, ඔහු වරද කරු බව සියල්ලන්ට හඟවන්නට රුකුල් දුන් අතර පිටින් නිහඬ වුවද ඔහුගේ ඇතුළාන්තය ශෝකයෙන් දැවෙමින් වේදනාවෙන් මොර දුන්නේය.
ටිකිරා ඉකි බින්දේ ය ය.. ඔහුට කළ හැකි වෙන කිසිවක් නොවීය.. ඔහුත් පොඩි බණ්ඩාරත් අතර වූ බැඳීම ගැන ඔහු බොහෝ සිතුවේ ය.. මරණය පිළිගන්නට ඔහුට බියක් නොවීය.. එහෙත් කෙසේ හෝ සුවපත් වුවහොත් පොඩි බණ්ඩාර තමන් නොමැතිව කෙසේ ජීවත් වේ දැයි කල්පනා කරන හැම වරෙක ම ටිකිරා මැරි මැරී ඉපදුණේ ය..
Sponsored content

කළුවර ඉරගල.. - Page 4 Empty Re: කළුවර ඉරගල..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum