Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4123 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


සඳ තනිවෙලා. . . .

+14
gkumarachandana
visaldine
Vikasitha
Mihiran
thavisha
භානුක
reza
shevan
nuran
kasunx
kumaratarat
Siyapath
Amila Rathnayake
සහන්
18 posters
Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-21, 4:42 pm
ඇස් ගාව නවතින්න
පිං පිරුව
හිත ගාව තනිවෙන්න
කල් මැරුව
උණුහුමේ සිරියහනේ
නිදි වැරුව
මං තාම තනිකඩයි
නුඹ නැතුව

සිත් අහසෙ ඉඩ මදිව
ගතු කීම
සිරියහනේ උණුහුමත්
මදි වීම
ඇයි ආවේ නොකියාම
හැම රෑම
නොකියාම යන බවත්
දැන දැනම
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-24, 10:16 pm
Message reputation : 100% (1 vote)
හිත පිරේන ජීවිතය
නුඹේ ඇස් තුල සොයන්

ගත සොයන උනුසුමට
නුඹේ කොපුල් මත සොයන්

තැනු පොඩි කූඩුවේ
නුඹ සතපවා තියන්

ජිවිතය පතන්නම්
ඉගිලිලා නම් නොයන්
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7349
Member Since : 2016-03-31

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-26, 1:33 pm
හිත පිරෙන ජීවිතය
මා හටද නුඹම නම් ...

ගත සොයන උණුසුමද
නිරතුරුව ලැබේනම් ...

නුඹේ පොඩි කූඩුවේ
සදෙව් සුව දැනේ නම් ...

කුමට ඉගිලී යම්ද
සදාකල් රැඳෙම් මම් ...
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-26, 6:48 pm
Message reputation : 100% (1 vote)
සඳ කිරණ මත සුමුදු
ගත සතපවන්නම්

තරු එළිය සෙවනේ හිද
පෙම් කවි කියන්නම්

හිරු ඉල්ලුවත් නුඹට
නිසැකව ගෙනෙන්නම්

නුඹ මගේ වුන දාට
ලෝකෙම දිනන්නම්
suk love
suk love
+ 100 Posts
City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 6705
Member Since : 2015-08-18

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-26, 8:29 pm
සම්මත යැයි සම්මත ලෝකයක අසම්මත යැයි සම්මත ප්‍රේමය හැමදාම අපිට සම්මතයි යාළුවා.........
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-27, 7:27 am
suk love wrote:සම්මත යැයි සම්මත ලෝකයක අසම්මත යැයි සම්මත ප්‍රේමය හැමදාම අපිට සම්මතයි යාළුවා.........

සඳ තනිවෙලා මුල්ම කවිය


අසම්මතලු ප්‍රේමය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
නුඹ මගේ වුනිසා. . .

අසම්මතලු රාගය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
නුඹම විතරක් නිසා. . .

අසම්මතලු ජීවිතය
පොඩිමල්ලියේ ලොවට
සම්මතයි මටනම්
ජීවිතය නුඹ නිසා. . .
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7349
Member Since : 2016-03-31

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-27, 10:46 am
Message reputation : 100% (1 vote)
සහන් wrote:සඳ කිරණ මත සුමුදු
ගත සතපවන්නම්

තරු එළිය සෙවනේ හිද
පෙම් කවි කියන්නම්

හිරු ඉල්ලුවත් නුඹට
නිසැකව ගෙනෙන්නම්

නුඹ මගේ වුන දාට
ලෝකෙම දිනන්නම්


සඳ කිරණ කුමට මට
නුඹෙ පහස ලැබේ නම් ...

තරු එළිය සෙවනෙ හිඳ

නුඹේ කවි අසන්නම් ...

මගෙ පුංචි ලෝකයට

හිරු දෙවිඳු ඔබම නම් ...

මා නුඹේ වන දිනය

තෙක් ඇඟිලි ගනින්නම් ...
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-27, 1:56 pm
ලස්සනයි සජිත්.
තව පිලිතුරු කවියක් ලිව්වොත් මට පොඩ්ඩගෙන් ගුටි කන්න වෙනවා. lmao lmao
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7349
Member Since : 2016-03-31

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-06-27, 6:09 pm
සහන් wrote:ලස්සනයි සජිත්.
තව පිලිතුරු කවියක් ලිව්වොත් මට පොඩ්ඩගෙන් ගුටි කන්න වෙනවා. lmao lmao

හැමදාම ඔයාගෙ පොඩ්ඩත් එක්ක ආදරෙන් ඉන්න සහන්. ඔයාලා දෙන්නගේ ආදරේ සමරිසි පෙම්වතුන්ට පරමාදර්ශයක්

bowbow
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13758
Member Since : 2013-01-29

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

2016-09-01, 10:58 am
ඉස්සර ඇස්වල 
තිබිච්ච ලස්සන
ඉස්සර වාගෙම 
තියෙන නිසා

ඉස්සර වාගේ 
පිරිලා ඉතිරුනු
සෙනෙහස කෝ අද
වෙනස් වෙලා

හැමදා තුරුලේ
සිරවි සැතපුන
උනුහුම පෙර ලෙස
නැතිද නුරා

අප නෙතු අතරින්
ලෝකය මැව් අපි
කිම අද මහමග
නතර වෙලා
Sponsored content

සඳ තනිවෙලා. . . . - Page 8 Empty Re: සඳ තනිවෙලා. . . .

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum